Ads 468x60px

.

පින්තුරයක කතාව...

මේ දැක්වෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිසුන් පිරිසක්  විසින් මහපාරේ කරන විරෝධතාවයකි. 

සිසුන් හැට දෙනකුගේ පන්ති තහනම ඉවත් කරන්නැයිද ඔවුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසිකිරිම වහා ඉවත් කරන්නැයිද, සිසු මර්දනය වහා නතර කරන්නැයිද, පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත නොකරන්නැයිද ඔවුහු ඉල්ලති. ලංකාවේ විශ්වවිද්‍යාල වලට ගොස් අධ්‍යන කටයුතු වෙනුවට මහපාරේ කාලකන්නි වන මේ ශිෂ්‍ය ජිවිත කිසිම හැකියා වර්ධනයකින් තොරව උපාධි නිම කොට රජයේ රැකියා සිඟමන් අයදිති. 

භාෂා දැනුම පරිගණක දැනුම, නායකත්ව හැකියා නොමැති මේ අයාලේ ගිය මෙම මානව සම්පත පුද්ගලික අංශයේ විධායක නිලධාරීන් හඳුන් වන්නේ සෝම්බි හෙවත් ජිවත්වන මළවුන් ලෙසටය. එම නිසා මේ සෝම්බි වරුන්ට පුද්ගලික අංශයේ රැකියා දොර වසා තිබේ. 

මේ නිසා ආණ්ඩුවේ පිනට ලබාගන්නා කළමනාකාර සහකාර යන නමින් හැඳින්වෙන තනතුරු වලට පත් වන මොවුන් ඉන්පසු කරන්නේ අයිස් ගැසීමයි. මේ දක්වා බඳවාගත් නොමල මළවුන්ගෙන් රාජ්‍ය අංශයට කිසිදු එලදයිතාවක් එක්වී නැත. ඔවුන්ට වැටුප් ලෙස පින් පඩි ගෙවන්නේ මේ රටේ මහ ජනතාවගේ මුදල්ය.  

ඒ නයින් බලන කල බටහිර රටවලට ගොස් කුසලතා වර්ධනය ලබාගත්  ගුණදාස අමරසේකර, නලීන් ද සිල්වා, වාසුදේව, එස් බී දිසානායක, සෝමවංස අමරසිංහ, කුමාර් ගුණරත්නම්, විමල් වීරවංස යන පුද්ගලයන්ගේ දරුවන් මේ පාරේ ලගින සෝම්බි වරුන්ට වඩා ඉදිරියෙන් සිටිති. 

එහෙත් අභාග්‍යකට මෙන් තම දරුවන් ලත් වරප්‍රසාද මහපාරේ කාලකන්නි වන මේ ජිවිත වලට ලබා දීමට කිසිවෙකු ක්‍රියා නොකරන්නේ මන්ද ? බටහිර අධ්‍යාපනය ලැබූ තම දරුවන් සහ සෝම්බිවරුන් අතර සදාකාලික පරතරය අවශ්‍ය නිසාද ?

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails