Ads 468x60px

.

අද (21) පස්වරු 4.41ට අවසන් වුනු මායාවරුන්ගේ කැලන්ඩරය...

2012 ලෝක විනාශය ගැන පදනම් වන එකම කාරණය වන්නේ මායාවරුන්ගේ කැලැන්ඩරය පමණයි. 

ඒත්, මායාවරුන් සඳහන් කර ඇත්තේ මේ වසරේ දී දුෂ්කර යුගයක් අවසන් වී නව යුගයක් ඇරඹෙන බව විනා ලෝක විනාශයක් ගැන නොවේ.

මායාවරුන්ගේ කැලන්ඩරය වසර 5125.26 කට පසුව අවසන් වීමට තිබුනේ අද ග්‍රිනිජ් වේලාවෙන් 11:11 ටය. 

එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 4.41 ටය. නව කැලන්ඩරයක් ආරම්භ වීම නිමිත්තෙන් එය සමරා මේ වනවිට ගෝතමාලාවේ මායා වරුන් තමන්ගේ සැමරීම් ආරම්භ කර තිබෙනවා.

ඒවායේ ජායාරූප කිහිපයක් පහතින්.

වෙල්ගමට හැම මාසෙකම 20 ඉඳන් 28 වෙනකං නින්ද යන්නෙ නැතිලු...

අපි දෛනික ආදායම මිලියන 550ක් හම්බකරනවා...

ශී‍්‍ර ලංගම සේවකයින්ට වැටුප් ගෙවාගන්නේ කොහොමදැයි හැම මොහොතකම තමන් කල්පනා කරන බවත් සෑම මාසයකම 20 වැනිදා සිට 28 වෙනතෙක් තමන්ට හරියට නින්ද යන්නේ නැති බවත් ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසනවා.

අපි කෙළින්ම සේවකයින්ගේ ගිණුමට රුපියල් දහදහස් එකසීයක් බැර කරනවා. ඉතිරි මුදල ගෙවන්න විතරයි ඩිපෝවලට තියන්නේ. සමහර ඩිපෝවල ඒක හරියට කෙරෙන්නේ නැහැ. සේවකයින්ගේ වැටුප නියමිත වෙලාවට ගෙවා ගන්න බැරි බවද වෙල්ගම මහතා පවසනවා.

අපි ඩිපෝවලට ටයර්, බැටරි දෙනවා. ඉතිරි ආදායම ඩිපෝව මගින් හම්බකරන්න  ඕනේ. මගීන් කිසි කෙනෙක්

මායාවරුන් කියු අනාවැකිය ගල් පැලෙන බොරුවක්‌ද

අඳුරු ධූමකේතුවක්‌ පෘතුවියේ ගැටෙන්නේද...

සුපිරි ගිනිකන්දක දූවිලි වලාවන් ගැනද අනතුරු ඇගවීමක්‌...

මායාවරුන්ගේ දින දර්ශනය අනුව ලෝක විනාශය සිදුවන බව දක්‌වා ඇත්තේ අද එනම් දෙසැම්බර් 21 වැනිදායි. එහෙත් ඇමරිකානු නාසා ආයතනය පවසන්නේ කිසිදු උල්කාපාතයක්‌ හා ග්‍රහයෙක්‌ පෘතුවිය දෙසට එන බවට නිරීක්‍ෂණ්‍ය වී නැති බවයි.

එසේ වූවත් විද්‍යාඥයන් පවසන්නේ ස්‌වභාවික උපද්‍රව තුළින් ලෝක විනාශයට මග පෑදී ඇති බවයි. අඳුරු ග්‍රහයන් - වසංගත - සුපිරි ගිනිකඳු හා දේශගුණික විපර්යාස වැනි විපත් ඊට නිදසුන් බවද ඔව්හු කියයි.

අභ්‍යවකාශ භූවිද්‍යාඥ මහාචාර්ය ජොස්‌ලින් මෙල් බර්න්ලි විශ්වාස කරන්නේ ලෝක විනාශයක්‌ සිදුවන්නේ අඳුරු ධූමකේතයන් නිසා බවයි.

මෙම අඳුරු ධූමකේතුන් තුළ සුළු වශයෙන් අයිස්‌ හා හිම ඇති අතර වැඩි වශයෙන් ඇත්තේ දූවිලි වේ. අභ්‍යවකාශය තුල වේගයෙන් ගමන් කරන මේ අඳුරු ධූමකේතු හඳුනා ගැනීම දුෂ්කර

ගීතා, ඇමැති වීරකෝන් අතර උණුසුම් වචන හුවමාරුවක්...

මා මේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කළේ ජනාධිපතිතුමා...

මාත් මේ ආසනයේ සංවිධායකවරිය ලෙස පත්කළේ ජනාධිපතිතුමා තමයි...

නැවත පදිංචි කිරීමේ අමාත්‍ය  ගුණරත්න වීරකෝන් අමාත්‍යවරයා සහ බෙන්තර ඇල්පිටිය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ගීතා කුමාරසිංහ මහත්මිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවි තිබෙනවා.

ඇල්පිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ‍්‍රවණාගාරයේදී පැවති, ඇල්පිටිය ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම ගැටුම සිදුවී තිබෙනවා.

ගුණරත්න වීරකෝන් මහතාගේ සහභාගිත්වයෙන් පැවති එම රැස්වීම අවසානයේදී, ඇල්පිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පත්වීම් ලබා ඇති කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ උපාධීධාරීන් 28 දෙනකුට මෙතෙක් ස්ථීර පත්වීම් ලබාදී නැතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම වචන හුවමාරුව සිදුවුනා.

මේ කතා බහ දෙදෙනා අතර ඉතා උණුසුම්කාරී ලෙස දිගු වේලාවක් සිදුවී ඇති අතර, ඒ වනවිට එහි සිටි රාජ්‍ය නිලධාරීහූ ගොළුවත රකිමින් තුෂ්නීභූතව බලා සිට ඇත.


එම උණුසුම් වචන හුවමාරුව පහතින්...

අද ලෝක විනාශය ගැන විද්‍යාත්මක සාක්‍ෂි නෑ - චන්දන ජයරත්න

'විශ්ව භීතිකා' රෝගය ලොව පුරා පැතිරිලා...

අඳුරු ධූම කේතුවක්‌ පෘථිවිය වෙත ඇදී ඒමේ ඉඩක්‌...
 
මෙරට වේලාවෙන් අද (21 වැනිදා) පස්‌වරු 4.41 ට සිදුවෙතැයි පැවසෙන ලෝක විනාශයක්‌ පිළිබඳව කිසිදු විද්‍යාත්මක සාක්‍ෂියක්‌ නොමැති බව අවධාරණය කරන කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ඒ පිළිබඳ කිසිදු බියක්‌ හෝ සැකයක්‌ ඇති කර නොගන්නා ලෙස ජනතාවට දන්වා සිටිනවා. 

මේ පිළිබඳ මාධ්‍ය මගින් නිරන්තරයෙන් ප්‍රචාරය වීම නිසා කොස්‌මොෆොභියා (විශ්ව භීතිකාව) නමැති රෝගය ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවත් හෙතෙම පැවසුවා. 

නාසා ආයතනය, ලොව පුරා සිටින විද්‍යාඥයන් සහ ඇමරිකානු රජය ඒ පිළිබඳව විද්‍යාත්මකව තහවුරු කර ඇති බවත්, මායාවරුන්ගේ වත්මන් නායකයා ද එවැනි විනාශයක්‌ සිදු නොවන බව අවධාරණය කර ඇති බවත් චන්දන ජයරත්න මහතා පැවසුවා.

එහෙයින් මෙම ලෝක විනාශය පිළිබඳ මතය සබන් බුබුලක්‌ වැනි මිත්‍යාවක්‌ බවද හෙතෙම
පැවසුවා.

පැය හයක්‌ තිස්‌සේ මිතුරියව තනි නොකළ සුනඛයා

මට මේ සිද්ධිය දැක ඇඬුනා...

චීනයේ පූජින් ප්‍රාන්තයේ සැන්වුන් මාර්ගයේ ගමන් කළ සුනඛයන් දෙදනකුගෙන් එක්‌ සුනඛයෙක්‌ වාහනයක ගැටී මියගියත් අනික්‌ සුනඛයා පැය හයක්‌ තිස්‌සේ එම ස්‌ථානයෙන් ඉවත් වූයේ නෑ. 

එම සුනඛයා මියගිය බැල්ලියව අවදි කර වීමටද උත්සාහ කළා. මේ හැඟුම්බර සිද්ධිය චීන ඡායාරූප ශිල්පියකු විසින් ඡායාරූප ගත කරනු ලැබුවා. මට මේ සිද්ධිය දැක ඇඬුනා යෑයි මාර්ගයේ වෙළෙන්දකු වන සියාම්වු පැවසුවා. වාහනයට ගැටී මියගොස්‌ ඇත්තේ බැල්ලියයි.

තම පෙම්වතිය නැඟිටුවා ගැනීමට පැය 6ක් උත්සාහ ගත් එම සුනඛයා පිළිබඳව අසල පිහිටි වෙළඳසැලක හිමියෙකු ප්‍රකාශ කර තිබුනේ වේගයෙන් ඇදී එන වාහන වලින් බේරෙමින් තම මිතුරිය නැඟිටුවාගැනීමට එම සුනඛයා අපමණ වෙහෙසක් ගත් බවයි.

එම අවස්ථාවේ ඒ අසලට ගිය ඔහුට සුනඛයාගේ දෑස් කඳුලින් පිරී තිබූ බවද ඔහු ප්‍රකාශ කර තිබුණා. තම බිරිඳ අමු අමුවේ නිදි යහනේ මරා දමන තිරිසන් මිනිසුන් සිටිනා යුගයක මෙම සිද්ධිය එම නොමිනිසුන්ටද ආදර්ශයකි. 


එහි ජායාරූප පහතින්.

ලෝක විනාශය බුදුන් වහන්සේ දැකපු හැටි...

ධර්මතාවයට අනුව ‘ලෝකයේ ආරම්භයත් ලෝකයේ විනාශයත්’ සිදුවෙනවා.

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන කාලයේදී පවා ලෝකය හා විශ්වය ගැන දැන ගැනීමට උනන්දු වූ භික්‍ෂූන් වහන්සේලා හා බ‍්‍රහ්මණ ආදී විවිධ පුද්ගලයන්, ලෝකයේ ආරම්භය හා විනාශය ගැනත්, මෙවැනි තවත් ග‍්‍රහ ලෝක විශ්වයේ ඇද්ද යන්න ගැනත් බුදුන්වහන්සේගෙන් කරුණු විමසා තිබෙනවා.

විශ්වය හා සත්වයා ගැන අපරිමිත දැනුමක් බුදුන්වහන්සේට තිබුණත් එවැනි අවස්ථාවල උන්වහන්සේ ඒ ගැන කරුණු කියාදීමට එතරම් කැමැත්තක් නොදැක්වූහ. 

එහිදී උන්වහන්සේ වදාළේ, ‘‘බුදුවරයෙකු ලොව පහළවන්නේ විශ්වය ගැන සෙවීමට නොව, අනන්ත අපරිමිත සංසාර භවයන්හි ඉපිද ඉපිද, මැරි මැරි දුක්විඳින සත්වයා මේ සංසාර කතරින් එතෙර වීමට මග පෙන්වීමට’’ බවයි.

ලෝක විනාශය ගැන විවිධ අසත්‍ය ප්‍රචාර පැතිරීමට ඉඩ ඇති හෙයින් බුද්ධිමත්ව කටයුතු කරන්න..

කටකතා වලින් 50% ක් පමණක් සත්‍යවේ...

අද දිනයේ ලෝක විනාශයක් වන බවට කිසිදු හෝඩුවාවක් නොමැති අතර ඒ පිළිබඳව වන සෑම තොරතුරක්ම ඔබට ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා.අද දෙසැම්බර් 21 දායි. ලෝකයේ බොහෝ දෙනෙකු අද දිනය ගැන උනන්දු වෙනවා. 

ඒ ලෝක විනාශය අද වන බවට පැතිර තිබූ කටකතා නිසාය. කෙසේ වුවද 21 වනදායින් පසුව ලෝකය දින 3ක් අඳුරු වන බවට තිබෙන කටකතා වලින් 50% ක් පමණක් සත්‍යක් වෙනවා. 21 වනදායින් පසුව පැය 12 බැගින් දින 3ක් ලෝකයම අඳුරු වෙනවා. එයට අප කියන්නේ රාත්‍රියයි.  

කෙසේවුවද මායාවරුන්ගේ කැලන්ඩරය හා දෙසැම්බර් 21 වනදාට ඇති සම්බන්ධය පිළිබඳව Ancient Aliens වාර්තාමය වැඩසටහන් මාලාවේ 4 වන කොටසේ සඳහන්වූ විස්තරය පහතින්.