Ads 468x60px

.

පැය හයක්‌ තිස්‌සේ මිතුරියව තනි නොකළ සුනඛයා

මට මේ සිද්ධිය දැක ඇඬුනා...

චීනයේ පූජින් ප්‍රාන්තයේ සැන්වුන් මාර්ගයේ ගමන් කළ සුනඛයන් දෙදනකුගෙන් එක්‌ සුනඛයෙක්‌ වාහනයක ගැටී මියගියත් අනික්‌ සුනඛයා පැය හයක්‌ තිස්‌සේ එම ස්‌ථානයෙන් ඉවත් වූයේ නෑ. 

එම සුනඛයා මියගිය බැල්ලියව අවදි කර වීමටද උත්සාහ කළා. මේ හැඟුම්බර සිද්ධිය චීන ඡායාරූප ශිල්පියකු විසින් ඡායාරූප ගත කරනු ලැබුවා. මට මේ සිද්ධිය දැක ඇඬුනා යෑයි මාර්ගයේ වෙළෙන්දකු වන සියාම්වු පැවසුවා. වාහනයට ගැටී මියගොස්‌ ඇත්තේ බැල්ලියයි.

තම පෙම්වතිය නැඟිටුවා ගැනීමට පැය 6ක් උත්සාහ ගත් එම සුනඛයා පිළිබඳව අසල පිහිටි වෙළඳසැලක හිමියෙකු ප්‍රකාශ කර තිබුනේ වේගයෙන් ඇදී එන වාහන වලින් බේරෙමින් තම මිතුරිය නැඟිටුවාගැනීමට එම සුනඛයා අපමණ වෙහෙසක් ගත් බවයි.

එම අවස්ථාවේ ඒ අසලට ගිය ඔහුට සුනඛයාගේ දෑස් කඳුලින් පිරී තිබූ බවද ඔහු ප්‍රකාශ කර තිබුණා. තම බිරිඳ අමු අමුවේ නිදි යහනේ මරා දමන තිරිසන් මිනිසුන් සිටිනා යුගයක මෙම සිද්ධිය එම නොමිනිසුන්ටද ආදර්ශයකි. 


එහි ජායාරූප පහතින්.











මීට මාස 2කට පමණ පෙර රුසියාවේ Filippovka ගම්මානයෙන්ද මෙවැනිම පුවතක් වාර්තා වුණා. ඒ එකම රැලේ සිට රිය අනතුරකින් මිය ගිය තම සොඳුරියගේ සිරුර ළඟට වී කිසිවකුටත් ළංවීමට නොදි රැකවල්ලා දා සිටින සුනඛයෙකු පිළිබඳවයි.

මේ දෙදෙනා රෝමියෝ ජුලියට් වගේ යැයි ගැමියෝ පැවසූ අතර තම මිතුරිය මියයෑමෙන් පසු සතියක් තිස්සේ ඇගේ සිරුර ළඟ අනෙක් සුනකයා තනි රැක තිබෙනවා.

අධික සීතල නිසා සිරුර නරක් නොවී පැවති අතර තම ඉදිරිපස ගාත්වලින් විටෙක බැල්ලිව නැගිටුවන්නට එම සුනඛයා නොගත් උත්සහායක් නැති බවයි වාර්තා වුනේ

එම ජායාරූප හා වීඩියෝව පහතින්.


 




 
Related Posts with Thumbnails