Ads 468x60px

.

යුරේනිගෙයි අකිලගෙයි අදර සම්බන්ධයක් තියෙනවා කියන්නේ ඇත්තද..?

ඒවා ගැන මම කතා කරන්න කැමති නෑ ,අපි හොඳ යාළුවෝ වෙලා හිටියා...අකිල
 
එයා මිත්‍රකමක් දැන් නෑ කියලා කියනවානම් එහෙම වෙන්න ඇති...යුරේනි  
 
කාලයත් එක්ක හැමදෙයක්ම වෙනස් වෙනවානේ . ඒ ගැන කතා නොකර ඉමු...දෙදෙනාම
 
කලා ක්ෂේත්‍රයේ දිනෙන් දින නිරන්තරව ඇතිවෙන කටකතා අතර මෙවර කතා බහට ලක් වී ඇති යුවලක් වන්නේ නව පරපුරේ ජනප්‍රිය නළු නිලි දෙපළක් වන අකිල සඳකැලුම් සහ යුරේනි නොෂිකා පිළිබඳවයි.එසේම ඔවුන් දෙපළ එකට රඟපෑ ටෙලි නාට්‍යක් වන්නේ ‘කින්දුරන්ගනා ‘ටෙලි නාට්‍යයයි .
 
සතිඅන්ත පුවත්පතකට ඔවුන් ලබා දුන් පිළිතුරු දෙස බැලීමේදී අතීතයේ ඔවුන් දෙපලගේ මිතුදම මේ වන විට දුරස් වී ඇති බව හැඟී යනවා. මේ ඔවුන් ඒ සම්බන්ධයෙන් දැක් වූ අදහසුයි.

බැට්මෑන් මංගල දර්ශනයේදී ම 14 ක් මරුට ( Video )

14 දෙනෙකු මියගොස් ...
තවත් 35 දෙනෙකු තුවාල...

බැට්මෑන් චිත‍්‍රපට මාලාවේ නවතම චිත‍්‍රපටය වන බැට්මෑන් ඩාර්ක් නයිට් රයිසස් චිත‍්‍රපටයේ මංගල දර්ශනයට කඩා වැදුණු තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.

සේමිණි ඉද්දමල්ගොඩට ලොකු අතපසුවීමක්...

අනේ මට මේ අවස්ථාවට ආරාධනා කරපු ටෙනිසන් එදිරිසිංහට සුබපතන්න බැරිවුණා.

සේමිණි ඉද්දමල්ගොඩ අපට සිටින දක්ෂ නිළියක්. පසුගිය දවසෙක සේමිණිට ලොකු අතපසුවීමක් වෙන්නට ගිය බව අපිට ආරංචි වුණා. ඒ අපේ ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් වන ටෙනිසන් එදිරිසිංහගේ ‘සිහින සේයා’ ඡායාරූප ප්‍රදර්ශනයේ මාධ්‍ය හමුවේදී. මේ මාධ්‍ය හමුව පැවැත්වුණේ බොරැල්ලේ නාමෙල් මාලිනී පුංචි තියටරයේ.

මෙන්න කටුගෙයි හොරා , අපි හොයනවා - පොලිසිය...

දත් මඳක් ඉදිරියට නෙරා ඇති දෙඅත්වල ඝනව රෝම වැවීලා...

නිවැරදි තොරතුරු සපයන්නෙකුට රුපියල් 1,000,000 ක්...

මාස හතරකට පමණ පෙර කොළඹ ජාතික කෞතුකාරාගරයේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් ඕනෑ කරන සැකකරුවෙකු හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.

ලංකාවත් සමලිංගිකයන්ගේ පාරාදීසයක් වෙලා

නංගි අද රෑ ඔයා මාත් එක්ක ඉන්නවා නේද? 
අද රෑ අපි චිත්‍රපටියක් බලමු...

කොල්ලෙක් එක්ක පැනල යනවනම් කමක් නැහැ...දෙමවුපියන්

පසුගිය දිනක කොළඹ පොලිස් හදිසි ඇමතුම් අංශය වන 119 දුරකථන අංකයට කිසියම් තොරතුරක් ලැබුණි. ඒ මාතර ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපිට පිරිමියෙක් කාන්තාවකට පහරදෙන බව පවසමින්.ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ජංගම මුර සේවයේ නිරතවූ පොලිස් නිලධාරීන් දෙදෙනා රණ්ඩු කල යුවළ මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත් ඉදිරිපත්කොට ඇත.