Ads 468x60px

.

මෙන්න කටුගෙයි හොරා , අපි හොයනවා - පොලිසිය...

දත් මඳක් ඉදිරියට නෙරා ඇති දෙඅත්වල ඝනව රෝම වැවීලා...

නිවැරදි තොරතුරු සපයන්නෙකුට රුපියල් 1,000,000 ක්...

මාස හතරකට පමණ පෙර කොළඹ ජාතික කෞතුකාරාගරයේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් ඕනෑ කරන සැකකරුවෙකු හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.


සැක කටයුතු පුද්ගලයා පින්තූරයේ හැඩරුවට සමාන වන අතර මුහුණේ කුරුලෑ පිහිටි වයස අවුරුදු 30-35 ත් අතර වන උස අඩි 05 අඟල් 06 ක් පමණ වන  දත් මඳක් ඉදිරියට නෙරා ඇති දෙඅත්වල ඝනව රෝම වැවී ඇති බව සඳහන්ය.

අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් පහත සඳහන් දුරකථනයන් ඔස්සේ කරුණු ලබා දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඉල්ලා සිටී.

0112 422176, 0722 117620, 0112 320141 – 5, 0112 380380, 0773 291500, 0770 888539, 0783 862214 යන දුරකතන අංක මඟින් තොරතුරු ලබා දිය හැකි බව පවසන පොලීසිය එහි රහස්‍ය භාවය ආරක්ෂා කරන බවත් නිවැරදි තොරතුරු සපයන්නෙකුට රුපියල් 1,000,000 ත්‍යාග මුදලක් ප්‍රදානය කරන බවද කියා සිටී.
 
Related Posts with Thumbnails