Ads 468x60px

.

සේමිණි ඉද්දමල්ගොඩට ලොකු අතපසුවීමක්...

අනේ මට මේ අවස්ථාවට ආරාධනා කරපු ටෙනිසන් එදිරිසිංහට සුබපතන්න බැරිවුණා.

සේමිණි ඉද්දමල්ගොඩ අපට සිටින දක්ෂ නිළියක්. පසුගිය දවසෙක සේමිණිට ලොකු අතපසුවීමක් වෙන්නට ගිය බව අපිට ආරංචි වුණා. ඒ අපේ ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් වන ටෙනිසන් එදිරිසිංහගේ ‘සිහින සේයා’ ඡායාරූප ප්‍රදර්ශනයේ මාධ්‍ය හමුවේදී. මේ මාධ්‍ය හමුව පැවැත්වුණේ බොරැල්ලේ නාමෙල් මාලිනී පුංචි තියටරයේ.

මේ අවස්ථාවට සහභාගි වෙන්න කියලා ටෙනිසන් එදිරිසිංහගෙන් මාධ්‍යවේදීන්, කලාකරුවන් හිතවතුන් රැසකට ආරාධනා ලැබුණා. මේ අතර අපේ ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩටත් ආරාධනා ලැබුණා.

සේමිණිට මෙම හමුවට පැමිණීමට තදින්ම අවශ්‍යතාව තිබුණත් කාර්යබහුලත්වය නිසා ඇය පැමිණෙන විට මාධ්‍ය හමුව නිමාවට පත්ව තිබුණා. ඒ වුණත් කවදටත් මාධ්‍යවේදීන් සමඟ කිට්ටුවන්ත සේමිණී මේ අවස්ථාවට එක්වුණා.

මාධ්‍යවේදීන් සමඟ සතුටු සාමීචියේ යෙදී සිටි ඇය එහි රැඳී සිට පසුව රැස්ව සිටි සැමදෙනා හා කතාබහ කොට ඔවුන්ගෙන් සමුගෙන පිටත්ව ගියා.

එහෙත් ගිය සැණෙන් යළිත් පුංචි තියටරයට ගොඩවදින සේමිණි දුටු මාධ්‍යවේදීන් පුදුමයට පත්වුණා. හැමදෙනාගෙන්ම සමුගෙන පිටත්ව ගිය සේමිණි යළි පැමිණියේ ඇයි කියන කුතුහලය කාගේත් සිත්වලට ඇතුළු වුණා.

”අනේ මට මේ අවස්ථාවට ආරාධනා කරපු ටෙනිසන් එදිරිසිංහට සුබපතන්න බැරිවුණා. ඒ නිසයි නැවතත් ආවේ.” කියා සේමිණී පිළිතුරු දුන්නා. ඇය ටෙනිසන් එදිරිසිංහ ළඟට ගොස් ඔහුට සුබපැතුම් එක්කළා.
 
Related Posts with Thumbnails