Ads 468x60px

.

බැන්දට පස්සේ පබෝදාට මොකද වුනේ...

සති ගණන් පිට ගිහින් ඉන්න ඉඩ දෙන්නේ නෑ...
එහෙම නෑනලත් ඇති. ඒත් සුජානියි මමයි එහෙම නැහැ...

ජනප්‍රිය සම්මානනීය නිළි පබෝදා සන්දීපනී මීට මාස කිහිපයකට කළින් යුග දිවියට පිවිසුණු බව අපේ පාඨක හිතවතුන් දන්නවා.

විවාහයෙන් පසුව අපිට ඇගේ ජීවිතයේ අලුත් තොරතුරු දැනගන්නට ලැබුණෙ නැහැ. මොනවද පබෝදගේ අලුත් තොරතුරු කියලා රසික පිරිසත් විමසන්න හේතුවුණේ ඇගේ මේ නිහැඩියාව හින්දා. 

ඒ හින්දම අපි හිතුවා පබෝදට කතා කරන්න. සුපුරුදු ළෙන්ගතු බවින් යුතුවම පබෝදා අපිත් සමග එකතු වුණා.

ඉතින් කොහොමද පබෝදා. මොනවාද අලුත් ජීවිතේ අලුත්ම තොරතුරු.?

වැලිකඩ ගැටුම මෙහෙයවුයේ අනූශා සොනාලිගේ සැමියා සහ තවත් 4 දෙනෙක්ලු...

වැලිකඩ ගැටුමෙන්  මියගිය ගණන 27 තෙක් නගී... 

(විඩියෝ සහ ඡායාරූප)

සේනාධිනායකට වෙඩි තබා තිබෙන්නේ මාලන්...
 
බන්ධනාගාරයේ ආයුධ ගබඩාවෙන් ටී 56 අවි 68ක් පැහැරගෙන තිබෙන අතර ඉන් ඉතා සුලු ප්‍රමාණයක් හැරුනුකොට අනෙක් සියල්ල තවමත් සොයාගෙන නැති බව වාර්තා
වෙනවා.

මාලන් ඇතුලු පිරිසක් ප්‍රහාරය මෙහෙයවලා
(මාලන් යනු අනූශා සොනාලිගේ කලින් සැමියාය) 

වැලිකඩ බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි මාලන්,මහරගම කලු තුශාර තොටලග පොන්න කපිල ඇතුළු මත්කුඩු ජාවාරම්කරුවන් විසින් ප්‍රහාරය මෙහෙයවා ඇතැයි මූලික විමර්ශණ මගින් අනාවරණය වී තිබෙනවා. 

“මාලන්”නැමැත්තා කලකට පෙර ජනප්‍රිය සිනමා නිළියක වූ අනූශා සොනාලිගේ කලින් සැමියා  බවට පොලිසිය පවසනවා.

සේනාධිනායකට වෙඩි තබා තිබෙන්නේ මාලන්
ඊයේ(10)රාත්‍රී මාලන් තවත් පුල්ගලයින් කීප දෙනෙක් සමග පැහැරගත් ටී56 ගිනි අවි අතැතිව බන්ධනාගාරයෙන් එළියට බැස අසල වූ ත්‍රීවිලරයකට නැගී සතර අතට වෙඩි තබමින් පලා යන්නට උත්සාහ කොට තිබෙනවා.

අසභ්‍ය චිත‍්‍රපට නළුවන්ට කොන්ඩම් අනිවාර්යයි..

එත් කොන්ඩම් භාවිතා කරන චිත‍්‍රපට නැරඹීමට පේ‍්‍රක්ෂකයන් අකමැතිලු...

වැඩිහිටි චිත‍්‍රපට වල රඟපාන නළු නිළියන්ට දර්ශන ඉදිරිපත් කිරීමේ දී කොන්ඩම් භාවිතය අනිවාර්ය කරන නීතියක් ලොස් ඇන්ජලීස් හිදී සම්මත කිරීමට ඡන්දයක් මගින් හැකි වී තිබෙනවා.  

ඇමරිකානු අසභ්‍ය චිත‍්‍රපට නිෂ්පාදකයන් කුපිත වී මෙම නීතිය ආණ්ඩුක‍්‍රම විරෝධී යයි පවසමින් උසාවි යාමට සැරසෙනවා.

වැඩිහිටි නිෂ්පාදන හා විනෝද ව්‍යාපාර සංගමය යයි හදුන්වා ගන්නා සංවිධානයක් නළුවන්ට මෙසේ කොන්ඩම් පැලඳීම අනිවාර්ය කිරීමෙන් අසැබි චිත‍්‍රපට් නිෂ්පාදනය  කල නොහැකි ඇති වනු ඇතැයි කියන බව AFP වාර්තා කරනවා.

ඇමරිකාවේ මිලියන ගණන් වල ව්‍යාපාර සිදුවන මෙම කර්මාන්ත කරුවන් බිය වන්නේ කොන්ඩම් භාවිතා කරන චිත‍්‍රපට නැරඹීමට පේ‍්‍රක්ෂකයන් අකමැති වනු ඇති බවටයි. කොන්ඩම් යෝජනාව සම්මත කිරීමට ලැබුනු 55.9% වූ ඡන්ද ප‍්‍රතිශතය AIDS සෞඛ්‍ය පදනමේ මහත් සතුටට හේතු වී තිබෙනවා.

අළුතින් සොයා ගත් ”සුපිරි පෘථිවියේ” ජීවය..

ජීවත් විය හැකි කලාපයක පවතී..
එම කලාපය තුල ජලය පැවතිය හැකිය...

පෘථිවිය මෙන් 7 ගුණයක තරම් වත් ස්කන්ධයක් ඇති ජීවයට සුදුසු යයි අනුමාන කෙරෙන තවත් ග‍්‍රහ ලොවක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන්ට හැකිවී තිබෙනවා.

HD 4037 අඟටු මිටි තාරකාවට ග‍්‍රහලෝක 6ක් අයිති වන අතර ඉන් එකක් මානව ජීවයට සුදුසු විය හැකි යයි විශ්වාස කරනවා. එය ආලෝක වර්ෂ 44 ක් තරම් දුරින් පිහිටා ඇති අතර පෘථිවිය මත දුරදක්න වලින් නැරඹීමට හැති වෙතැයි තාරකා විද්‍යාඥයන් කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා.

සුපිරි පෘථිවිය ලෙස නම් කර ඇති මෙම ග‍්‍රහ ලෝකය  සූර්යාගේ සිට සැතපුම් මිලියන 558 ක් තරම් දුරකින් ඇති නිසා ජීවත් විය හැකි කලාපයක පවතී. එම කලාපය තුල ජලය පැවතිය හැකිය.

මිරර් ඩොට් එල්කේ (Mirror.lk).....නව පාලනධිකාරියට පොලු තියයි! රහස් පොලිසිය පරික්ෂණ අරඹයි..

කොන්ත්‍රාතු සදහා මුදල් ‍රැස් කිරිම ඇතුලු චොදනා ‍රැසක් මිරර් වෙබ් අවියේ අධ්‍යක්ෂක මණ්ඩලයට..

රුපියල් මිලියන 20කට අධික මුදලක් ලබා ගනිමින් නව පාලනධිකාරිය සමග ගිවිසුමකට එළඹි මිරර් ඩොට් එල් කේ (Mirror.lk)ඇතුලු වෙබ් අවි තුනක් පවත්වාගෙන ගිය ද තින්ක් ටැන්ක්(The Think Tank (Pvt) Limited) නැමති ආයතනය නව පාලන ධිකාරියට මුදල් වංචාවක් සිදුකොට ගිවිසුමද කඩා දමා තනි මතයට කටයුතු කරමින් වංචා කිරිම සම්බන්ධයෙන් නව පාලනධිකරණය රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

ද තින්ක් ටැන්ක් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ ප්‍රධානි සහ මිරර් වෙබ් අවියේ ප්‍රධාන කතෘ ලෙස කටයුතු කරන කැලුම් ශිවන්ත සහ එහි උප කතෘවරිය ලෙස කටයුතු කරන ශානිකා ජයසේකර ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩලය මෙම මුදල් වංචාව සිදුකර ඇති බවද අනාවරණය වි තිබේ.

මගේ මහත්තයාට වෙඩි තියාගෙන මැරෙන්න තරම් හේතුවක් තිබුනේ නෑ..

මගේ මහත්තයට කිසිම ප්‍රශ්නයක්‌ 
කරදරයක්‌ තිබුණෙ නෑ. 

මමත් දරුවො තුන්දෙනත් ඉදිරියේ 
වෙඩි තියාගෙන මැරෙන්න 
තරම් ප්‍රශ්නයක්‌ මහත්තයට 
තිබුණෙ නෑ...

මගේ මහත්තයට සිදුවූ විපත ගැන මට අදහාගන්න බෑ. අනේ දෙවියනේ මමත් මේ නොදරුවන් තුන්දෙනත් මේ ලෝකෙ තනි වුණා. 

යෑයි ඇල්පිටිය පොලිසියේ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක බී. ඩී. එල්. එල්. බුදාගොඩ මහතා වෙඩි තබාගෙන මිය යැමේ ශෝකය දරාගත නොහැකිව විලාප තබමින් බුදාගොඩ මහතාගේ බිරිඳ වන ශිරෝමනී ප්‍රියංකා වීරසිංහ (38) මහත්මිය පවසනවා.

මෙසේ ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ ඇල්පිටිය පොලිසියේ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක වශයෙන් සේවය කළ බී. ඩී. එල් එල්. බුදාගොඩ මහතාය.

විලාප තබමින් ශිරෝමනී මහත්මිය මෙසේ පැවැසුවා. 


මගේ මහත්තය මීට වසර කිහිපයකට පෙර දිනපතාම මත්පැන් පානය කළා. ඒත් දැන් කාලයක සිට මත්පැන් පානය කිරීම

සොබා දහම පෘථිවියම කළඹයි - ලෝක විනාශය අත ළඟද...?

මේ සුළි කුණාටු  සමයයි. ශ්‍රී ලංකාවට පමණක්‌ නොව ලෝකයේ බොහෝ රටවල් ඔක්‌තෝබර්, නොවැම්බර් දෙසැම්බර් කාල සලකනුයේ සුළි කුණාටු, භූ කම්පන, ජල ගැලීම් වැනි ස්‌වභාවික විපත් බහුල කාල පරිච්ඡේදයක්‌ ලෙසිනි. 

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 11 ක්‌ දරුණු සුනාමි ව්‍යසනයට ගොදුරු වූයේද 2004 දෙසැම්බර් 26 වැනිදා ය. ඔක්‌තෝබර් මාසයේ ගංවතුර, ජල ගැලීම්, නාය යැම් හා අකුණු අනතුරු ද ශ්‍රී ලංකාවට අරුමයක්‌ නොවේ. 

බංග්ලාදේශය තායිලන්තය, පිලිපීනය, ඉන්දියාව වැනි රටවල් ජල ගැලීම්වලින් හා සුළි කුණාටුවලින් වැඩි වශයෙන් පීඩා විඳින්නේද මේ කාලයේදීය. මේ අතර සුමාත්‍රා දූපත් කලාපයේ භූ කම්පන ද මේ කාලයේදී සාමාන්‍යයෙන් වාර්තා වේ.

‘නීලම්’  සුළි කුණාටුව

පසුගිය 27 වැනි සෙනසුරාදා ශ්‍රී ලංකා කාලගුණ දෙපාර්තමේන්තුව හදිසි නිවේදනයක්‌ මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය. එහි වූයේ බෙංගාල බොක්‌ක ආශ්‍රිතව අවපීඩන කලාපයක්‌ වර්ධනය වී ඇති බැවින් උතුරු නැගෙනහිර පළාත්වලට තද වැසි සමග තද සුළං ද ඇතිවිය හැකි අතර මුහුද රළු වන බැවින් ධීවර හා නාවික කටයුතු අවදානම් බවය.