Ads 468x60px

.

මිරර් ඩොට් එල්කේ (Mirror.lk).....නව පාලනධිකාරියට පොලු තියයි! රහස් පොලිසිය පරික්ෂණ අරඹයි..

කොන්ත්‍රාතු සදහා මුදල් ‍රැස් කිරිම ඇතුලු චොදනා ‍රැසක් මිරර් වෙබ් අවියේ අධ්‍යක්ෂක මණ්ඩලයට..

රුපියල් මිලියන 20කට අධික මුදලක් ලබා ගනිමින් නව පාලනධිකාරිය සමග ගිවිසුමකට එළඹි මිරර් ඩොට් එල් කේ (Mirror.lk)ඇතුලු වෙබ් අවි තුනක් පවත්වාගෙන ගිය ද තින්ක් ටැන්ක්(The Think Tank (Pvt) Limited) නැමති ආයතනය නව පාලන ධිකාරියට මුදල් වංචාවක් සිදුකොට ගිවිසුමද කඩා දමා තනි මතයට කටයුතු කරමින් වංචා කිරිම සම්බන්ධයෙන් නව පාලනධිකරණය රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

ද තින්ක් ටැන්ක් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ ප්‍රධානි සහ මිරර් වෙබ් අවියේ ප්‍රධාන කතෘ ලෙස කටයුතු කරන කැලුම් ශිවන්ත සහ එහි උප කතෘවරිය ලෙස කටයුතු කරන ශානිකා ජයසේකර ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩලය මෙම මුදල් වංචාව සිදුකර ඇති බවද අනාවරණය වි තිබේ.


අවස්ථා ගණනාවකදි විවිධ කාරනා ඉදිරිපත් කරමින් අදාළ මුදල ලබා ගැනිමට මිරර් අධ්‍යක්ෂක මණ්ඩලය කටයුතු කර ඇති අතර එම මුදල් ලබා ගැනිමට අදාල වාර්තා ‍රැසක්ද නව පාලනධිකාරිය විසින් රහස් පොලිසියට ඉදිරිපත් කර තිබෙන බවද වාර්තා වේ.

දැධි මුල්‍ය අර්බුදයකට මුහුණ දි සිටි මිරර් වෙබ් අවිය පසුගියදා නව සමාගමක් සමග ගිවිසුමකට එළඹුනු අතර දින කිහිපයක් යන්නට මත්තෙන් වෙබ් අවිය ගිවිසුමට බිඳ දමමින් කටයුතු කර ඇති අතර පසුව නව පාලනයටද නොදන්වා වෙබ් අධවියේ ක්‍රියාකාරිත්වයද සියතට ගෙන හිතුමතේ කටයුතු කර තිබේ.

ආණ්ඩුවට පක්ෂාග්‍රාහි බව පෙන්වමින් විපක්ෂයේ විවිධ ආණ්ඩු විරෝධි කොන්ත්‍රාතු සදහා මුදල් ‍රැස් කිරිම ඇතුලු චොදනා ‍රැසක් මිරර් වෙබ් අවියේ අධ්‍යක්ෂක මණ්ඩලයට එල්ල වි ඇති බවද වාර්තා වේ.

අවස්ථා ගණනාවකදිම වත්මන් ජනාධිපතිවරයා ඇතුලු රජයට විවිධ උපක්‍රම භාවිතා කරමින් අන්තර්ජාලය හරහා අසත්‍ය පැතිරවිමට මිරර් අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයන් සෘජුවම සම්බන්ධ බවට ද තොරතුරු අනාවරණය වි තිබේ.

විවිධ රටවල සිට ක්‍රියාත්මක වු මධ වෙබ් අවි සදහා තොරතුරු සැපයිමට මෙහුන්  සෘජුවම ක්‍රියාකර ඇති බවට ද තොරතුරු අනාවරණ වි තිබේ.
 
Related Posts with Thumbnails