Ads 468x60px

.

ගම්පහ මංකොල්ලයේ සමෘද්ධි නිලධාරියා මිනී මැරුමකුත් කරලා...

ගම්පහ නගරයේ මුල්‍ය සමාගමකට කඩාවැදී අයුධ පෙන්වා සේවකයන් බිය ගන්වා රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක් (රු. 18,000,000) වටිනා රන් ආභරණ සහ මුදල් කොල්ලකාගෙන පලා ගිය සන්නද්ධ කන්ඩායමක් පිලිබඳ පුවතක් වෙබ් අඩවි කිහිපයකම තොරතුරු වාර්තා වී තිබුණා...

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ වාහන ලීසිං හා රන් බඩු උකස් ගන්නා ආයතනයක් පවත්වාගෙන ගිය මූල්‍ය සමාගමක ගම්පහ ශාඛාවේ කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නෙලුව සමෘද්ධි මහා සංගමයේ ව්‍යාපෘති සහකාර නිලධාරී සමන්ත කුමාර මීට පෙර ඡන්ද සමයක සිදුවූ මීනීමැරුමකට සම්බන්ධ බවට ලැබුණු තොරතුරු ඔස්සේද පොලිසිය පරීක්ෂණ පවත්වමින් තිබෙන බවයි.

ඔහු කාලයක් රිමාන්ඩ් භාරයේද සිට ඇති බවට තොරතුරු අප වෙත වාර්තා වෙනවා. ඔහු අත්අඩංගුවට පත් වීමෙන් පසු මුද්‍රා තබා තිබූ නෙලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඔහුගේ මේස ලාච්චු හා ලොකරය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ අවසරය ඇතිව පෙරේදා (27) ගම්පහ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පරීක්ෂාකර තිබෙනවා.

නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ නිලධාරීන් තිදෙනකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන
තිබෙනවා. ඔහු අත්අඩංගුවට පත්වන විටදී ඔහුගේ ජංගම දුරකතනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ දමා ගොස් තිබෙනවා.

සැකකරු අත්ඩංගුවට පත්වීමෙන් පසු එම දුරකතනය ආරක්ෂාකාරීව තබන ලෙස මිතුරකුට දන්වා ඇතැයිද එම දුරකතනය තුබූ තැනින් රැගෙන වෙනත් තැනක තබන ලෙස ද ඔහු මිතුරාට පවසා ඇතැයිද පැවසෙනවා.

පොලිසිය විසින් ඊයේ (28) සොයාගනු ලැබූ ජංගම දුරකතනය සමග තිබූ අලුතින් ගෙනා ජංගම දුරකතන පෙට්ටි දෙක්ද හමුවී
තිබෙනවා. කෙසේ නමුත් ආයතන සංග්‍රය අනුව මෙවැනි රාජ්‍ය නිලධාරියෙකු සම්බන්ධයෙන් එම ආයතන විසින් අනුගමණයකළ යුතු අවම ක්‍රියාමාර්ගය හෝ තවමත් සමෘද්ධි දෙපාර්තමේන්තුව විසින් ගෙන නැතැයිද අප වෙත වාර්තා වෙනවා.

පෙරපුවත්

ගම්පහ කොල්ලයේ ප්‍රධාන සැකකරු සමෘද්ධි නිලධාරියෙක්
ගම්පහ නගරයේ මුල්‍ය සමාගමකට කඩාවැදී අයුධ පෙන්වා සේවකයන් බිය ගන්වා රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක් (රු. 18,000,000) වටිනා රන් ආභරණ සහ මුදල් කොල්ලකාගෙන පලා ගිය සන්නද්ධ කන්ඩායමේ ප්‍රධාන සැකකරු නෙලුව සමෘද්ධි මහා සංගමයේ ව්‍යාපෘති සහකාර ලෙස රාජකාරි කටයුතු කරන සමන්ත කුමාර නම් පුද්ගලයා බව වාර්තාවේ.

එම මුද්‍ය ආයතනයේ සවි කර තිබූ CC TVකැමරා මාර්ගයෙන් හඳුනාගෙන ඇති ඔහු මේ වනවිටත් අත්අඩංගුවටගෙ
සිටී.
නෙලුව හත්තිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන මොහු පියසේන ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රබලම ආධාරකරුවෙකි. හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම සඳහා ගෙන ගිය දෝශාභියෝගය අවස්ථාවේදී එයට සහයෝගය දක්වමින් පැවති උද්ඝෝෂණ මෙහෙයවන අවස්ථාවේ මොහු පියසේන ගමගේ අමාත්‍යවරයා වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කළ පුද්ගලයෙකි.

කෙසේ නමුත් නෙලුව සමෘද්ධි මහා සංගමයේ ව්‍යාපෘති සහකාර ලෙස තවමත් තනතුර දරණ මොහු සම්බන්ධයෙන් සමෘද්ධි අධිකාරියෙන් මේ වනවිට කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.



ගම්පහ කොල්ලකරුවන්ගේ ඔත්තුවකට මිලියනයක් තෑගි
ගම්පහ නගරයේ පිහිටි “මර්චන්ට් ක්‍රෙඩිට් ඔෆ් ශ්‍රී ලංකා ලිමිටඩ්” ආයතනය කොල්ල කන ලද පිරිස පිළිබදව ඔත්තුවක් සපයන්නෙකුට රුපියල් ලක්‍ෂ 10ක ත්‍යාග මුදලක් පිරිනැමීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම නිවැරැදි තොරතුරු ලබාදෙන අයගේ පූර්ණ රහස්‍යභාවය ආරක්‍ෂා කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද මහජනතාවට දන්වා සිටී.

පස්දෙනෙකුගෙන් සමන්විත වූ අදාල සන්නද්ධ කණ්ඩායම එම ආයතනයේ සේවකයන් බිය ගන්වා රුපියල් එක් කෝටි හැට අට ලක්‍ෂයකට අධික වටිනාකමක් ඇති රන් භාණ්ඩ හා රුපියල් දොළොස් ලක්‍ෂයකට ආසන්න මුදලක් කොල්ලකා තිබිනි.

මේ මූල්‍ය ආයතනයේ රන් භාණ්ඩ හා මුදල් කොල්ලය සිදුකළ පුද්ගලයන්ගේ හැඩරුව එම ආයතනයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ පටිගත වී තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතාගෙන් කළ විමසීමකදී එම කොල්ල කෑම සඳහා සාමාන්‍ය පුද්ගලයන් සේ පැමිණ එහි සේවකයන් බියගන්වා කාමරයකට දමා සිරකර තිබීම හේතුවෙන් කොල්ලකරුවන් පැමිණි ආකාරය හෝ කොල්ල කෑමට යොදාගත් රථයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැති බවයි.

කොල්ලකරුවන් පිළිබඳ සාර්ථක තොරතුරු ඇතොත් නියෝජ්‍ය පොලිස්පති, බස්නාහිර උතුර 0777923922, 0112911197 පොලිස් අධිකාරි ගම්පහ 0774784646, 0332222228 ස්ථානාධිපති / අපරාධ කොට්ඨාසය බස්නාහිර පළාත උතුර 0773917092, 0112947780 යන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙසට මහජනතාවගෙන් පොලිසිය ඉල්ලීමක් කරයි.


එහි තවත් විස්තර පහතින්

ගම්පහ රෝහල අසල පිහිටි පෞද්ගලික ලීසිං සහ රන් බඩු උකස් ආයතන ශාඛාවකට අවිගත් කොල්ල කල්ලියක් පැන එහි තිබූ රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක පමණ මුදල් හා රන් ආබරණ පැහැරගත්තේ පසුගිය බදාදා (22) ය. ඒ දහවල් 1.45ට පමණය.

ගම්පහ යනු ශ්‍රී ලංකාවේ කාර්යබහුල නගරවලින් ප‍්‍රමුඛ වූවකි. ඉහත කී ලීසිං සහ රන් බඩු උකස් ආයතන ශාඛාව පිහිටියේ සෙනග වැඩි පුර ගැවසෙන ස්ථානයකය. එදින එහි කළමනාකරු සහ තවත් සේවකයකු සේවයට වාර්තා කර තිබුණේ නැත. වැඩ බැලූවේ සහකාර කළමනාකරු විසිනි.

සුපිරි මෝටර් රියකින් පැමිණි බව කියන ගනුදෙනු කරුවකු එම ආයතනය ඇතුළට ගියේ ගනුදෙනුවක් කතා කර ගැනීමට යන බව පෙන්වමිනි. ඔහු ගැන කිසිවකු සැක නොසිතන්නට ඇත. ඒ ඔහුගේ හැසිරීම සැකයකට තුඩු නුදුන් නිසා විය හැකිය. 

ඔහු කෙලින්ම ගියේ සහකාර කළමනාකරු අසලට ය. ඒ ගනුදෙනුවක් ගැන කතා කිරීමට මෙන්ය. වැඩි වේලාවක් ගත වූයේ නැත. විනාඩියකටත් අඩු කාලයක දී තවත් හතර දෙනකු ආයතනය තුළට පැමිණියේ අවි අතැතිවය. සහකාර කළමනාකරු ළඟ සිටි පුද්ගලයා ද ඉනේ සඟවාගෙන සිටි පිස්තෝලය එළියට ගත්තේය.

‘දැඟලූවොත් තොපි ඔක්කොම වෙඩි තියා මරා දමනවා’ එක් කොල්ලකරුවකු කීය. ඒ වන විට ආයතනයේ සේවකයන් හත් දෙනෙක සහ තවත් ගනුදෙනු කරුවෙක් එහි වූහ. සිදුවන්නේ කුමක්දැයි ඔවුහු බයෙන් භීරාන්ත වූහ.

සියලූ දෙනාගේම ජංගම දුරකතන ඔවුන් භාරයට ගැණිනි. සේප්පුවල යතුරු ඇති තැන් දැනගෙන සේවකයන් සියලූ දෙනා ඇතුළේ වූ කාමරයකට දමා දොරගුළු දැමූ කොල්ලකරුවෝ සේප්පු දෙකක තිබූ දේපල පැහැර ගත්හ. 

පැහැරගත් රන් ආභාරණ පැකට් ගණන 186කි. එහි උකස් වටිනාකම රුපියල් එක් කෝටි හැට අට ලක්ෂ අසූ දහස් හයසියයකි. රුපියල් එකොළොස් ලක්ෂ හැත්තෑ නව දහස් අටසියයක මුදලක් ද කොල්ලකරුවෝ පැහැර ගත්හ. දේපල පැහැරගත් කොල්ලකරුවෝ වාහනයකින් පැන යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ඒ සැණින් පොලිසියට තොරතුරු ලැබුණේය. ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරි විජිත ඞී. කොමසාරු, ගම්පහ පොලිස් අධිකාරි , රංජිත් මාසිංහ, ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඩබ්ලිව්.එම්.එස් රාජකරුණා යන මහත්වරු ඇතුළු පොලිස් නිලධාරීහු එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ඇරැඹූහ.

ඇඟිලි සලකුණු සහ පොලිස් සොකෝ නිලධාරීහු ද සවස් වන විට එම ස්ථානයට ආහ. පොලිසියට හොඳ සාක්කියක් ලැබුණේය. ඒ සී.සී.ටී.වී කැමරා දර්ශනය. එම දර්ශනවල සැකකරුවන්ගේ සේයාරූ හොඳින් සටහන්ව තිබිණි. සැකකරුවන් කිසිදු බියක් සැකක් නැතිව ආයතනයට ඇතුළු වනු සහ අවි පෙන්වා සොරකම් කරන ඇයුරු එහි සටහන්ව තිබිණි.

සොරකම සඳහා ගතවී ඇත්තේ විනාඩි අටකටත් වඩා අඩු කාලයකි. ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට අමතරව තවත් කණ්ඩායම් දෙකක් මේ කොල්ලයේ පරීක්ෂණ සිදුකරති.

ඒ පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ගම්පහ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය සහ පොලිස් පරීක්ෂක උපුල් සමරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයයි.

පොලිසිය සැකකටයුතු කාරණා කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වයි. හැකි ඉක්මනින්ම මේ කොල්ලයේ සුලමුල හෙළිකර ගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය සැකකරයි. 

ප‍්‍රසිද්ධියේ සිදු වූ අපරාධ ගැන පසුගිය කාලයේ කොතෙකුත් අසන්නට දකින්නට ලැබුණි. මීට වසරකට පෙර ගම්පහ කප්රුක හිමිකරු ලැරික් සමන් රාජපක්‍ෂ කපා කොටා ඝාතනය කැරුණේ ගම්පහ නගර මධ්‍යයේදීය.

ඒකල ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හල් ප‍්‍රධානියෙකු සිය දියණියගේ විවාහ මංගලෝත්සවයට බැංකුවෙන් ගෙන ආ මුදල් ආයතනය අසල දී කොල්ලකෑවේ මීට මාස දෙකකට පමණ උඩදීය. ඒ සිද්ධියෙන් සති දෙකක් යන්නටත් මත්තෙන් එම ප‍්‍රධනියා මියගියේ හදිසි හෘදයාබාධයකිනි.

පසුගිය සතියේ පානදුරේ ස්වර්ණාභරණ හලක් කොල්ලකෑ බවට පොලිසියට පැමිණිලි ලැබිණි. ඒ ගැන විමර්ශන ඇරැඹූ පොලිසියට අනාවරණය වූයේ එය ව්‍යාජ පැමිණිල්ලක් බවයි. ස්වර්ණාභරණ අලෙවිහළ හිමි පවුලේ සාමාජිකයකු විසින් සැලසුම් සහගතව එය කර ඇතැයි පොලිසිය සොයා ගත්තේය.

ගම්පහ පොලිසිය ගැන තවත් යමක් සඳහන් කළ යුතුමය. එහි දක්ෂ නිලධාරීහු සිටිති. නමුත් නිලධාරි හිඟයක් ද ඇති බව රහසක් නොවේ. එය වෙනම කතා කළ යුතු මාතෘකාවකි. 

මේ සිද්ධියත් සමග පොලිසිය කල්පනා කළ යුතු තවත් කාරණයක් ඇත. ඒ නගර මධ්‍යයේ පිහිටි මූලස්ථාන පොලිසිය නගරයෙන් පිටතට ගෙන ගියාක් මෙන්ම නගරයේ ආරක්ෂාවට සරිලන ලෙස එහි නිලධාරීන් වැඩි කිරීමයි.

හයසියයක් පමණ සිටිය යුතු පොලිසියක තුන්සියයක් පමණ සිටීමෙන් දෙතුන් දෙනාගේ වැඩ එක් නිලධාරියකුට කරන්නට සිදුවීම ගැන පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ අවධානයට මේ මොහොතේ හෝ යොමු වෙතියි අපි සිතමු. 

 
Related Posts with Thumbnails