Ads 468x60px

.

සිරිපතුල මුද්‍රණය කළ කාන්තා ඇඳුම් තොගයක් සිංහල කඩේක...


තවත් සිංහල 
වෙළෙන්දෙක්ගේ 
පහත් වැඩක්...

ශ්‍රී පතුල මුද්‍රණය කරන ලද කාන්තා ඇඳුම් තොගයක් බලංගොඩ නගරයේ පිහිටි සිංහල ව්‍යාපාරිකයකුට අයත් වෙළෙඳ සලක තිබී බදාදා (28) දහවල් සොයාගෙන තිබෙන hotandfastnews (hota) වෙත වාර්තා වෙනවා

කාන්තාවන් කිහිප දෙනෙක් බලංගොඩ පිහිටි මෙම වෙළෙඳසලට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි අවස්ථාවේ ශ්‍රී පතුල මුද්‍රණය කළ ‘බ්ලවුස්’ තොගයක් විකිණීමට තබා තිබෙනු දැක තිබෙනවා.

මේ පිළිබඳ එම කතුන් විසින් බලංගොඩ සමාජ සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ බලංගොඩ, කුඹගොඩ ශ්‍රී සුදර්ශන විහාරවාසී ඉඹුල්පේ විජිත හිමියන්ට දැනුම් දී තිබෙනවා.

උන්වහන්සේ ඇතුළු රාස්සගල මූර්ති හිමියන්ද, බලංගොඩ සිංහල බෞද්ධ තරුණ එකමුතුවේ තරුණ පිරිස්ද එම වෙළෙඳසල වෙත බදාදා දහවල් ගොස් අදාළ කාන්තා ඇඳුම් තොගය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා
තිබෙනවා.

ඒ අනුව එම වෙළෙඳසලේ කළමනාකරු විසින් ඇඳුම් තොගය වහා එම ස්ථානයෙන් ඉවත් කර ගෙන ඇති අතර ඒවා තම වෙළෙඳසලට ගෙනැවිත් දී ඇත්තේ තවත් සිංහල වෙළෙන්දෙක් විසින් බව කළමනාකරු විසින් පිරිසට දැනුම් දී
තිබෙනවා.

සිද්ධිය සමථයකට පත් වූ බැවිනි ‍මේ පිළිබඳ පැමිණිල්ලක් බලංගොඩ පොලිසියට ඉදිරිපත් කර නැත.



 
Related Posts with Thumbnails