Ads 468x60px

.

අනියම් පෙම් යුවලක් මරා එල්ලලා ?

යාපන කෝපායි ප‍්‍රදේශයේ පොල් ගසක එල්ලෙමින් තිබූ පිරිමි හා කාන්තා මළ සිරුරු දෙකක් අද (11) යාපනය පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ප‍්‍රවීන නිළි ගීතාට පිහියෙන් අනින්න හදලා

බෙන්තර, ඇල්පිටිය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායිකා ප‍්‍රවීන නිළි ගීතා කුමාරසිංහ මහත්මියට පිහියකින් ඇනීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සූරියප්පෙරුමට "උන්" "මුන්" නමින් මන්ත්‍රීවරුන් නම් කරන්න එපා අස්‌වර් කියයි

මැති සබය තුළ කතා කරද්දී "උන්" "මුන්" නමින් මන්ත්‍රීවරුන් ඇමතීමෙන් වළකින ලෙස එ.ජ.නි.ස. පත්කළ මන්ත්‍රී ඡේ. ආර්. පී. සූරියප්පෙරුම මහතාට මුලසුනේ සිටි ඒ. එච්. එම්. අස්‌වර් මහතා නියම කළේය.

"ග්‍රීස්‌ යක්‌කු" වතුකරයේ තේ කර්මාන්තය වනසති

සතියක කාලයක සිට කම්කරුවන් ඇවිත් නැහැ මිනිස්‌ සහ දේපළ හානි රැසක්

කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව වතුකරයේ ජනතාව භීතියට පත්කරමින් "ග්‍රීස්‌ භූතයන්" සැරිසැරීම නිසා සතියකට අධික කාලයක්‌ තිස්‌සේ එම ප්‍රදේශවල ජන ජීවිතයට සහ තේ කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

'යක්‌කු' හතර දෙනෙක්‌ කොටුවෙති

රාත්‍රි කාලයේදී ජනතාව භීතියට පත් කරවන ග්‍රීස්‌ යකුන් හතර දෙනකු අත්අඩංගුවට ගැනීමට රාගල පොලිසිය සමත්විය.

වලපනේ, රාගල මැදවත්ත ප්‍රදේශයේ නිවෙස්‌වල දොරවල්වලට මැදියම් රැයේ තට්‌ටු කරන බවට පසුගිය දිනවල ආන්දෝලනයක්‌ පැතිර ගියේය.

ග්‍රීස් යකුන‍් ලෙස පැන ගිය සෙබළුන් පෙනී සිටින බව කියන කතා බොරු

ග්‍රීස් යකුන‍් ලෙස පෙනී සිටිමින් කටයුතු කරන්නේ හමුදාවෙන් පලා ගිය සෙබළුන් බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.

උදයන්තිට ඇබෑර්තුවක්

සිනමා හා ටෙලි නිළියක්වන උදයන්ති කුලතුංගගේ අත ගැනීමට සහකරුවෙකුට අවස්ථාවක් ඇතැයි උදයන්ති කියයි. සති අන්ත පුවත්පතක අතිරේකයක් සඳහා සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් උදයන්ති මේ බව පවසා තිබේ.

ගාල්තැන්නේ දේවගැති නෙත් හා කෝප වෙලා

මහනුවර ගාල්තැන්න ශී‍්‍ර බද්‍රකාලි අම්මාන් දේවාලයේ ප‍්‍රධාන දේවගැතිවරයා වන ජයම්පති ආරච්චිගේ ගාමිණී ආනන්ද මහතා විසින් ඇසට් බ්‍රෝඞ්කාස්ට් ප‍්‍රයිවෙට් ලිමිටඞ් ආයතනයට අයත් නෙත් එෆ්.එම්. නාලිකාවේ බැලූම්ගල වැඩසටහන තුලින් තමාට හා දේවාලයට අපහාසවන ආකාරයේ පුවත් විකාශය කිරීමට එරෙහිව වාරණයක් නිකුත්කරන්නැයි කොළඹ දිසා අධිකරණයෙන් අද (10) කරන ලද ඉල්ලීමක් ප‍්‍රතික්ශේප කළේය.

ගාල්ල බටදුව විනාඩි 20 ක් ගොඩ ඉන්න අරුම පුදුම මාළුවා චොක්ලට් ආහාරයට ගනියි

විනාඩි 20 ක පමණ කාලයක් ගොඩබිම ජලය නොමැතිව සිටිය හැකි අරුම පුදුම මාළුවෙකු ගැන ගාල්ල බටදුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

රුවන්වැල්ලේ සෝභිත චීවරය අත් හරි....!

අංකොක්කාවල සුනිල් නමැති වංචනික පුද්ගලයා චිවරධාරියෙකුගේ වේශයෙන් රුවන්වැල්ලේ සෝභිත හිමි ලෙස පෙනී සිටීමෙන් සිදුකරන ලද වංචනික හා දුෂණ ක්‍රියා නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහනින් හෙළිදරව් කිරීමෙන් පසුව සෝභිතට එරෙහිව විශාල ජන රැල්ලක් නිර්මාණය වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස පසුගියදා රුවන්වැල්ලේ සෝභිත වෙද මදුර එහි ප්‍රදේශවාසින් විසින් වටලනු ලැබුවා.