Ads 468x60px

.

"ග්‍රීස්‌ යක්‌කු" වතුකරයේ තේ කර්මාන්තය වනසති

සතියක කාලයක සිට කම්කරුවන් ඇවිත් නැහැ මිනිස්‌ සහ දේපළ හානි රැසක්

කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව වතුකරයේ ජනතාව භීතියට පත්කරමින් "ග්‍රීස්‌ භූතයන්" සැරිසැරීම නිසා සතියකට අධික කාලයක්‌ තිස්‌සේ එම ප්‍රදේශවල ජන ජීවිතයට සහ තේ කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

මේ තත්ත්වය මත කඳුකර තේ වතුවලට කම්කරුවන් නොපැමිණීම හේතුවෙන් තේ කර්මාන්තය බිඳවැටීමකට ලක්‌ව ඇති අතර, එම නිසා ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්‌ එල්ල වෙමින් පවතී.

රාගල, ලිඳුල, කොටගල, ආගරපතන, වටවල ඇතුළු ප්‍රධාන පෙළේ තේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යනු ලබන තේ වතුවලට කම්කරුවන් සතියකට අධික කාලයක්‌ තිස්‌සේ සේවයට වාර්තා කර නොමැත.

එම වතු ආශ්‍රිතව සේවය කරන කාන්තාවන්ට "ග්‍රීස්‌ භූතයන්" වරින් වර විවිධ හිංසනයන් සිදු කර තිබෙන අතර එයින් කිහිප දෙනකු මේ වන විට රෝහල්ගත කර ඇතැයිද වාර්තා වේ.

දිනෙන් දින එම ප්‍රදේශවල වර්ධනය වන භීෂණකාරී තත්ත්වය මත වතු ජනතාව ප්‍රචණ්‌ඩකාරී ලෙස හැසිරීම නිසා මිනිස්‌ සහ දේපළ වලටද පහරදීම් රැසක්‌ සිදුව තිබේ.

කඳුකර ප්‍රදේශයේ පවතින භීෂණකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ පශු සම්පත් සංවර්ධන ඇමැති ආරුමුගම් තොණ්‌ඩමන් මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා එම ප්‍රදේශවලට විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව ලබාදීමටත්, විශේෂ පොලිස්‌ ජංගම රථ යෙදවීමටත් පෙරේදා (09 වැනිදා) සිට පියවර ගෙන ඇත.

කඳුකර ප්‍රදේශවල වතු ආශ්‍රිතව පෙරේදා සිට විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වන බැවින් තම දෛනික රාජකාරී කටයුතුවල නිරත වන ලෙස අමාත්‍යවරයා එම කම්කරුවන්ගෙන් ඉල්ලීමක්‌ කරයි.
 
Related Posts with Thumbnails