Ads 468x60px

.

ග්‍රීස් යකුන‍් ලෙස පැන ගිය සෙබළුන් පෙනී සිටින බව කියන කතා බොරු

ග්‍රීස් යකුන‍් ලෙස පෙනී සිටිමින් කටයුතු කරන්නේ හමුදාවෙන් පලා ගිය සෙබළුන් බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි.

සංවිධානාත්මක වශයෙන් සොරකම්වල නිරත වූ මෙවැනි පුද්ගලයින් කිහිපදෙනෙකුම පොලිස් අත්අඩංගුවට පත් වී ඇති බව ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පැහැදිලි කිරීමක් අද(11) සිදු කෙරෙන බව ලක්ෂ්මන් හුළුගල්ල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, ඒ සම්බන්ධ වැටලීම් ආදී කරුණු පිළිබඳව සවිස්තරාත්මකව කරුණු දැක්වීමට බලපොරොත්තු වන බව හුළුගල්ල මහතා සඳහන් කළේය.

එතෙක් ජනතාව මේ පිළිබඳව කලබලයට පත්නොවිය යුතු බවත්, ඒ සම්බන්ධව කටයුතු කිරීමට පොලිසිය නිතරම සූදානමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
 
Related Posts with Thumbnails