Ads 468x60px

.

ගාල්තැන්නේ දේවගැති නෙත් හා කෝප වෙලා

මහනුවර ගාල්තැන්න ශී‍්‍ර බද්‍රකාලි අම්මාන් දේවාලයේ ප‍්‍රධාන දේවගැතිවරයා වන ජයම්පති ආරච්චිගේ ගාමිණී ආනන්ද මහතා විසින් ඇසට් බ්‍රෝඞ්කාස්ට් ප‍්‍රයිවෙට් ලිමිටඞ් ආයතනයට අයත් නෙත් එෆ්.එම්. නාලිකාවේ බැලූම්ගල වැඩසටහන තුලින් තමාට හා දේවාලයට අපහාසවන ආකාරයේ පුවත් විකාශය කිරීමට එරෙහිව වාරණයක් නිකුත්කරන්නැයි කොළඹ දිසා අධිකරණයෙන් අද (10) කරන ලද ඉල්ලීමක් ප‍්‍රතික්ශේප කළේය.

මෙම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් කොළඹ අතිරේක දිසා විනිසුරු පී.ඞී. ගුණසේකර මහතා පැවසුවේ මෙම වැඩසටහනට එරෙහිව වාරණ නියෝගයක් ලබාදීමට වඩා මෙම නඩුවට අවසන් තීන්දුවක් ලබාදීම වඩාත් යෝග්‍ය බවයි.

ලබන සැප්තැම්බර් 27 වැනිදා දෙපාර්ශවයටම ලිඛිත දේශන ඉදිරිපත්කරන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය.

අදාළ පෙත්සම මගින් ඇසට් බ්‍රෝඞ්කාස්ට් ප‍්‍රයිවෙට් ලිමිටඞ් ආයතනයට අමතරව වගඋත්තරකරුවන් ලෙස නලින් හේරත් හා සාලින්ද පෙරේරා යන මහත්වරුන්ද නම්කර තිබිණි.
අදාළ වැඩසටහනින් 2010 අගෝස්තු 31 වැනිදා පෙරවරු 6.45 සිට 7.30 දක්වා තමාට හා තම දේවාලයට අපහාස වන ආකාරයේ වැඩසටහනක් ප‍්‍රචාරය කළ බව ද ඉන් පසුව මෑතකදී තමා ස්තී‍්‍ර දූෂකයෙක් හා පවුලට නොසලකන්නෙක් හැටියට හුවාදක්වමින් තමාට අපහාස කර ඇතැයිඊට වන්දි වශයෙන් මිලියන 50 ක මුදලක් ලබාදෙන ලෙස ද දේවගැතිවරයා සිය පෙත්සමින් දක්වා ඇත.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතීඥ නිහාල් ජයම්පති මහතා පෙනී සිටි අතර, විත්තිය වෙනුවෙන් නීතීඥ අලි සබ්රි මහතා පෙනී සිටියේය.
 
Related Posts with Thumbnails