Ads 468x60px

.

රුවන්වැල්ලේ සෝභිත චීවරය අත් හරි....!

අංකොක්කාවල සුනිල් නමැති වංචනික පුද්ගලයා චිවරධාරියෙකුගේ වේශයෙන් රුවන්වැල්ලේ සෝභිත හිමි ලෙස පෙනී සිටීමෙන් සිදුකරන ලද වංචනික හා දුෂණ ක්‍රියා නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහනින් හෙළිදරව් කිරීමෙන් පසුව සෝභිතට එරෙහිව විශාල ජන රැල්ලක් නිර්මාණය වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස පසුගියදා රුවන්වැල්ලේ සෝභිත වෙද මදුර එහි ප්‍රදේශවාසින් විසින් වටලනු ලැබුවා.

එය වැටලනු ලැබූ අවස්ථාවේ සෝභිත එම ස්ථානයෙන් පැනගොස් සිටි
අතර තවමත් ඔහු අතුරුදහන්ය.

මේ අතර අද (10) දිනයේ නෙත් එෆ්.එම් පුවත් සේවය වාර්තා කරන්නේ අතුරුදහන්ව ඇති සෝභිත නීතිඥයෙකු මාර්ගයෙන් චීවරය අත් හරින බවට දිවුරුම් ප්‍රකාශයක් මගින් රුවන්වැල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයට දැනුම් දී තිබෙන බවයි.

කෙසේ නමුත් නීතිමය දඬුවමකින් තොරව චීවරය අත හැරීමෙන් සෝභිත වරදින් ගැලවුනද මින් පසුව ගිහියෙකු ලෙස එම පුද්ගලයාගේ වංචනික ව්‍යාපාර වලට හසු නොවීමට මහජනතාව වගබලාගත යුතුය. 
 
Related Posts with Thumbnails