Ads 468x60px

.

උදයන්තිට ඇබෑර්තුවක්

සිනමා හා ටෙලි නිළියක්වන උදයන්ති කුලතුංගගේ අත ගැනීමට සහකරුවෙකුට අවස්ථාවක් ඇතැයි උදයන්ති කියයි. සති අන්ත පුවත්පතක අතිරේකයක් සඳහා සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් උදයන්ති මේ බව පවසා තිබේ.

තමා සොයාගත් අය තමාට නොගැලපුන බවත්, තම වැඩිහිටියන් සොයාදෙන අයෙකු සමඟ ලබන වසරේදී විවාහ වන බවත් උදයන්ති එහි වැඩිදුරටත් දැක්වා ඇත.

කෙසේවුවද පසුගිය මාර්තු මාසයේ පළවූ ටැබ්ලොයිඞ් පුවත්පතකට අදහස් දක්වමින් උදයන්ති පවසා තිබූනේ තමා කවදාවත් විවාහ වීමට අදහසක් නොමැති බවයි.

උදයන්ති, උසස් පෙළ හදාරනු ලැබුවේ අනුරාධපුර චේතිය මහා විද්‍යාලයෙනි.

ඇගේ රංගන දිවියට දොරගුළු විවෘත වූයේ ‘ගම්පහ දිස්ති‍්‍රක් අවුරුදු කුමරිය’ තරගයෙන් ජය ගැනීමත් සමඟය.

නාලන් මෙන්ඩිස් මහතාගේ ‘තරු කුමරි’ ටෙලි නාට්‍යයෙන් රංගනයට අත් පොත් තැබූමේවන විට ටෙලි නාට්‍ය පනහකට ආසන්න ප‍්‍රමාණයක චරිත නිරූපනය කිරීමට සමත්ව තිබේ.

එසේම උදයන්ති දෙරණ රූපවාහිනියෙන් විකාශය වූ ‘සරා’ ටෙලිනාට්‍යයේ ‘සම්මානි’ චරිතයෙන් පේ‍්‍රක්‍ෂකයන් අතර වඩාත් ජනපි‍්‍රය වූවාය.

උදයන්තිගේ පියා පොලිස් නිලධාරියෙකු වන අතර ඔහු මේවන විට ජීවතුන් අතර නැත.
 
Related Posts with Thumbnails