Ads 468x60px

.

නවක වදය- දේශපාලනික කියවීමක්

සියදිවි නසාගැනීම් අතරින් ලෝකයේ ප්‍රමුඛ ස්ථානයක සිටින ලංකාවේ තවත් සියදිවි නසා ගැනීම් ද්විත්වයක් වාර්තා වූයේ සුපුරුදු ලෙස නැසීගිය ජීවිත වල වටිනාකමට වඩා අවශේෂ කාරණා වලට ප්‍රමුඛත්වය දෙමිනි.

තරුණ ජීවිත ද්විත්වයක් ලෝකය හැර යාම දරුණු සමාජ ඛේදවාචකයක් වුවත්, ඉන් උගත යුතු පාඩම් සහ සමාජයීය වෙනස්කම් සදහා අප විවෘත ද යන්න ගැටළුවකි.

ඉන් එක් අවස්ථාවකදී සෘජු ලෙස මනුෂ්‍ය ඝාතනයක් ලෙස ඔප්පු කරගත වූ නොහැකි නිසාවෙන් ශිෂ්‍ය දේශපාලනය හිරකිරීමට තිබූ අවස්ථාවක් රජයට මගහැරී ගියේය. ඔහු විසින් ලිපියක් හෝ වෙනයම් පණිවිඩයක් තබාගොස් නොතිබූ නිසාවෙන්ම දෝ මේ පිළිබදව වන කතිකාව සමාජයට මගහැරී ගොස් තිබේ. 


එහෙත් ලිපියක් ලියා තබා ගෙළවැල ලා මියගොස් සිටි වෙනුෂා ඉමන්දි නම් සිසුවිය චෝදනා කර සිටි ඇගේ පාසලේ විදුහල්පතිවරයා මේ වන පොලිස් අත්අඩංගුවට ගැනීම ද සිදුකර ඇත.

මෙම සියදිවි හානීකරගැනීම් සිද්ධි දෙක පිටුපස එක්තරා සමාජ ඛේදවාචක ද්විත්වයක් පිළිබදව අපට ඉගිකර සිටී. එහිදී වෙනුෂා ඉමන්දිගේ සිද්ධිය

ජනාදරීටම ගල් ගැසීම

අශෝක හඳගමගේ “තනි තටුවෙන් පියාඹන්න” චිත්‍රපටයේ අනෝමා ජනාදරී කළ අති දක්ෂ එඩිතර රංගනය සංස්කෘතික බැමිවලින් බැඳුණු ශ්‍රී ලංකාව වැනි රටක සිනමාවේ විරලතම රංගනයකි. 

එහි නිෂ්පාදක උපුල් ශාන්ත සන්නස්ගලගෙන් ලැබිය යුතු ගෙවීම පවා ඇයට ලැබි නැතැයිද, එය ලබාදීම සඳහා එවකට ඇගේ සැමියා වූ හඳගම කිසිදු මැදිහත්වීමක් නොකරන බවද අනෝමා මාධ්‍යයට කියා තිබුණි. 

එම රංගනයට ලැබිය යුතු මුදල් නැතත් සම්මානයෙන් මෙන්ම අවමාන වලින්ද ඇයට අඩුවක් නැත. විශේෂයෙන් එහි පූර්ණ නිරුවත් රංගනය ගැන කුහක සුචරිත වාදීන් ඇයට කළ අවමන් නිමක් නැත. 

“පුනරුක්ති” නමින් කලකට පෙර ඇය එළි දැක්වූ ස්වයං ලිඛිත චරිතා පදානයට පසුව මෑතදී එළිදැක්වූ “පුනරෝපකථන” හා “පුනරාගමන” ග්‍රන්ථ මුල් කර ගනිමින් මේ දිනවල අනෝමාට ඔවුන් ගල් ගසන්නේ