Ads 468x60px

.

දැන් ඉතුරුවෙලා ඉන්නේ ගෑනියි ළමයි දෙන්නයි විතරයි - මර්වින්

මේ දිනවල ‘ෆුල් නියුට‍්‍රල්’ එකේ සිටින ඇමති මර්වින් සිල්වා පසුගිය දිනෙක ජනාධිපතිතුමා හමුවූ විට ‘‘දැන්නම් මැරවැඩ කරන්න කියන්න එපා සර් වටේ හිටපු කොල්ලෝ සෙට් එකම මාවදාලා පනබේරගන්න පිටරටවල්වලට පැනලා. දැන් ඉතුරුවෙලා ඉන්නේ ගෑනියි ළමයි දෙන්නයි විතරයි. ලඟදිම මම කොල්ලවත් පිටරට යවන්නයි ඉන්නේ’’ යනුවෙන් පවසා ඇති බව වාර්තා වේ.

විජය නන්දසිරි හා දේවිකා මිහිරානි යුවළගේ දියණියගේ විවාහ මංගල්‍යය දා

ප්‍රවීණ නළු විජය නන්දසිරි හා රංගන ශිල්පිනී දේවිකා මිහිරානි යුවළගේ දියණිය නවංජනා සහ චමින්ද අතර විවාහ මංගල්‍යය කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඉකුත්දා පැවැත්විණි. මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් සාක්‍ෂියට අත්සන් තැබුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාය. 

කපිතාන් එක්ස් ෆයිල්ස් නිළියගෙන් කෝටි 10ක වන්දියක් ඉල්ලයි


ලොව පුරා ජනප්‍රිය 'එක්ස් ෆයිල්ස්චිත්‍රපට මාලාවේ ප්‍රධාන  නිළි ජිලියන් ඇන්ඩර්සන් මහත්මියට අයත් රුපියල් ලක්ෂ 178ක් වංචා කළ බවට සැකකෙරෙන  හිටපු හමුදා කපිතාන් වරයා නිළියගෙන්ද ඇගේ සැමියාගෙන්ද ශ්‍රී ලාංකිකයකුගෙන්ද රුපියල් දස කෝටියක වන්දි ඉල්ලා අධිකරණයේ නඩුක් පවරා ඇත.

රංජන්ගෙ අරාබි ජිමික් වලට නිළියන් හොල්මන්

ජනපි‍්‍රය නළු රංජන් රාමනායක මේ දිනවල යොවුන් නිළියන් සිවුදෙනෙකුට අරාබි ජිමික් පෙන්වීමට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.රංජන් මෙසේ අරාබි ජිමික් පෙන්වා ඇත්තේ නවක නිළියන් වන රුවංගි රත්නායක, මහේෂි මධුසංඛි, මේනකා මධුවන්ති හා නෙතූ පි‍්‍රයංගිකාට බව වාර්තා වේ.ටෙනිසන් කුරේද රංජන්ගේ සහයට එක්වී ඇතැයිපැවසේ.