Ads 468x60px

.

භවතු සබ්බ මංගලම් ගාථාවත් රැප් කරලා

"භවතු සබ්බ මංගලම්" ගාථාව රැප්කර ගීතයක්‌ නිර්මාණය කිරීම පිළිබඳ බෞද්ධ සංවිධාන රැසක ගේ විරෝධය එල්ලවී ඇත. බෞද්ධයන් අතර ඉමහත් ගෞරවාදරයට පත් මෙම ආශිර්වාද ගාථාව මධු සමයක්‌ ගත කිරීමට යන යුවළකගේ දර්ශනයක්‌ ඇති කාමුක ගීතයක පසුතලයට යොදා ඇත.



ජනප්‍රිය ගායක සුනිල් පෙරේරාගේ පුතු වන ඩැඩි සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරා ගායනා කරන "ටිකෙන් ටික" නම් ගීතයට බෞද්ධ සංවිධාන වල දැඩි විරෝධය එල්ලවී තිබේ.

එයට හේතු වී ඇත්තේ එම ගීතය අතරමැද "භවතු සබ්බ මංගලම්" ආශිර්වාද ගාථාව මධු සමය ගත කිරීමට යන යුවලක් ගැන කියවෙන ගීතයේ පසුබිමට යෙදීමයි.

ඒ අනුව මෙම ගීතය ඉදිරියේදී ලංකාව තුල තහනම් කිරීමට අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනීමට සුදානමින් සිටින බව වාර්තා වේ. ඩැඩි සංගීත කණ්ඩායමේ "ටිකෙන් ටික" ගීතය නිකුත් වුයේ 2011 නොවැම්බර් මසය. මෙයට පෙර ඉරාජ් හා පේෂල විසින් ගායනා කරන ලද "සිට්ටි මනිලා" ගීතය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මැදිහත් වීම මත ලංකාව තුල තහනමට ලක් කරන ලදී.



මේ ගීතය තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටීමට බෞද්ධ සංවිධාන තීරණය කර ඇත.


පහත දැක්වෙන්නේ ඒ ගීතයේ අදාළ අවස්ථාව දැක්වෙන වීඩියෝ එකක්, මඳකට එය නරඹන්න…
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
“සුභ මංගල්‍යයක් වේවා, සියලුම දෙවියන් රකිත්වා, සියලු බුද්ධානුභාවයෙන් සියලු ධම්මානුභාවයෙන් සියලු සංඝානුභාවයෙන් ඔබට සෙත සැලසේවා”
අටවිසි පිරිතේත්, පිරිත් පේ කිරීමේදීත්, මහ පිරිතේ අන්තිමටත් මේ ආශීර්වාද ගාථා රත්නයෙන් ආශීර්වාද කරන බව බෞද්ධ ඔබ දන්නවා ඇති.
මහා මංගල සූත්‍රයේ අඩංගු මංගල කාරණා ජීවිතයට උදාවෙන්න කියලයි මෙහෙම ආශීර්වාද කරන්නේ, ඒත් මෙම ගයාන් පෙරේරා නැමැති පුද්ගලයා විසින් ඔහුගේ කසිකබල් සින්දු වලට ඒ පිවිතුරු උත්තරීතර ආශීර්වාදය යොදාගෙන තිබෙන්නේ ඊනියා මධුසමයක් එක්ක සම්බන්ධ කරලයි.
මිනිසුන්ගේ රාගය අවුස්සන අනඟ ‍රැඟුමක පසුබිකට මේ පිවිතුරු ගාථාරත්නය යෙදීමෙන් මොවුන් මොකක්ද අදහස් කරලා තියෙන්නේ. මඟුල් ගෙදරකදී වුණත් මේ ගාථා වලින් ආශිර්වාද කරද්දී මනාල යුවළ කොතරම් සංයමයකින් සිටිනවාද කියල ඔබ දන්නවානේ.


ගයාන් පෙරේරා
සුනිල් පෙරේරාත් අපගේ සිංහල බෞද්ධ සංස්කෘතියට කොතරම් අපහාස කළ පුද්ගලයෙක්ද කියා ඔබ දනන්වා ඇති. “අයි ඩෝන්ට් නෝ වයි” වැනි ගීත දෙස බලන විට, ඔහුගේ ගීත වල ඇත්තේ සිංහල බෞද්ධයන් කෙරෙහි ක්‍රෝධය නොවේද? ඒ ගැන අනුකම්පා කරමින් කිසිවක් නොකර සිටි නිසා දැන් ඔහුගේ පුතන්ඩියා වන ගයාන් පෙරේරාත් බුදු දහමට දිගට හරහට පහර දෙන්න පටන් අරගෙන. මේ ගැනත් කිසිදු නීතිමය පියවරක් නොගෙන සිටියොත්, රුපියල් ශත ඉදිරියේ ඕනෑම දහදුරා වැඩක් කරන මොවුන් ඉස්සරහට “අකෝන්” කළාක් මෙන් බුදුන් ඉදිරිපිට නිරුවත් කාන්තාවන් නර්තනයේ යෙදෙන ගීත වුණත් හදන්නේ නැතිව සිටීවිද?

මිතුර, මේ අපගේ පූජනීය බුදු දහම ඉලක්ක කරගෙන සැලසුම් සහගතව කරන ලද ප්‍රහාරයක්. අමා මෑණියන් වහන්සේට පස් වරක් පුද දෙන ලද මේ පින් බිමේදීම සිටිමින් ඔවුන් මේ සමච්චලයට ලක් කරන්නේ ඔබගේ මුතුන් මිත්තන් අවූරුදු දෙදහස් හයසීයක් කල් දිවි පුදා ‍රැක ගත් ඒ උතුම් බුදු දහමයි. ඔබට සසර දුකින් එතෙර වීමට උපකාරී කරන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය, නිවන් දක්නා තුරා ඔබව ආරක්ෂා කරනා ඒ උතුම් ශ්‍රී සද්ධර්මය, එවැනි අසත්පුරුෂයන්ගේ පහත් ආශාවන් තෘප්තිමත් කර ගැනීමට හා නින්දාවට ලක් කිරීමට ඉඩ දී කිසිදු නීතිමය ක්‍රියාවක් ගන්නේ නැතිව උඩබලාගෙන සිටිමුද?

ඔබ අසා තිබෙන්න පුළුවන් ඉහත දැක්වෙන ඉරාජ්ගේ “සිත්ති මනීලා” ගීතය. අන්න ඒ ගීතය දැන් ශ්‍රී ලංකාව තුළ තහනම් කරලා. ඒකට හේතු වුණේ ඒ ගීතය අතරමැද මුස්ලීමුන්ගේ අල්ලාහ් වෙනුවෙන් සලාත් (Pray) කරන නාදයක් ඇතුළු කර තිබීමයි. එහෙම වෙලා තියෙද්දීත්, අමු අමුවේ බුදු දහමට අපහාස කරන “ටිකෙන් ටික” ගීතය තහනම් නොකළොත් ඉන් හැඟවෙන්නේ සිංහලයන්ගේ රටේ සිංහලයන්ට වඩා සංවිධාන බලවත් කියල නොවෙයිද?
“මට ඔබට වෙඩි තැබිය හැකිය, ඒත් ඔබට ඒ ගැන පොලීසියටවත් පැමිණිලි කළ නොහැක, ඒ ඔබ අන් අයට මෙත් වඩන බෞද්ධයෙක් බැවිනි, පොලිසීයට පැමිණිලි කළොත් ඔබ මට ක්‍රෝධ කළා වෙයි….. අබෞද්ධ අප දඩයක්කරුවන්ය, ඒත් ඔබ බෞද්ධයෙක් නිසා දඩයම බවට පත් විය යුතුය” ඔන්න ඕක තමයි අද කාලයේ අබෞද්ධයින් විසින් සිංහල බෞද්ධයන්ට කියන්නේ.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියේ මෙහෙම දැක්වෙනව.
9. The Republic of Sri Lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the State to protect and foster the Buddha Sasana, while assuring to all religions the rights granted by Articles 10 and 14(1)(e).


ඩැඩි සංගීත කණ්ඩායමේ "ටිකෙන් ටික"  ගීතය
 
Related Posts with Thumbnails