Ads 468x60px

.

දිගින් දිගටම ඇදී ගිය වැල් ටෙලි නාට්‍ය වලට තිත

වඩා හොද ටෙලි නාට්‍ය කලාවක් උදෙසා මෙගා ටෙලි නතර කරයි...

මෙගා ටෙලි නාට්‍ය කොටස් 100 දක්වාත්, සාමාන්‍ය ටෙලිනාට්‍ය උපරිමය කොටස් 50 දක්වාත් සීමාකර තිබේ. 

2012 ලෝක විනාශය වෙයි ද? නැද්ද?

මායාවරුන් මෙතෙක් කී අනාවැකි ඉටුව තිබෙනවා...

මායාවරුන් ගේ දින දර්ශනය අවසන් වන 2012. 12. 12 දිනෙන් පසු ලෝක විනාශය සිදුවන බවට විවිධ මත, පුවත් මේ වන විට සමාජයේ විවිධ අයුරින් කතාබහට, විවාදයට ලක් වෙනවා. 

නිල්වලා ගගේ කිඹුලන් මිය ගොස් ඇත්තේ ගම්වාසීන් කිඹුලන්ට ‘වස දෙහි’ දීම නිසාලු

මාතර වෙරළට කිඹුලෙකු ගසාගෙන විත් තිබුනේද මේ අකාරයට වස දීම හේතුවෙන්ලු...

පසුගිය දින කිහිපයේදී නිල්වලා ගගේ කිඹුලන් මිය ගොස් ඇත්තේ ගම්වාසීන් විසින් කිඹුලන්ට ‘වස දෙහි’ දීම නිසා බව ජෛව පර්යෙෂණ මධ්‍යස්ථානය පවසයි.

ලෝ ප්‍රකට නොකියා සමාගම පරදා සැම්සුන් සමාගම ලොව අංක එකට

1998 සිට වසර 14ක කාලයක් නොකඩවා මුල් තැන නොකියා සමාගම...

වෙළඳ සමාගම් මූලෝපාය විශ්ලේෂණ වාර්තා අනුව ලෝ ප්‍රකට නොකියා සමාගම පරදා සැම්සුන් සමාගම ලොව අංක එකේ ජංගම දුරකථන නිෂ්පාදක සමාගම ලෙස තේරී පත්ව ඇත.

පෙමට එරෙහි වූවයි පෙම්වතාගේ දත් සියල්ලම ගැලවූ දන්ත වෛද්‍යවරියක්

මුව විවෘත කිරීමට නොහැකි වන ලෙස හකු වලට හා හිසට වෙළුම්පටි...

තමාව අත්හැර වෙනත් කාන්තාවක් සමග ගිය පෙම්වතාගේ දත් සියල්ලම ගැලවූ දන්ත වෛද්‍යවරියක් පිළිබඳව පෝලන්තයෙන් වාර්තා වේ. 

මේරියන්ස් ශබ්දාගාරයේ සංගීත භාණ්ඩ අයිතිය නලින් පෙරේරාගේ බිරියට

නලින් සිය බිරියගෙන් දික්කසාද වීම නිසා අයිතිය ඇයට ගිහින්...

සවුන්ඞ් ඔෆ් මේරියන්ස් ශබ්දාගාරයේ සංගීත භාණ්ඩ අයිතිය ‘මේරියන්ස්‘ සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරාගේ බිරියට හිමිව ඇතැයි වාර්තා වේ.නලින් සිය බිරියගෙන් දික්කසාද වීම නිසා මෙම තත්ත්වය ඇතිවී ඇතැයි ද පැවසේ. 

සැමියා නැති එක ලොකු ගැටළුවක් නෙමේ - කාංචනා

ඔහු ලංකාවට පැමිණීමෙන් විශාල අවාසියක් සිදුවෙනවා...

ජනපි‍්‍රය ටෙලි හා සිනමා නිළියක් වන කාංචනා මෙන්ඩිස්ගේ සැමියා ලංකාවේ නොසිටීම සම්බන්ධයෙන් නොයෙක් ආකාරයේ කයි කතන්දර පසුගිය කාලයේදී වාර්තා විය.

ලොව පුරා සාමය ඇතිකිරීමට අඩි 85ක් උසැති තාර පැටියෙක්

ප‍්‍රදේශ කිහිපයක සංචාරය කරලා...

අඩි 85ක් උසැති තාර පැටියෙකු ලොව වටා යාමට නියමිත බව වාර්තා වේ.ලොව පුරා සාමය හා හොඳහිත පැතිරවීමේ අරමුණින් මෙම තාර පැටියා ලොව පුරා සංචාරය කරනු ඇත.

මෛත්‍රීපාල සිරිසේනගේ කාර්ය මණ්‌ඩලයේ නිලධාරිනියක් අමාත්‍යංශ වාහන හතරක් එලවයි

සෞඛ්‍ය අමාත්‍ය  මෛත්‍රීපාල සිරිසේනගේ මහතාගේ කාර්ය මණ්‌ඩලයේ එක්‌තරා නිලධාරිනියක්‌ අමාත්‍යංශයේ අලුත් වාහන හතරක්‌ අනිසි ලෙස පරිහරණය කරන බවට වාර්තා වේ. 

මගේ හිත රිදුනු අවස්තා බොහොමයි - උපේක්ෂා

විනයක් තියෙන්න ඕන කියල කල්පනා කරලා නිහඬව හිටියා...


මෙගා ස්ටාර් අවසන් තරගයේ දෙවන වටයේදී උපේක්ෂා ස්වර්ණමාලි හට තම විනිශ්චය ප්‍රකශ කිරීමේදී අමාත්‍ය මර්වින් සිල්වා මහතා කල කතාවක් බොහෝ දෙනාගේ පිලිකුලටත් ආන්දෝලනයටත් ලක්විය.

සිසුන් පාසල් වලට ඇතුලත් කර ගැනීමේදී ගහන ගැහිලි

සිසුන් පාසලට ගැනීමේදී ලිංගික අල්ලස් පවා ලබාගෙන...
 
සිසුන් පාසල් වලට ඇතුලත් කර ගැනීමේදී බොහෝ ජනප්‍රිය පාසල් වල හොර මැර දූෂණ එළිපිටම සිදුවේ. බොහෝ විට මේවා සිදුවන්නේ අදාල පාසලේ විදුහල්පතිවරයා, පාසලේ බලවත් ගුරුභවතුන් ,  ආදී ශිෂ්‍ය සංගම්වල සාමාජිකයන්  ,  අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරීන් , කලාපයේ දේශපාලකයන්ද සම්බන්ධ කරගෙනය. 

ෂැගී බලන්න වාර්තාගත සෙනඟක්


ලොව පුරා රෙගේ සංගීත ලෝලීන්ගේ ආදරය දිනාගත් ෂැගී ඊයේ කොළඹදී ප්‍රසංගයක් පැවැත්විය.ප්‍රසංගය සදහා මාධ්‍ය දායකත්වය  එම්.ටී.වී.ස්පෝර්ට්ස් සහ යර්ස් එෆ්.එම් නාලිකාව ලබා දුන්නේය.ෂැගී ප්‍රසංගය ඊයේ පැවැත්වුණේ කොළඹ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. පිටියේදීය.
රසික රසිකාවියන් විශාල පිරිසක් ප්‍රසංගයට එක්ව සිටියහ.

පාසල් සිසුන් ජෙලි වර්ගයක් මත්වීම සඳහා භාවිතා කිරීමේ පුරුද්දක්

මේ ජෙල් වර්ගය ආහාරයට ගැනීම නිසා මත් ගතිය, නිදිමත ස්වභාවය...

 හිසේ ආලේප කරන ඇල්කොහොල් අඩංගු ජෙලි වර්ගයක් මත්වීම සඳහා භාවිතා කිරීමේ පුරුද්දක් පාසල් සිසුන් අතර පැතිර යන බැවින් ගුරු භවතුන් සහ මවුපියන් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු යැයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

මේ ජෙල් වර්ගය ආහාරයට ගැනීම නිසා මත් ගතිය, නිදිමත ස්වභාවය යනාදී ලක්‍ෂණ පළ කරන බවත් එවැනි ළමයින් පාසල් යෑමට උනන්දු නොවන බවත් හෙතෙම පෙන්වා දෙයි.


මම අඳින්නේ මට ඕන විදියට - නදී

මම ඇඳුම මාරුකලේ ඔයා කියපු නිසා නෙමෙයි...

ජනපි‍්‍රය ටෙලි නිළියක් වන නදී චන්‍ද්‍රසේකර ප‍්‍රවීන නිළියක වන අනුලා කරුණාතිලකව හඬවා ඇතැයි යනුවෙන් පලව තිබූ පුවත ජනිපි‍්‍රය නිළි නදී ප‍්‍රවීන නිළි අනුලාට ගරුසරු නොකිරීම නිසා නදීගේ තරම හෙළිවේ යනුවෙන් නිවැරදි විය යුතුය.

විවාහක බවට චෝදනා එල්ලවීමෙන් රූ රැජිනට කිරුළ අහිමි වූ කාලිනා ඩියුරාන්

දෙවැනි ස්ථානය පළමුවෙනි තැනට...

ඉකුත් 17 වැනිදා ඩොමිනිකන් ජනරජයේ පැවති 2012 රූප රැජින තේරීමේ තරගයෙන් ජයගත් කාලිනා ඩියුරාන් විවාහක කාන්තාවක බව අනාවරණය වීමෙන් පසුව ඇයට එම කිරුළ අහිමිවී ඇත. 

ෂැගී අද සවස 4.00 ට සීර්.ආර්.ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන සංගීත ප‍්‍රංසගයට

ඔහු  පළමු වරට ලංකාවට පැමිණියේ ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය හරහාලු...

සුප‍්‍රකට  හිප්පොප් හා රෙගේ ගායකයෙකු වන ෂැගීගේ  දෙවැනි ශ‍්‍රී ලංකා ආගමනය ඊයේ (27) සිදුවිය.ඒ අද (28) සවස 4.00 ට සී. ආර්. ඇන්ඩ්. එෆ්. සී. ක‍්‍රීඩාංගණයේ  පැවැත්වෙන  සංගීත ප‍්‍රංසගයකට සහභාගී වීම සඳහාය.

කේ.එෆ්.සී. කුකුල් මස් විෂ වී දැරියකට අංශභාගෙ වැළඳිලා

දරුණු ශාරීරික හා මානසික ආබාධවලට ලක්වෙලා...

ලොව පුරා ජනපි‍්‍රය ආහාර ජාලයක් වන කෙන්ටකි ෆ‍්‍රයිඞ් චිකන් කේ.එෆ්.සී. සමාගමෙන් ගත් ආහර විෂ වූ  ඕස්ටේ‍්‍රලියානු දැරියකට එම සමාගම විසින්  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 8.3ක වන්දියක් ගෙවා ඇතැයි වාර්තා වේ. 

ලංකා අලියාගේ මරණයට සැබෑ හේතුව අධික ලෙස වැඩ ගැනීම හා හෙණ්ඩු පහරවලට ලක්වීම නිසාලු

මෙය පළමු පාරත් නෙමෙයිලු ...
ලයිස්තුවේ තවත් ඉන්නවලු...
 
පින්නවල අලි අනාථාගාරයෙන් 1994 වසරේ දී කෝට්ටේ රජමහා විහාරස්ථානයට ලබාදුන් ”ලංකා” නම් අලියා ඉංගිරියල අක්කර විස්ස පරහා දේශයේ දී ඉකුත් 13 වනදා මිය ගියා.

 මරණයට හේතුව ලෙස ප්‍රකට වූයේ අකුණු සැර වැදීමයි.එහෙත් එය නිවැරදි නොවන බවත් මරණයට සැබෑ හේතුව  අධික ලෙස වැඩ ගැනීම හා හෙණ්ඩු පහරවලට ලක්වීම නිසා සිදුවූ කායික පීඩා බවත් පරිසර සංරක්ෂණ භාරය පවසනවා.

ශාරුක් හා ජුහී දෙදෙනා රඟපාන පළමුවැනි රූපවාහිනී වෙළඳ දැන්වීම

රාජු  බන්ගයා, ඩර්, යර්ස් බොස්, ඩුප්ලිකේට් වැනි චිත‍්‍රපටවල ප‍්‍රධාන චරිත මැවූ ශාරුක්, ජුහි යුවල කලකට පසුව නැවතත් රූපවාහිනි වෙළෙඳ දැන්වීමකට එක්ව සිටී. 

කළු ගඟේ අතුරුදන්වූ තරිඳු පි‍්‍රයංකරගේ සිරුර නාවික හමුදාවේ සහයෝගයෙන් ගොඩ ගනී

කළු ගඟේ අතුරුදන්වූ පෙම්වතාගේ සිරුර හමුවෙයි...
කළුතර ත්‍රිවිල් රියදුරන් සහ නාවික හමුදාවේ පුර්ණ සහයෝගය...

කළුතර බෝධිය අසල දුම්රිය පාලමේ මගී තීරුවේ ගමන් කල යුවතියක් එහි ලැල්ලක් කඩා වැටි කළු ගඟට වැටීමත් සමග පෙම්වතා ඇයව බේරාගැනීමට ගොස් දෙදෙනාම මියගිය අවාසනාවන්ත පුවතක් ඊයේ (26) වාර්තා වුනා.
 
ඊයේ දිනය වන විට පෙම්වතියගේ සිරුර සොයාගත හැකි වුවත් මිය ගිය තරුණයාගේ සිරුර සොයාගැනීමට හැකි වුයේ නැහැ.අද උදෑසන කළුතර ත්‍රිවිල් රියදුරන් සහ නාවික හමුදාවේ සහයෝගයෙන් මිය ගිය තරුණයාගේ සිරුර සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

අපරාධ වින්දිතයෙකු බවට පත් වූ දුමින්ද සිල්වා

ඉදිරි දිනයක අදාළ සියලූ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට සුදානමක්...

භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන නඩුවේ ප‍්‍රධාන සැකකරු කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා මහතා ‘අපරාධ වින්දිතයෙකු’ බවට පත් කිරීමේ සූදානමක් පවතින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වෙත අනාවරණය වේ. 

දවසේ කාටුන්

බල්ලා නිව්යෝර්ක් ගුවන් ගමන් නතර කරයි

හාම්පුතාත් එක්ක සවාරි යන්න ගිහින්...

ගුවන් ධාවන පථයට පැනගත් බල්ලෙක් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ෆියොරෙල්ලෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් ගමන් පැය කිහිපයක් ප‍්‍රමාද කළේය. 

Youth Radio සහ Your Radio වෙනුවට, සිංහ Radio

ප්‍රධානියා යෝෂිත රාජපක්ෂගේ පෙම්වතියලු...

පෙර පැවති Youth Radio සහ Your Radio යන ගුවන්විදුලි නාලිකා එකතු කර සිංහ FM නමින් අලුත්ම ගුවන්‍විදුලි නාලිකාවක් පසුගිය පෙබරවාරියේ දී ආරම්භ කර ඇත.

VIS Broadcasting ආයතනය සතුව තිබු Youth Radio සහ Your Radio නාලිකාවන් අයිතිව තිබුණේ රජයට සම්බන්ධ සමීප බලවතෙකුට වන අතර එම නාලිකා ලැබූ මූල්‍යමය පාඩු නිසා පසුව වසා දමා ඇත.

ලෝක ප්‍රකට ගායක ෂැගී අද අලුයම දිවයිනට


ඔහු හෙට ප්‍රංසගයකට සහභාගී වීමට නියමිතයි...

ලෝක ප්‍රකට ගායක ෂැගී අද අලුයම දිවයිනට පැමිණියේය.අද අලුයම 3.10ට පමණ ඔහු ඇතුළු පිරිස දිවයිනට පැමිණ ඇත.

ජනප්‍රිය ගීත රැසකට හිමිකම් කියන ඔහු දිවයිනට පැමිණ ඇත්තේ,  සී. ආර්. ඇනඩ්. එෆ්. සී. ක්‍රීඩාංගණයේ හෙට පැවැත්වෙන ප්‍රංසගයකට සහභාගී වීම සඳහාය.

ලබන වසරේ වෙළඳ පොළට එන අලුත්ම ‘ස්වේ’ වාහනය

දැන් සියලූ අත්හදා බැලීම් කර අවසන්...
ළඟදී ම මෙය වෙළඳ පොළට දාවා...

මේකත් එක විදියක තී‍්‍රවීල් එකක්. වෙනසකට තියෙන්නෙ මේ රියේ රෝද දෙක තියෙන්නෙ ඉස්සරහින්. 

තනි රෝදෙ පස්සෙන්. හරවන්නේ රෝද දෙකෙන්. රෝද දෙකේ මෝටර් සයිලකයට වඩා මේක ආරක්ෂා සහිතයි. වංගු ගන්න කොට ලේසියෙන් පෙරළෙන්නෙ නැහැ.

කොහොම අමතක වෙන්නද ඒ දවස? එදා මාර වැඩක්නෙ වුණේ - වෙනුරි

මම හිටියේ හොඳටම බය වෙලා...
අදටත් ඒ තිගැස්ම තියෙනවා...

ප්‍රවෘත්ති කියද්දී මැස්සෙක් නහය උඩට අවොත් කොහොම වේවිද ?එත් මේ අපුරු සිදුවීම ඇත්තටම සිදුවූවක් ..ඒ වෙනකාටවත් නෙමේ හැමදාමත් ස්වාධින රුපවාහිනිය ඔස්සේ ලොව වටා තොරතුරු අප වෙත ගෙන එන වෙනුරි නයන්ති ගින්නලියටයි .මේ ඇගේ කතාවයි …

කන්ටේනරය මාර ගහේ ගැටී වෑන් එක උඩට - කාටවත් කරදරයක් නෑ

බඳ කොටස මාර ගසක ගැටී වෙන්වෙලා...
තුවාල නොලබා දිවි ගලවා ගනී...
 
කොළඹ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ඉබ්බාගමුව යකල්ල හංදිය ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ කන්ටේනර ලොරි රථයක බඳ කොටස මාර ගසක ගැටීම නිසා එය ලොරි රථයෙන් වෙන්වී පිටුපස ගමන් කරමින් තිබූ වෑන් රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් වෑන් රථයේ සිටි පුද්ගලයන් දසදෙනකු තුවාල නොලබා දිවි ගලවා ගත්හ. 

ශානිකාට ඇගේ මහත අඩුකර ගැනීමට නොහැකිවී ඇත්තේ සැමියා නිසාලු

ශානිකාට සජිත් ආදරය කළේ ඇගේ මහත හින්දලු...

ජනපි‍්‍රය ගායිකාවක වන ශානිකා වනිගසූරියට සිය තරබාරු සිරුර ටිකක් කෙට්ටු කර ගැනීමට අවශ්‍ය වුවත් ඊට ඇයගේ සැමියා වන සජිත් ඩිලේන්‍ද‍්‍ර හෙන්රිකස් කැමැති නැතැයි වාර්තා වේ. 

ශානිකාට සජිත් ආදරය කළේ ඇගේ මහත නිසා බවත් වාර්තා වේ.ඔහු ශානිකාගේ මහත සම්බන්ධයෙන් සතිඅන්ත පුවත්පතකට පවසා තිබුණේ ශානිකා මහත අඩුකර ගැනීමට නොකාසිටීම හා ජිම්යාම සිදුකරතත් තමා ශානිකා කෙට්ටුවනවට අකමැති බවයි.

සීගිරියේ සිට ලග්ගලට යන රහසිගත උමං මාර්ගයක් හමුවෙයි

රාවණාගේ කාලයේ තිබු රහසිගත උමගක්ලු...

සීගිරිය අලූත්යාය ප‍්‍රදේශයේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලෑබද ප‍්‍රදේශයක පිහිටා ඇති සුදු තිරුවානා කන්දකින් රාවණා යුගයට අයත් බවට සැක සිතිය හැකි රහසිගත උමං මාර්ගයක් හමු වී තිබේ.

පෞද්ගලික සමාගමක් විසින් කරන ලද අනවසර කැණීමකදී අඩි 13ක් යටින් මෙම උමං මාර්ග මතු වී ඇත. රාවණා යුගයේදී සීගිරිය මෙරට පාලන මධ්‍යස්ථානයක්ව පැවති බවට සාධක වන නිසා මෙම උමං මාර්ගය රාවණා කතා ග‍්‍රන්ථයේ සඳහන් වන සීගිරියේ සිට ලග්ගලට දිව යන රහසිගත උමං මාර්ග විය හැකි යයි ඉතිහාසඥයෝ මත පල කරති.

අපි සූදුරුයි බතුයි කාලා මඩ වතුර බිව්වා - නිදහස්‌ වූ ධීවරයෝ

අපි වෙන දෙයක්‌ වෙයන් කියලා ශ්‍රී ලංකා, ශ්‍රී ලංකා කියලා අත ඔසවලා කෑ ගැහුවා...
සමහරුන්ගේ ඇඟට උනු වතුර ගැහුවා...
 
ස්‌පාඤ්ඤ නාවික යාත්‍රාව, අප සිටි බෝට්‌ටුවට ළංවුණා. කොල්ලකරුවන් ඔවුන් අතේ තිබුණු ආයුධ බිමට දාලා අපිට කිව්වා බෝට්‌ටුවේ දිගා වෙන්න කියලා. ඊට පස්‌සේ තමයි ඒ නැව අපි හිටිය බෝට්‌ටුව ළඟට ළංවෙලා අපිව බේරගත්තේ.


පෙම්වතා සිය පෙම්වතිය සමග කළු ගඟට බිලි වෙයි

ලෑල්ලක් කඩාගෙන පෙම්වතිය කළු ගඟට වැටිලා...පෙම්වතා අතුරුදන්...

කළුතර බෝධිය අසල දුම්රිය පාලමේ මගී තීරුවේ ගමන් කල තරුණ පෙම්වතුන් දෙදෙනෙකු හදිසි අනතුරක් හේතුවෙන් මියගොස් ඇත.

උපකාරක පන්ති යමින් සිටි පෙම්වතා සිය පෙම්වතිය සමගින් දුම්රිය පාලමේ ගමන් කරමින් සිටින විට එක්වරම ලෑල්ලක් කඩාගෙන පෙම්වතිය කළු ගඟට වැටි තිබේ.

ඉන්දීය දේශපාලනයට සචින් තෙන්ඩුල්කාර්

සචින් සෝනියා ගාන්ධි හමුවට...

ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් දේශපාලනයට පිවිසීමට අදහස් කර ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරනවා.

වාර්තා වන ආකාරයට
ඉන්දීය අගමැති මනමෝහන් සිං මහතා ජනපතිනිය වන ප්‍රතිභා පටෙල් වෙත ලිපියක් යවමින් සචින් ගේ නම ඒ සඳහා යෝජනා කර ඇත.

රාගම රෝහලේ දත් දොස්තර දත් ගලවන මුවාවෙන් කාන්තාවකගේ ලිංගික අවයව අතගාලා

පරීක්ෂා කරන්න හෙටත් එන්න කියලා...
පැය එකහමාරක්  කාමරයේ තියාගෙන...

දත් පරීක්ෂා ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි කාන්තාවකට ලිංගික අතවර සිදුකිරීමේ චෝදනාවක් මත රාගම රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු අද (26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

පසුගිය 24 වන දින කිරිබත්ගොඩ දළුගම ප්‍රදේශයේ පුද්ගලික රෝහලක් වෙත දත් පරීක්ෂා කරවාගැනීම සඳහා ගිය දළුගම ප‍්‍රදේශයේම පදිංචි කාන්තාවක් මෙසේ අතවරයට ලක්ව ඇති බව සඳහන්ය.

ශලනි මේ දිනවල වැඩිපුර කාලය ගතකරන්නේ බ්රුස්කි සමගින්ලු

නැතුවම බැරි ඇගේ අලුත් සුරතලිය...

සිරස කුමරිය මගින් ජනප්‍රියත්වයට පත් ජනප්‍රිය නිලි ශලනි තාරකා මේ දිනවල වැඩිපුර කාලය ගතකරන්නේ සිය අලුත් සුරතලිය සමගින් බවයි වාර්තා වන්නේ.ශලනි මෙම අලුත් සුරතලියට නම් තබා ඇත්තේ "බ්රුස්කි" යනුවෙන්.

කැස්බෑ කට්ටක් මෙන් දිස් වූ ඉන්නා ඉවත් කරයි

පවුලේ සාමාජිකයන් මොහුව කොන් කරලා... 
ඉන්නා ඉවත් කලේ කිසිඳු මුදලක් ද අය නොකරලු...

කැස්බෑ කට්ටක් මෙන් දිස් වන පිටක් සහිත දරුවෙකු පිළිබඳ ව කොලොම්බියාවෙන් වාර්තා වේ.
මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ සය හැවිරිදි කොලොම්බියානු දරුවෙක් වන ඩීඩියේ මොන්ටාල්වෝ ය.

ඔහුගේ පිට පුරා ඇත්තේ කට්ටක් නොව අසාමාන්‍ය ලෙස පිට පුරා පැතිරී ඇති අතිවිශාල ඉන්නෙකි.ඩීඩියේ ගේ ශරීරයේ 40%ක් පමණ වැසී ගොස් තිබූ මෙම ඉන්නා හානිකර බාහිර වැඩීමක් ලෙස වර්ධනය වීමේ අවදානමක් පැවතුනද, එය ඉවත් කිරීම සඳහා මෙම කුඩා දරුවාගේ දෙමාපියන්ට වත්කම්ක් නොතිබුණි.

ඩයලොග් වෙතින් අන්තර් ජාලය ඔස්සේ ව්‍යාපාරිකයින්ට වීඩියෝ සාකච්ඡා

අනවශ්‍ය ගමන් වියදම් අඩුකර ගනිමින් ව්‍යාපාර වලට අන්තර් ජාලය ඔස්සේ රැස්වීම්, මාධ්‍ය හා වීඩියෝ සාකච්ඡා පැවැත්වීම හැකියාව ලබාදෙන WebEx විද්‍යුත් මාධ්‍ය සාකච්ඡා ක්‍රමය ඩයලොග් සහ සිස්කෝ(Cisco) එක්ව ශ්‍රී ලංකාවේ ව්‍යවසාය ක්ෂේත්‍රය වෙත හඳුන්වා දෙයි. 

ඇන්ජලා නමට කුඩු එවා ඇත්තේ බාරගන්න ගිය විදේශිකයාමලු

ඇන්ජලා නමට හෂීස් ගෙන්වූ දෙවැනි සැකකරුත් මාට්ටු...

හෂීස් මත්ද්‍රව්‍ය සහිත සඟරා පාර්සලයක් කොලඹ කොල්ලූපිටියේ හඞ්සන් පාරේ නිවසක ලිපිනයට එවා තිබුනේ එම පාර්සලය බාර ගැනීමට ගොස් අත්අඩංගුවට පත්ව සිටින ‘බ‍්‍රටන් සෙවිල්’ නමැති විදේශිකයාම බව පොලිසිය කියයි.  

සිය සගයා සමඟ නවදිල්ලියට ගොස් හෂීස් මිලට ගෙන ඒවා සඟරාවල අසුරා කොල්ලූපිටියේ  ලිපිනයට තැපැල් කර ඇති බවත් එය ශ‍්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවල මොහු මෙම නිවසේ නැවතී සිට ඇතැයිද හෙළිව තිබේ.

ලොකුම ලාභය වලලා තිබූ ප්ලාස්ටික් කළයෙන් ගත්තු සල්ලියි - විශාඛා

විශාඛාගේ සියලු සේසතම කොල්ල කාලා...

ජනපි‍්‍රය සිනමා නිළියක් වන විශාඛා සිරිවර්ධනට ලැබුණු විශාල ලාභය තමාගේ මුදල් තමාටම ලාභයක් වීම බව වාර්තා වේ. 

විශාඛා විවාහයෙන් පසුව සිය සැමියා සමග පදිංචියට ගොස් ඇත්තේ කටුපොත ප‍්‍රදේශයටය.එහිදී ඇය සිය ජනපි‍්‍රයත්වය ප‍්‍රයෝජනයට ගිනිමින් ෆාමසියක් හා රූපලාවන්‍යාගාරයක් පටන්ගෙන තිබේ.

ෂෙරිල් එක්ක නිතරම ගැවසුණු ටිකක් උස පුද්ගලයා කව්ද ?

අමා ටෙලි නාට්‍යය හරහා ජනප්‍රියත්වයට පත් ෂෙරිල් රොමේන් ඩෙකර් පෙම්වතෙකු සොයයි.

ඒ අනුව ඇය"ටිකක් උස, ඇඟිලි දිග" කෙනෙකුට කැමති බව පවසා තිබුනා. මේ අතරතුර ෂෙරිල් නිතරම පාහේ දක්නට ලැබුනේ "ටිකක් උස" පුද්ගලයෙකු සමගයි. 
ඒ අන්කවරෙකුත් නොව ජනප්‍රිය ගායකයෙකු වන චිලි තිලන්ක සමගයි .චිලි - ෂෙරිල් පසුගිය දින කීපයේ එක්ව සිටියේ ගීතයක් සඳහා රුප රචනාවකට සහභාගී වෙමින්.

ව්‍යාජ වෙබ් අඩවි වෙත ප්‍රවේශ කරවන පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ

අන්තර්ජාලයට පිවිසීමට හැකියාව හීන කරයි...

අහිතකර පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ පැවැත්මට බධා ඇති කරමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

 මෙම වෛරසය පරිගණකයට ඇතුල් වීමෙන් පසු එහි සැකසුම් වෙනස් කරන බවත් අනතුරුව අන්තර්ජාලයට පිවිසෙන්නා ව්‍යාජ වෙබ් අඩවි වෙත ප්‍රවේශ කරවන බවත් සංසදය පවසයි.

ස්‌වෙච්ඡාවෙන් පාසලක්‌ අසල වාහන හසුරුවන ආබාධිත සෙබළෙක්‌

බිම් බෝම්බයකට එක්‌ පාදයක්‌ අහිමි වෙලා...

2000 වසරේ සිට මේ දක්‌වා පාසල් සිසුන්ගේ ආරක්‌ෂාව සඳහා සතියේ දින පහක්‌ පෙ.ව. 7.00 සිට ප.ව. 2.30 දක්‌වා පාසලක්‌ අසල මහ මග වාහන හැසිරවීමෙහි යෙදී සිටින ආබාධිත හමුදා සෙබළෙකු පසුගියදා අපට හමු විය.

පකිස්ථාන දිය කිඳුරිය වීනා මලික්ගේ නිරුවත්වීමෙන් වැඩ ගොඩයි

මෙය වංචාකාර පිරිසකගේ වැඩක් ලු...

පකිස්ථාන දිය කිඳුරිය නමින් හඳුන්වන ‘වීනා මලික්’ පසුගියදා FHM යන සඟරාවකට නිරුවතින් පෙනී සිටීම හේතුවෙන් රට පුරා කාම රැල්ලක් ඇත් වෙමින් පවතින බවට එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

මැය විසින් මෙලෙස සෙල්ලක්කාර දර්ශන වලට පෙනී සිටිමින් ඩොලර් මිලියන ගණනින් මුදල් අය කිරීම මීට පෙර අවස්ථා කීපයකදීම සිදුවී ඇත.

හාම්පුතාත් දේපලත් රැකදී බල්ලා වෙඩි කයි..!

බල්ලා කූඩුව කඩාගෙන කොල්ලකරුවන් වෙත කඩා පැනලා...

තම හාම්පුතාගේ ජීවිතයත්, දේපලත් රැකදී කොල්ලකරුවන් අතින් මැරුම් කෑ බල්ලෙකු පිළිබඳ පුවතක් මීරිගම ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

ඊයේ රාත‍්‍රියේ මීරිගම මාලදෙනිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු සිය නිවසට ඇතුළු වෙද්දී කොල්ලකරුවන් දෙදෙනෙකු ඔහු පසුපසින් නිවසට ඇතුළු වී පොරබදා ඇත.

තණකොළ ඔබා රෙදි පටියකින් මුහුණ ගැට ගසා තරුණියක් දුෂණය කරලා

තරුණියගේ මුහුණ හා පපුතුවාල...
ගම්පොලින් මහනුවර රෝහලට...
 
ගම්පොල කුරුඳුවත්ත, උදහෙතන්න ප‍්‍රදේශයේ
පුද්ගලයෙකු නිවසක දුරකතන ඇමතුමක් ලබැගනිමින් සිටි විසි හැවිරිදි තරුණියක් බලහත්කාරයෙන් පාලූ ප‍්‍රදේශයකට ඔසවාගෙන ගොස් කටට තණකොළ ඔබා රෙදි පටියකින් මුහුණ ගැට ගසා මෙසේ කෙළෙසා ඇත.

අනර්කලී ටෙලි නාට්‍යය වලින් ඉවත් කිරීමේ සැලැස්මක්

දිගින් දිගටම ටෙලි නාට්‍යය බාරගෙන ඒවා මග හැරලා ...



ජනප්‍රිය නිලියක් මෙන්ම දකුණු පළාත් සභා මන්ත්‍රිනීයක් වන අනර්කලී ආකර්ෂා මෙනෙවිය ටෙලි නාට්‍යය වලින් ඉවත් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ.

ටෙලි නාට්‍යය සඳහා පැමිණෙන ඇයගේ හැසිරීම බොහෝ දෙනෙකුට ප්‍රියජනක නොවීම මෙන්ම පසුගිය කාලයේ ඇය විසින් දිගින් දිගටම ටෙලි නාට්‍යය බාරගෙන ඒවා මග හරිම නිසා ටෙලි නාට්‍යය ශිල්පින් ඇය කෙරෙහි අප්‍රසාදයෙන් පසුවන බව වාර්තා වේ.

මම මගේ මව් රටට එන්නේ රූප රැජින තේරීමේ තරගයක් විනිශ්චය කරන්නයි - ජැකලින්

මේ අවුරුද්දෙත් ඒ වෙනුවෙන් මම එනවා...

ජැකලින්ට රේස් 2 චිත්‍රපටයේ ත්‍රාසජනක සටන් ජවනිකා කිහිපයක් නිරූපණය කිරීමට සිදුවෙලා. මට මේ ජවනිකා පෙළ නිරූපණය කරන්න වෙන්නේ මැයි මාසේ රූපගත කිරීම් වලදීයි. 

ඒ වුණත් මම පහුගිය නොවැම්බර් මාසයේ ඉඳන් මේ රූපගත කිරීම් වෙනුවෙන් ලෑස්ති වුණා. මගේ සිරුරත් ඒකට ගැළපෙන විදිහට හදා ගත්තා. සටන් ජවනිකා පුරුදු වුණා. 

ව්‍යායාම් එහෙමත් කළා. අපිට පිරිමි වගේ පුහුණුවීම් වල යෙදෙන්න නම් අමාරුයි. ඒත් කාන්තාවන් හැටියට අපි, අපේ සිරුරේ නම්‍යශීලීත්වය වගේම ජවසම්පන්න බවත් රඳවාගන්න ඕනෙ.

වික්ටොරියා බෙකම් සහ ලෑන්ඩ් රොවර් සමාගම එක්ව නිපදවූ මෝටර් රථය

ලංකාවේ මුදලින් කෝටි 2 ක්...

සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම්ගේ බිරිඳ වන සුපිරි ගායන ශිල්පි වික්ටොරියා බෙකම් සහ ලෑන්ඩ් රොවර් සමාගම එක්ව නිපදවූ සුඛෝපභෝගී රේන්ජ් රෝවර් මෝටර් රථය පසුගිය දා චීනයේදී එළිදැක්වන ලදී.