Ads 468x60px

.

ලොකුම ලාභය වලලා තිබූ ප්ලාස්ටික් කළයෙන් ගත්තු සල්ලියි - විශාඛා

විශාඛාගේ සියලු සේසතම කොල්ල කාලා...

ජනපි‍්‍රය සිනමා නිළියක් වන විශාඛා සිරිවර්ධනට ලැබුණු විශාල ලාභය තමාගේ මුදල් තමාටම ලාභයක් වීම බව වාර්තා වේ. 

විශාඛා විවාහයෙන් පසුව සිය සැමියා සමග පදිංචියට ගොස් ඇත්තේ කටුපොත ප‍්‍රදේශයටය.එහිදී ඇය සිය ජනපි‍්‍රයත්වය ප‍්‍රයෝජනයට ගිනිමින් ෆාමසියක් හා රූපලාවන්‍යාගාරයක් පටන්ගෙන තිබේ.


ඇගේ ජනපි‍්‍රයත්වය හේතුවෙන්ම අදාල ව්‍යාපාර දෙකෙන්ම විශාල ලාභයක් ලබා ගැනීමට ද ඇයට හැකිවී ඇත.කෙසේවුවද ලාභයෙන් කොටසක් වෙන්කිරීමට ඇගේ මව ඇය පොළඹවා ඇති අතර එම මුදල් ප්ලාස්ටික් කලයක බහා ඔවුන්ගේ දරගෙයි මුල්ලක වැලලීමටත් තීරණය වීමෙන් පසුව එය එසේ සිදුකර ඇත.

වසර 1989 භීෂණ සමයේදී සන්නද්ධ කණ්ඩායම් විසින් ඔවුන්ගේ සියලු සේසතම කොල්ලකා තිබේ.ඉන්පසු ඔවුන්ට කටුපොත සිටීම එපාවී ඇති අතර ඔවුන් මීගමුවේ ඉඩමක් ගෙන නිවසක් සාදා තිබේ.

එම ඉඩමේ වටිනාකම ලක්‍ෂ 3ක්වී ඇති අතර ඉන් රුපියල් 164,000 ක් සොයාගෙන ඇත්තේ වලලා තිබූ ප්ලාස්ටික් කළයෙනි.පසුව මීගමුවේ ඉඩමේ තැනූ නිවස ලක්‍ෂ 15 කට විකුණූ බවත් වර්තමානයේ සිටින කළගෙඩිහේණේ නිවස ගෙන ඇත්තේ එම මුදලින් බවද වාර්තා වේ.

එදා ඒ අසීරු අවස්ථාවේ තමාගේ සල්ලි තමාටම ප‍්‍රයෝජනවත්වීම තමා ලැබූ ලොකුම ලාභය බව විශාඛා පවසන්නීය.
 
Related Posts with Thumbnails