Ads 468x60px

.

භාරතගේ අවසන් කටයුතු වලට රාජ්‍ය අනුග්‍රහය - දුමින්දගේ තත්වයේ වෙනසක් නැ


මුල්ලේරියාවේ දී වෙඩි වැදී අද (12) 4වැනි දිනටත් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ තත්ත්වයේ වෙනසක් නැතැයි ද ඔහු සම්බන්ධ කැර ඇති යන්ත‍්‍රවල තොරතුරු අනුව වෛද්‍යවරුන් නිරන්තර සෝදිසියෙන් සිටින්නේ යැයි ද රෝහල් අධ්‍යක්ෂ දොස්තර එස්.ඒ.කේ ගමගේ පවසයි.

මුල්ලේරියාවේ වෙඩි තැබීමකින් මියගිය හිට‍පු පාර්ලිමේන්තු මන්ත්‍රී වෘත්තීය සමිති කටයුතු පිළිබද ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දේහය පිළිබද අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව අ පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

දේහය පස්වරු 2 ට නිව‍සින් පිටතට ගෙන පස්වරු 4 ට කොලොන්නාව උමගිලිය ක්‍රිඩාංගනයේදී ආගමික වතාවත් කර පස්වරු 6 ට චිතකයට ගිනි දැල්වීමට සැලසුම් කර ඇති බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රේණුක පෙරේරා සදහන් කළේය.

ඔහු පැවසුවේ අ පස්වරු 1.30 පමණ වනතුරු දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට අවස්ථාව ලබාදෙන බවයි.

මේ අතර අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් දින විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

එම ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කොලොන්නාව මංසන්දියෙන් දෙමටගොඩ දෙසටත්, දෙමටගොඩ සිට සුගුණසාර පාර මංසන්දිය හරහා කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය සාමාන්‍ය වාහන ගමනා ගමනය සදහා වසා තබන බවයි.

එම මාර්ගයේ අවමංගල්‍යය නිවස වෙත පැමිණෙන වාහන පමණක් ඇතුළු කිරිමට අවස්ථාව ලබාදෙන බව පොලිසිය පවසයි.

පොලිසිය සදහන් කළේ ගොතටුවේ සිට කොලොන්නාවට පැමිණෙන වාහන පිරිවෙන මංසන්ධියේදී නවතනු ලබන අතර සැහැල්ලු වාහන පමණක් මාර්ගයේ දකුණු තිරයේ කොලොන්නාව හරහා වැල්ලම්පිටිය දෙසට ධාවනය කරවීමට නියමිත බවයි.

වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දෙසට කිසිඳු බරවාහනයක් ඇතුළු කිරිමට ඉඩ ලබා‍ නොදෙන අතර එම කොටස තුළ පදිංචිකරුවන්ගේ වාහන සහ අවමඟුල් නිවස වෙත පැමිණෙන වාහන පමණක් ධාවනයට අවස්ථාව සැලසෙනු ඇති.

අනෙක් සියලු වාහන වැල්ලම්පිටිය මංසන්ධියෙන් ඔරුගොඩවත්ත හරහා කොළඹට ධාවනය කිරීමට ඉඩ සලසා තිබේ.

පොලිසිය පවසන්නේ දෙමටගොඩ සිට කොලොන්නාව දෙසට ධාවනය කෙරෙන සියලු බරවාහන තෙල් සංස්ථාව මංසන්ධියෙන් වමට හරහා මීතොටමුල්ල දෙසින් කොළඹ අවිස්සාවේල්ල පරණ පාර දෙසට ධාවනය කළයුතු බවයි.

සියලු සැහැල්ලු වාහන ගජබාපුර මාර්ගයේ ඔබේසේකරපුර හරහා රාජගිරිය දෙසට ධාවනය කළයුතු අතර වැල්ලම්පිටියේ සිට පැමිණෙන සැහැල්ලු වාහන විහාර මාවත ඔස්සේ මීතොටමුල්ල ලංගම ඩිපෝව හරහා ධාවනය කර කොළඹ අවිස්සාවේල්ල පරණ පාර වෙත යොමු කරන බව ද පොලිසිය පවසයි.
 
Related Posts with Thumbnails