Ads 468x60px

.

භාරතගේ දියණිය දේශපාලනයට - දුමින්දට තාමත් අසාධ්‍යයි


මුල්ලේරියාවේ දී වෙඩි වැදී අද (12) සිවුවැනි වැනි දිනට දුමින්ද සිල්වා මහතාව  ශල්‍යකර්ම දෙකකට භාජන කර ඇත. මෙම ශල්‍යකර්මවල ප්‍රගතිය සෑහීමකට පත්විය හැකි තත්ත්වයේ වන බව සැත්කම් සිදු කළ විශේෂඥ වෛද්‍ය  කණ්‌ඩායම සනාථ කර තිබේ.


කෙසේවුවද මෙම තත්වය යටතේ දුමින්ද සිල්වා මහතාව අවම වශයෙන් මාස 03 ක් රෝහලේ තබා ගැනීමට සිදුවන බව වෛද්‍යවරුන් ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම්දී ඇත.

භාරතගේ දියණිය දේශපාලනයට
තම පියාගේ කාර්යභාර්ය ඉටු කිරීමට ඉදිරියේදී දේශපාලනයට පිවිසීමට අපේක්ෂා කරන බව නොබෝදා ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණියවන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය කියයි.

ඇය මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ දිනපතා පුවත්පතක් සමඟ සංවාදයකට එක් වෙමිනි.

තාත්තා දිවි ඇති තුරාවට මිනිසුන් හම්බකර ඇති බවඇය පවසා තිබේ.

කෙසේවුවද ඇය කුමන දේශපාලන පක්‍ෂයෙන් දේශපාලන ගමන ආරම්භ කරන්නේද යන්න මෙතෙක් හෙළිකර නොමැත.ඇය වැඩිදුරටත් මෙසේ පවසා තිබේ.

”තාත්තා සැහැල්ලූ චරිතයක්. කිසිම කෙනෙකුට හිංසාවක් කළේ නැහැ. කිසිම මනුස්සයෙකුට බැන්නෙත් නැහැ. ඒක තමයි මල්ලිටයි මටයිත් පිහිටලා තියෙන්නේ. අඩුම තරමේ කිසිම සතෙකුටවත් හිංසාවක් කළේ නැහැ. එහෙම මනුස්සයෙක්ව සතෙක් වගේ මරල දැම්මා. මල ගෙදර එන සෙනඟ දැක්කම තාත්තා මොන තරම් ජනප‍්‍රිය කෙනෙක්ද කියලා තේරෙනවා. තාත්තා අපිට මොනවත් ඉතිරි කළේ නැහැ. එයා ඉතිරි කළේ මේ ජනතාව විතරයි.

තාත්තට වෙඩි තිබ්බ පාර්ශවය සමඟත් සෙනග හිටියා. කෝ එයාව බලන්න මිනිස්සු ගියා කියල ආරංචියක් තියෙනව ද ? අපි හිතුවේ කොලොන්නාවේ ජනතාව විතරයි තාත්තට ඉන්නේ කියල. අද බලපුවාම මුළු රටේම ජනතාව තාත්ත බලන්න ආවා.

මගේ මල්ලි දේශපාලනයට කැමති නැහැ. නමුත් මම ඊට කැමතියි. කොළොන්නාවට සිංහයෙක් වගේ හිටපු මනුස්සයෙක් අද නැති කළා. සතෙකුට වත් හිංසාවක් නොකළ තාත්තා සතෙක් වගේ මැරුවා. අද කොළොන්නාව බාරගන්න කෙනෙක් නෑ.

මම බලාපොරොත්තුවෙනවා කොළොන්නාව තනි නොකරන්න. මට කවදාවත් තාත්තා වෙන්න බැහැ. නමුත් තාත්තා ළඟ තිබුණු මිනිස්සුන්ට උදව් කිරීමේ කැමැත්ත මම ඉදිරියට රැගෙන යන්න සූදානම්.’’
 
Related Posts with Thumbnails