Ads 468x60px

.

රන්ජන් අනර්කලීව පෙම්වතිය කර නොගත්තැයි අනර්කලීට මල පැනලා...

අනර්කලී 'අන්ට්‍රි ලී' වුනේ කොහොමද..?

ජනප්‍රිය නිළියක් වන අනර්කලී ආකර්ෂා සමග බර්මින් ලයිලි ප්‍රනාන්දු මහතාගේ නව චිත්‍රපටය වන 'අල්ලපු ගෙදර' චිත්‍රපටයේ මුහුරත් උළෙලේදී ගැටුමක් ඇති නොවූ බව ජනප්‍රිය නළු රන්ජන් රාමනායක අපත් සමග පැවසුවා.

රන්ජන් එහි අධ්‍යක්ෂ බර්මින් ලයිලිට කියා සිටියේ මේ චිත්‍රපටියේදී අනර්කලී තමාගේ පෙම්වතිය කරගත නොහැකි බව යැයිද ඊට කිපුනු අනර්කලී තමා සමග ගැටුණු බවද ඔහු පැවසුවා.

රන්ජන් ඇයව ප්‍රතික්ෂේප කරන්නේ ඇය මේවන විට කලහකාරී චරිතයක් වී ඇති නිසා බවද ඔහු පවසනවා. තමා අනර්කලීව තල්ලු කල බවත්, ඇය බිමවැටුණු බවත් ඇය තැනින් තැන කියමින් යන්නේ ජනප්‍රියත්වය ගැනීමට බවද රන්ජන් සදහන් කරනවා.

මේ අවස්ථාවේ අධ්‍යක්ෂ බර්මින් ලයිලි ප්‍රනාන්දු, ජීවන් කුමාරතුංග, ටෙනිසන් කුරේ හා අනූෂා දමයන්ති යන ශිල්පීන් ද සිටි බවත් එවැන්නක් සිදු වූයේදැයි ඔවුන්ගෙන් දැන ගැනීමට හැකි බවද ඔහු අප සමග
පැවසුවා. රාජගිරිය ප‍්‍රදේශයේ අවන්හලකදී මේ ගැටුම ඇති වූ බව පැවසෙනවා.

කෙසේ වු
ද සිද්ධිය සම්බන්ධයෙන් අනර්කලී මාධ්‍යට පවසා තිබුනේ මෙවැන්නක්.

මාලිංගට එරෙහිව ෆේස්බුක් හිස ඔසවයි (පින්තුර)


ඇතුළේ කථා කරපු දේවල් මට එළියෙ කියන්න බෑ...
ක‍්‍රිකට් ගිවිසුම ගැන රැස්වීමේදීත් මාලිංග රාත‍්‍රි ආහාරය සෙවූ හැටි..
මොන ගිවිසුමක් ද අපිට ඩිනර් එකක් තිබුණා, ඒකට ගියා... 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ වේග පන්දුයවන්නකු මෙන්ම විස්සයි 20 පිලේ උප නායක ලසිත් මාලිංග අන්තර්ජාතික මට්ටමේ ක‍්‍රීඩකයකුට නොගැලපෙන ලෙස හැසිරීමට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව අප කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන නිලධාරියකු පැවසුවේ මාලිංගගේ හැසිරීම පිළිබඳව මේ වන විට ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියා ගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවත් එම වාර්තාව ලැබුණු පසු ඉදිරි කටයුතු කිරීමට නියමිත බවත්ය.

වාර්ෂික ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පසුගිය 03 වැනිදා රාත‍්‍රි පැවැති සාකච්ඡවට සහභාගි වීමෙන් පසුව සහ පසුදින වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීමට පැමිණි අවස්ථාවේදී මාලිංග මාධ්‍යවේදීන්ට පහත් ලෙස ප‍්‍රතිචාර දැක්වීම මෙම විනය පියවර ගැනීමට තීරණය කිරීමට හේතුවී
තිබෙනවා.

දුමින්ද දැන් ඉන්න හැටි (පින්තූර)

ඔලුවේ හරහට ලොකු පැලුමක්..

නීතිඥයින් ෆොටෝ උසාවියට ගෙනෙයි...

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා කොළඹ නවලෝක රෝහලේ රඳවා සිටින කාමරයට පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා සැකකාර දුමින්ද සිල්වා යන අය ලබන 14 වැනිදා බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දෙපාර්ශවයේ නීතිඥයින් හා රහස් පොලිස් නිලධාරින් අධිකරණය හමුවෙහි කරුණු දැක් වූ අතර ඉන් අනතුරුව නවලෝක රෝහලට ගොස් සැකකාර දුමින්ද සිල්වාගේ තත්ත්වය සොයා බලා නියෝගයක් ලබා දෙන බව මහේස්ත්‍රාත්වරයා අධිකරණයට
පැවසුවා.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නවලෝක රෝහලට අද පැමිණි
අතර පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා පැවසුවේ දුමින්ද සිල්වාට කර තිබෙන සැත්කම් අනුව ඔහු රෝහලෙන් පිටතට ගෙන ගියහොත් තුවාල වලට විෂබීජ ඇතුළු වී මරණය පවා සිදුවන්නට ඉඩ තිබෙන බවයි.