Ads 468x60px

.

මාලිංගට එරෙහිව ෆේස්බුක් හිස ඔසවයි (පින්තුර)


ඇතුළේ කථා කරපු දේවල් මට එළියෙ කියන්න බෑ...
ක‍්‍රිකට් ගිවිසුම ගැන රැස්වීමේදීත් මාලිංග රාත‍්‍රි ආහාරය සෙවූ හැටි..
මොන ගිවිසුමක් ද අපිට ඩිනර් එකක් තිබුණා, ඒකට ගියා... 

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ වේග පන්දුයවන්නකු මෙන්ම විස්සයි 20 පිලේ උප නායක ලසිත් මාලිංග අන්තර්ජාතික මට්ටමේ ක‍්‍රීඩකයකුට නොගැලපෙන ලෙස හැසිරීමට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව අප කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන නිලධාරියකු පැවසුවේ මාලිංගගේ හැසිරීම පිළිබඳව මේ වන විට ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියා ගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවත් එම වාර්තාව ලැබුණු පසු ඉදිරි කටයුතු කිරීමට නියමිත බවත්ය.

වාර්ෂික ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පසුගිය 03 වැනිදා රාත‍්‍රි පැවැති සාකච්ඡවට සහභාගි වීමෙන් පසුව සහ පසුදින වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීමට පැමිණි අවස්ථාවේදී මාලිංග මාධ්‍යවේදීන්ට පහත් ලෙස ප‍්‍රතිචාර දැක්වීම මෙම විනය පියවර ගැනීමට තීරණය කිරීමට හේතුවී
තිබෙනවා.

ක‍්‍රිකට් ගිවිසුම ගැන රැස්වීමේදීත් මාලිංග රාත‍්‍රි ආහාරය සොයයි...
වාර්ෂික ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පෙරේදා (03) රාත‍්‍රි පැවැති සාකච්ඡවට සහභාගි වී පිටව යන අතර වාරයේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ වේග පන්දුයවන්නකු වන ලසිත් මාලිංග මාධ්‍යවේදීන්ට ප‍්‍රතිචාර දැක්වූ ආකාරය අන්තර්ජාතික මට්ටමේ ක‍්‍රීඩකයකුට තරම් නොවන මට්ටමක පැවතුණි.

මාධ්‍යවේදීන් සාකච්ඡවේදී සිදුවූ දේ පිළිබඳව ලසිත් මාලිංගගෙන් විමසා සිටි අවස්ථාවේදී ලසිත් මාලිංග පවසා ඇත්තේ ‘මොන ගිවිසුමක් ද අපිට ඩිනර් එකක් තිබුණා, ඒකට ගියා’යනුවෙනි.  

මාලිංග දෙසට කැමරාව යොමු කළ මාධ්‍යවේදීන් වෙත ද අප‍්‍රසාදය පළ කළ මෙම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ඔවුන්ගෙන් විමසා සිටියේ ‘මොකද මගේ මුහුණ දැකලා නැද්ද’ කියාය.


ලසිත් මාලිංග, ශ්‍රී ලංකා ක‍්‍රිකට් වාර්ෂික ගිවිසුමේ ඉහළම කාණ්ඩයට ඇතුළත්ව සිටින ක‍්‍රීඩකයකු වන නමුත් ඔහු ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීම නිසා කොන්ත‍්‍රාත් මුදලින් 60% ප‍්‍රමාණයක් පමණක් හිමිවේ. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් අතරින් මුදල් ගෙවන විදේශිය තරගාවලි වැඩිම ප‍්‍රමාණයකට සහභාගි වන ක‍්‍රීඩකයා ද මාලිංග වේ.

ටෙස්ට් සහ එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්, හිටපු නායක කුමාර් සංගක්කාර සහ විස්සයි 20 නායක දිනේෂ් චන්දිමාල් මාධ්‍යවේදීන්ට මෙහිදී ඉතාමත් සුහදශිලි ලෙසත් මහත්වරු ලෙසත් ප‍්‍රතිචාර දැක්වූහ.

එහිදී සංගක්කාර පවසා ඇත්තේ තමන් ගොඩක් වෙහෙසට පත්ව සිටින බවත් ගිවිසුම පිළිබඳව ප‍්‍රශ්නයක් තිබූ බවත් ඒ පිළිබඳව සාකච්ඡ කිරීමට තමන් ගිය බවත්ය.

ඇතුළේ කථා කරපු දේවල් මට එළියෙ කියන්න බෑ, නමුත් ගිවිසුම පිළිබඳ ප‍්‍රශ්නයක් තිබුණා එය විසදා ගැනීමට ගියා යැයි ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.


එහි තවත් විස්තර පහතින් 

ශ්‍රී ලංකා ක්‍රීකට් ඉතිහාසයේ කළු පැල්ලමක් ඉතිරියි කරමින් ක්‍රිකට් ක්‍රීඩකයින් 23 දෙනෙකු සිය වාර්ෂික කොන්ත‍්‍රාත්තුවට අත්සන් නොකළේ ජ්‍යෙෂ්ඨයින්ට මසකට ලක්ෂ 40 වැටුපත් කනිෂ්ඨයින් ලක්ෂ 20 වැටුපත් ප්‍රමාණවත් නැතැයි පවසමින් සහ මෙතෙක් කල් ක්‍රීඩකයින්ගේ බිරින්දෑ වරුන්ට ලබාදුන් වසරකට වරක් ලබාදෙන විදේශ සංචාරය (බිස්නස් ක්ලාස් ටිකට්) අත්හිටුවීම යන කරුණු මුල් කරගෙනය.මේ සම්බන්ධයෙන් ඔවුන් පෙරේදා රෑ පරිපාලකයන් සමග මේ ගැන කළ තීරණාත්මක සාකච්ඡාව උණුසුම් මුහුණුවරක් ගත්තා.

එය අවසන්වූයේ මුදල් ගැන වැඩි උනන්දුවක් තිබුණ ඇතැම් ක්‍රීඩකයින්ගේ කෝපය අවුස්සාය.ඇතුළතදී කෝපයෙන් ගිගුරුවත් ඒ සමහර අය පිටතට ඒබව සගවා සිටියා.

සිද්ධිදාමයේදී මුදල් නිසා වැඩියෙන්ම කෝපයට පත් තැනැත්තකු වූයේ ලසිත් මාලිංගයි. රැස්වීම නිමවා ඔහු රාත්‍රියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටතට එන විට එක්වරම හමුවූයේ මාධ්‍ය කැමරා ශිල්පීන්ය. ඒ අවස්ථාවේ ඔහු ඔවුන්ට රවමින් බොරු කියූ අතර තඹයකට මායිම් කළේ නැත. පසුදා අත්සන් කරන්නට වාහනයෙන් එනවිටත් ඔහු වටකර මාධ්‍යවේදීන් ප්‍රශ්න අසන්නට සූදානම්වෙද්දී ඔවුනට අවමන් කර ගස්සා පිටව යන්නට තරම් මාලිංග උඩගු වූයේය.

පලවෙනි සිදුවීම මාර්තු 3 රාත්‍රියේ
කන්ට්‍රැක්ට් එකට මොකද වුනේ? මාධ්‍යවේදීන් ඇසූවිට.. මොකක්ද..කන්ට්‍රැක්ට්.. අපි මේ පාටියක් තිබ්බ ඒකට පොඩ්ඩක් ආවා.
කන්ට්‍රැක්ට් එකට අත්සන් කළේ නැද්ද? මොකක්ද?..ඒ මං මේ පොඩි ෆන්ක්ෂන් එකකට ආවෙ..කන්ට්‍රැක්ට් එකකට ආපු කට්ටියගෙන් අහගන්න.. (එසේ කියා ඔහු මාධ්‍යවේදීන්ට ඔරවමින් වාහනයේ නැගී පිටව යයි)

දෙවෙනි සිදුවීම මාර්තු 4 දහවල්
අපිට පොඩ්ඩක් කථා කරන්න පුළුවන්ද? මාධ්‍යවේදීන් ඇසූවිට..
ඇයි මීට කලින් මාව දැකල නැද්ද? වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න..(එසේ කියූ ඔහු වාහනයේ දොර හයියෙන් වසා ගස්සාගෙන ගොස් ඔරවමින් පසෙකට වී සිටගෙන සිටියේය)

මාධ්‍යවේදීන්ට අවමන් කරමින් ලසිත් මාලිංග කළ මේ හැසිරීම ඊයේ එම සිද්ධිය නිසා අපහසුතාවයට ලක්වූ රූපවාහිනී, ස්වර්ණවාහිනී හා දෙරණ ප්‍රවෘත්ති මගින්ද ප්‍රචාරය වූ අතර ඔහුගේ ලොකු ලෙවල් මෙතෙක් කල් ඔහු කෙරේ තිබුණ පහැදීමට හානි කර විය.ඇත්තටම ඔහු කෝපවී සිටියේ මාධ්‍ය සමග නොව මුදල් තණ්හාව නිසා බව පැහැදිලි විය.


මාලිංගගේ ලොකු ලෙවල් හැසිරීම දෙරණ කැමරාවට හසුවූ අයුරු



මාලිංගගේ ලොකු ලෙවල් හැසිරීම රූපවාහිනී කැමරාවට හසුවූ අයුරු











































 
Related Posts with Thumbnails