Ads 468x60px

.

21 වෙනිදා ලෝක විනාශයෙන් බේරෙන්න ප්‍රංශයට එන්න

විනාශ නොවන ගම්මානය විදේශිකයන්ගෙන් බේරා ගැනීමට දැනටමත් ‍පොලිස් මුර...

යුරෝපයේ උෂ්ණත්වය සෘතු භේද අනුව කාල පරිච්ජේද හතරකට වෙන්වී ඇත. මෑත කාලයේ යුරෝපයේ පැවැතී ඇති උෂ්ණත්ව කාල සටහනේ අගයන් සාමාන්‍යයක් ලෙස සෙන්ටිග්‍රේඩ් අංශක 45 හා සෘන අංශක 16 අතර වෙයි. 

මෙම උෂ්ණත්ව අන්තරයන්හි පැවැතීම අවබෝධ කරගත් මිනිසා අවුරුද්දේ ඒ ඒ මාසයන්හි පවතින කාලගුණයන්ට අනුකූලව සෘතු හතරකට බෙදා වෙන් කර ගත්තේය.මේ විභේදනය සරත් සෘතුව, ග්‍රීෂ්ම සෘතුව, සීතල සෘතුව, හා වසන්ත සෘතුව ලෙසින් හැඳින්වේ. 

මේ අනුව යුරෝපයේ මෙන්ම ලෝකයේ වෙනත් රටවලද ජීවත් වන්නෝ ඉහත සෘතු විභේදනයට අනුගත වී සිටින්නෝය. සෘතුවේ පවතින උෂ්ණත්වය අනුව, ඇඳුමෙන් පැළඳුමෙන් ගමනෙන් බිමනෙන් කෑමෙන් බිමෙන් ආදී වශයෙන් සිදුවන සම්පූර්ණ ජීවන ක්‍රියාදාමයට මිනිසා නොදැනුවත්වම අනුවර්තනයවී සිටින්නේය. 


කටකතා හැදෙනවා මම ඒකට හරි කැමතියි - මේනකා

ඇත්තටම දේශපාලන ගැන මගේ දැනුම බින්දුවයි... 

දේශපාලනයට සම්බන්ධ මිනිස්සු මම අඳුරන්නේ නැහැ...

ඩාන්ස් ස්ටාර් ඩාන්ස් රියැලිටි නර්තන තරගාවලියෙන් අතිශය ජනප්‍රියත්වයට පත් වූ මේනකා පීරිස් මේ වන විට රංගන ශිල්පිනියක් ද වී හමාරයි.

මොණරතැන්න, සිදංගනාවෝ මෙන්ම වැහිළිහිණි යන ටෙලිනාට්‍ය වල ඇය ප්‍රධාන චරිත නිරූපණය කරයි.

කලා ක්ෂේත්‍රයට පිවිස නොබෝ දිනකින්ම ජනප්‍රියත්වය පත් වූ මේනකා ‍ගැන පසුගිය කාලයේ විවිධ කටකතා පැතිරුණේත් ඉතාමත් ඉක්මණින්මයි.

රියැලිටි තරගයේ දී විනිශ්චය සදහා සහභාගී වූ අමාත්‍ය මර්වින් සිල්වාගේ විශේෂ අවධානය මේනකා දිනාගත් බවත් ක්ෂේත්‍රය පුරාම පැතිර ගිය කතාවකි.

තවද ප්‍රසිද්ධ නගරාධිපති‍වරයෙක් ඔහුගේ පෞද්ගලික වියදමින් ඩාන්සින් ස්ටාර් තරගයට මේනකාගේ ඇදුම් නිර්මාණය කර දුන් බවත් ජනප්‍රිය ඇමතිවරයෙක් මේනකාගේ 21 වැනි උපන්දින සාදයට වියදම් කල බවත් ‍පැතිර ගිය කතාවන්ය.

තවමත් වයස අවුරුදු 22 වැනි වියේ පසුවන සුන්දර තරුණියක් වූ මේනකා පවසන්නේ ඇයට කලා ලොවේ තව බොහෝ දුරක් යෑමට ඇති බවයි. කෙසේවෙතත් මෙම කටකතා වල සත්‍ය අසත්‍ය තාවය ගැන මේනකා නම් දරන්නේ මෙවන් අදහසකි.

පිටසක්වළ ජීවීන් පිලිබඳ මෙතෙක් හෙළි නොවුණු කතා..

මට දුවන්න ලැබුණේ ටික දුරක් පමණයි... 

කවුරුන් හෝ මාව පිටුපසට ඇද්දා. මම නතර වුණා... 

හෙල්මටයක් පැළඳි අරුම පුදුම මිනිසකු වගේ ජීවියෙක් මගේ අසලින්ම සිටියා... 

පිටසක්වල යානා ලෙස සැකකරනු ලබන අද්භූත ආකාශ වස්තු මෙන්ම පිටසක්වල ජීවීන් පැමිණි බවට විශ්වාස කළ හැකි අරුම පුදුම රූපකායක් සහිත ජීවීන් දුටු අවස්ථා ගණනාවක් ලෝකය පුරා වාර්තා වී තිබෙනවා

මේ අතර පෘථිවි වාසීන් රැගෙන ගොස් පිටසක්වලින් පැමිණි ජීවීන් විසින් නොයෙකුත් පර්යේෂණ සඳහා යොදාගත් බව පවසන සිදුවීම් රාශියක් ද ලොව පුරා වාර්තා වී තිබෙනවා.

1978 ඔක්තෝබර් මස 21 වැනි දිනයයි. මෙල්බෝන්හි පදිංචි ෆෙඞ්රික් වැලන්ටිච් ලාබාල ගුවන් නියමුවෙකි. ඔහු විසි හැවිරිදිය. එදින රාති‍්‍රයේ කෙස්නා 182 වර්ගයේ සැහැල්ලූ ගුවන් යානයක් පදවමින් හෙතෙම බාස් ස්ටේ‍්‍රට් ප‍්‍රදේශයට ඉහළින් ගමන් කරමින් සිටිය දී ඔහු හදිසියේම අතුරුදන් වූවේය. 

එම යානය සොයා ගැනීමට තවත් යානා යෙදවිණි. ගුවන්ගත වී පැයකට පමණ ආසන්න කාලයක් ගියපසු මෙල්බෝන් පාලක මධ්‍යස්ථානය හා සම්බන්ධ වූ වැලන්ටිච් පාලක මැදිරියෙන් විමසා ඇත්තේ තමන් ගමන් කරමින් සිටින ස්ථානය ආසන්නයේ අඩි 5000ක් පමණ ඉහළින්

අම්පාරේ පොළොව මේ තරම් හෙල්ලෙන්නේ ඇයි...?

මොනවා වෙනවාද කියලා හිතාගන්න බැහැ... 

දෙසැම්බර් මාසයේ ලෝක විනාශය වෙනවනේ... 

මේවා කවදා වෙච්ච දේවල්ද මේ වෙන කොට 27 වතාවක්‌ භූ චලන සිදුවෙලා තියෙනවා.

තව ඉස්‌සරහට මොනවයින් මොනවා වෙයිද කව්ද දන්නේ... 

යනුවෙන් අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ජනතාව මේ අයුරින් විවිධ අදහස්‌ පළ කරන්නට වුනා.

වඩිනාගල, කෙත්සිරිගම, ගලපාමුල, ගල්කන්ද, කිව්ලේගම, දේවාලහිඳ ආදී ගම්මාන රැසක දිගින් දිගටම ඇති වූ භූ චලනයන් නිසා මෙලෙස භීතියට පත් ජනයා විවිධාකාරයෙන් අදහස්‌ පැවසුවා. අලුත් අත්දැකීමක්‌ බැවින් බොහෝ දෙනකුගේ දැඩි කුතුහලයටද මෙම සිදුවීම් ලක්‌වන්නට වුනා.


මීට මාස ගණනාවකට ඉහතදී කෙත්සිරිගම පදිංචි කිහිප දෙනකු පවසා සිටියේ පුංචි භූමිකම්පාවක්‌ ඇති උනා. එකපාරම ගේත් එක්‌ක දෙදරුම් කාගෙන ගියා. එය එතරම් අවධානයක්‌ නොගත්තද නැවතත් එවැනි සිදුවීමක්‌ වූ බව එම ප්‍රදේශවාසීහු පවසන්නට වුනා

එයටද එතරම් ප්‍රසිද්ධියක්‌ නොලැබිණි. නමුත් පදියතලාව හා මීයාගල ප්‍රදේශය ඇතුළු ස්‌ථාන කිහිපයක මේ අයුරින් සුළු භූ චලනයන් සිදු වූ බව වාර්තා වෙද්දී මේ ගම්මානවල ජනයාද මේ පිළිබඳව වැඩි සැලකිල්ලක්‌ දක්‌වන්නට පටන් ගත්තා.

ලංකාවේ ප්‍රදේශ කිහිපයකටම ඇද හැළුණු රතු වැස්‌ස පිළිබඳව තව තව ජනයා අනියත බියක්‌ ඇති කර ගන්නා ලදී. කවදා වෙච්ච දෙයක්‌ද? ලෝක විනාශයම තමයි....... කඩපිල් අසල බොහෝ දෙනකුගේ

චිත‍්‍රපට රාශියකම රඟපෑ සතුට නිසා සුමනාට සුනිල්ගෙන් පාටියක්...

සුමනා ඇමරිකාවේ සිටින සමයේදී වෙළෙඳ දැන්වීම් දෙකක..

අනූව දශකයේදී කාම රැල්ලේ චිත‍්‍රපට හරහා ජනපි‍්‍රයත්වයට පත් සුමනා ගෝමස්ට ප‍්‍රවීන චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකුවන සුනිල් ටී. ප‍්‍රනාන්දු මහතා විසින් පසුගිය සිකුරාදා සාදයක් පවත්වා තැයි අප වෙත වාර්තා වෙනවා .

මේ සාදයට සුමනාගේ මිතුරු මිතුරියන්ට මෙන්ම ජනපි‍්‍රය යොවුන් නළු නිළියන්ට ද ආරාධනා ලැබී තිබූ බව පැවසේ. සුනිල්, සුමනාට සාදයක් පැවැත්වීමට හේතුවී ඇත්තේ සුනිල් විසින් නිෂ්පාදනය කළ චිත‍්‍රපට රාශියකම සුමනා රගපා තිබීම නිසාය.

සුනිල් මේ වන විට සිංහල චිත‍්‍රපට 55ක් සදහා නිෂ්පාදනයෙන් දායකවී ඇති අතර ඔහු විසින් චිත‍්‍රපට 04ක් අධ්‍යක්ෂණයද කර තිබෙනවාසුමනා ලංකාවට පැමිණ ඇත්තේ වසර 11කට පමණ පසුවය.

රතු වැස්සෙන් අපට කියන පෙර නිමිත්ත අසුබ එකක්ද..?

රටේ ඉදිරි අනාගතය ගැන කියැවෙන අසුභ ලකුක් මිසක් එය සුභ ලකුණක් නොවේලු.

කලාතුරකන් ආයුධ වැස්සක් ඇද හැලීමත් සුභ ලකුණක් නොවේලු...

රජරට හේන් ගොවිතැන් කිරීමේ දී එක් වර්ෂයක් තුලදී දෙවතාවක් භෝග ඉසීම සිරිතකි. යල් කන්න හා මහ කන්න යනුවෙන් මෙම අවස්ථා දෙක හඳුනා ගනී. අගෝස්තු මාසයේ මහ නිකින්නිය ගෙවා සැප්තැම්බර් මස මැද භාගයෙන් පසු විසිවැනි දින ආසන්නයේ දී දළ වශයෙන් මාස් වැහි ආරම්භ වන වැහි දින තුනකි. 

පේරු වැසි මුර වැසි නමින් ආරම්භ වන වැස්ස පළමු දින සාමාන්‍ය වර්ෂාවක් ලෙසට පටන් ගෙන පසු දින වෙනදාට වඩා ඉතා උණුසුම් කාලගුණයක් බවට පත් වී දවස ගෙවී ගොසින් පසු දින සන්ධ්‍යා භාගයේ ඉතා තදින් මහ වරුසාවක් කඩා හැලේ ද ඉන් අනතුරුව පසු දින පෙර දින මෙන් ම ඉතා උණූසුම් කාල ගුණයක් ඇති කරමින් දවස ගෙවා හැර ඊට පසු දින ද පෙර මෙන් තද වර්ෂාවක් ඇද හැලෙමින් පවතීද එය වඩා ඵලදායී වර්ෂා ආරම්භයක පෙර නිමිති වෙයි. 


දින තුනක් දවසක් හැර දවසක් මුර ක‍්‍රමයට වසින වැසි තුන් වැනි දින අවසන් කරමින් දළ වශයෙන් දින පහලොවක් පමන තද වියළි උණූසුම් ස්වභාවයක් ගනිමින් පවතී . නැවත දින පහලොවකට පමණ පසුව ආරම්භ වන වර්ෂාව එක දිගට මාස තුනක් හතරක් ඇද හැලීම ස්වභාවිකය. 

මේ අතර සවස පමණක් වැසි උදේ කාලයේ පමණක් වැසි උදේ සිට සවස් වෙන තෙක් ඇද හැලෙන වැසි සවස සිට එළිවන තෙක් ඇද හැලෙන වැසි දිවා රාත‍්‍රී දෙකේම