Ads 468x60px

.

කටකතා හැදෙනවා මම ඒකට හරි කැමතියි - මේනකා

ඇත්තටම දේශපාලන ගැන මගේ දැනුම බින්දුවයි... 

දේශපාලනයට සම්බන්ධ මිනිස්සු මම අඳුරන්නේ නැහැ...

ඩාන්ස් ස්ටාර් ඩාන්ස් රියැලිටි නර්තන තරගාවලියෙන් අතිශය ජනප්‍රියත්වයට පත් වූ මේනකා පීරිස් මේ වන විට රංගන ශිල්පිනියක් ද වී හමාරයි.

මොණරතැන්න, සිදංගනාවෝ මෙන්ම වැහිළිහිණි යන ටෙලිනාට්‍ය වල ඇය ප්‍රධාන චරිත නිරූපණය කරයි.

කලා ක්ෂේත්‍රයට පිවිස නොබෝ දිනකින්ම ජනප්‍රියත්වය පත් වූ මේනකා ‍ගැන පසුගිය කාලයේ විවිධ කටකතා පැතිරුණේත් ඉතාමත් ඉක්මණින්මයි.

රියැලිටි තරගයේ දී විනිශ්චය සදහා සහභාගී වූ අමාත්‍ය මර්වින් සිල්වාගේ විශේෂ අවධානය මේනකා දිනාගත් බවත් ක්ෂේත්‍රය පුරාම පැතිර ගිය කතාවකි.

තවද ප්‍රසිද්ධ නගරාධිපති‍වරයෙක් ඔහුගේ පෞද්ගලික වියදමින් ඩාන්සින් ස්ටාර් තරගයට මේනකාගේ ඇදුම් නිර්මාණය කර දුන් බවත් ජනප්‍රිය ඇමතිවරයෙක් මේනකාගේ 21 වැනි උපන්දින සාදයට වියදම් කල බවත් ‍පැතිර ගිය කතාවන්ය.

තවමත් වයස අවුරුදු 22 වැනි වියේ පසුවන සුන්දර තරුණියක් වූ මේනකා පවසන්නේ ඇයට කලා ලොවේ තව බොහෝ දුරක් යෑමට ඇති බවයි. කෙසේවෙතත් මෙම කටකතා වල සත්‍ය අසත්‍ය තාවය ගැන මේනකා නම් දරන්නේ මෙවන් අදහසකි.




මේනකා කටකතා වලට බයද?
බය නැහැ. නමුත් කටකතා හැදෙනවා. මිනිස්සුන්ගේ සිතුවිලි සහ කතාකරන විලාසය අපට ඕනෑ විදිහට වෙනස් කරන්න බැහැ. ඒ හින්දා කටකතා හැදෙන එක බොහොම සාමාන්‍ය දෙයක්. මම ඒකට හරි කැමතියි. නමුත් කරන්න දෙයක් නැහැ. මේ ක්ෂේත්‍රයේ ඉන්නවා නම් අපට ඒ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා.

ඔබ ගැනත් පසුගිය කාලයේ හරියට කතා පැතිරුණා.
එක එක කතා තිබුණා. අම්මා එක්කයි මගේ ජීවිතය ගෙවෙන්නේ. මම කොහේ ගියත් අම්ම පිටුපසින් සිටිනවා.

පැතිරුණු කටකතා බොරු කියලද කියන්නේ?
පැතිරුණු කතා බොරු. කටකතා කියන ඒවා විශ්වාස කරන්න බැහැ. මිනිස්සු ඇස් දෙකෙන් දැකලා නෙවෙයිනේ ඕවා කියන්නේ.

නර්තන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් ලෙස යන ගමනට දේශපාලන සබඳතා කොයිතරම් වටිනවද?
මම නම් දන්නේ නැහැ. අනික මට එහෙම සබඳතා නැහැ. ඒක නිසා මම ඒ ගැන කියන්න දන්නේ නැහැ. අපේ වැඩේ අපි හරියට කරනවා නම් දේශපාලන සහයෝගයක් අවශ්ය නැහැ කියලයි මම නම් හිතන්නේ.

මේනකාටත් හරියට දේශපාලන සබඳතා කියනවා කියන්නෙ?
ඇත්තටම දේශපාලන ගැන මගේ දැනුම බින්දුවයි. දේශපාලනයට සම්බන්ධ මිනිස්සු මම අඳුරන්නේ නැහැ. ඒ නිසා කටකතා සියල්ලම බොරු. ඒවාට පසුගිය කාලයේ කිසි පිළිතුරක් නොදී හිටියෙත් ඒකයි.


 
Related Posts with Thumbnails