Ads 468x60px

.

ඝාතන නඩුව අවසන්, සිය පවුලද අතහැර නැවත දිනේෂා සමග සොර සැමියා චරිතය රඟපාන චන්දන

පසුගිය දිවයින පුවත් පතක එනම් 2011/06/13 තිබු පරිදි චන්දන පුෂ්පලාල් ලියන ගුණවර්ධන නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අධිකරණය හමුවට පමුණුවා සිට පසුව අධිකරණය හමුවට පමුණුවා සිටි දිනේෂා ශ්‍රීමාලි පෙරේරා ජයතුංග රුපියල් පන්දහසක්‌ වූ මුදල් සහ රුපියල් ලක්‍ෂයක්‌ වටිනා ශරීර ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රෝහණ අනුර කුමාර හේරත් මහතා නියම කිරීම ගැන සම්බන්ධව එම දිනවල http://gossip9news.blogspot.fr/2012/10/blog-post_5638.html ඔස්සේ තොරතුරු ගෙන එන ලද අතර මේ වනවිට මෙ තැනැත්තිය කෙසේ හෝ යලිත් එම ව්‍යාපාරිකයා සමග වාසය කරන බව දැනගැන්මට ලැබී තිබෙනවා.

නීති අංශ ප්‍රධානියට නීති සිසුවාගෙන් මන්නා පහර එල්ල කල හේතුව...

සිසුවාත් පෙති වර්ගයක්‌ පානය කරලා...

නාවල පිහිටි විවෘත විශ්වවිද්‍යාල නීති අධ්‍යයන අංශයේ ප්‍රධානී යශෝදරා කදිරගාමතම්බි මහත්මිය එහි නීති ශිෂ්‍යයකු විසින් ඊයේ (19 වැනිදා) දහවල් එල්ල කරන ලද මන්නා පිහි පහර කිහිපයක්‌ නිසා බරපතළ ලෙස තුවාල ලැබුවා.හතළිස්‌ හැවිරිදි ඇය දැන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඥානසුන්දරම් සුරේද්‍රජිත් නම් මෙම නීති ශිෂ්‍යයා යාපනයේ සේවය කරන වෛද්‍යවරයකු වන අතර අංශාධිපතිනියට පිහි පහර එල්ල කිරීමෙන් අනතුරුව ඔහුද පෙති වර්ගයක්‌ පානය කර ඇති අතර පසුව පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

විශ්වවිද්‍යාල මානව ශාස්‌ත්‍ර හා සමාජ විද්‍යා පීඨ පරිශ්‍රයේ බිම් මහලේ අංශාධිපතිනිය සිටියදී පිහි පහර කිහිපය එල්ල කර ඇති අතර එහිදී ඇයගේ ගෙලට, පපු පෙදෙසට හා වම් අතට ද බරපතළ තුවාල සිදු වී
තිබෙනවා

වසර එකහමාරකට පසුව දුමින්ද සිල්වා යළි පාර්ලිමේන්තු ආ හැටි (පින්තුර)

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයේ 11 වැනි සැකකරු බවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ඊයේ (19) පාර්ලිමෙන්තුවට පැමිණියා.

ඔහු පාර්ලිමේන්තුවට ආවේ වසර එකහමාරකට පමණ පසුව වන අතර සුදු ඇඳුමෙන් සැරසී දුමින්ද පාර්ලිමේන්තුවට පැමිණ සිටි
යා. ඔහු නොපැමිණි කාලයේදී මාස තුනකට වරක් නිවාඩු අනුමත කැරිණි. 

සිංගප්පූරු රෝහලකදී ද ප‍්‍රතිකාර ලබා මීට මාස කීපයකට ඉහතදී දිවයිනට පැමිණි මන්ත‍්‍රීවරයා පසුව කොළඹ පෞද්ගලික රෝහලකදී නතර වී ප‍්‍රතිකාර ලැබීය.

අවසන් වරට ඒ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ 2011 වසරේ සැප්තැම්බර් මස 23 වැනිදා වන අතර ප්‍රතිකාර ගැනීම සඳහා ඒ මහතාට මාස තුනෙන් තුනට නිවාඩු අනුමත කෙරිණි. විපක්‍ෂ ආසනවල පිටුපස ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට වෙන් කර ඇති තම අසුනේ අසුන් ගෙන සිටි ඒ මහතා කළු පැහැති කලිසමකින් සහ සුදු කමිසයකින් සැරසී සිටියේය.

දුමින්ද පාර්ලිමේන්තුවට ආ හැටි ඡායාරූපවල දැක්වේ.