Ads 468x60px

.

නීති අංශ ප්‍රධානියට නීති සිසුවාගෙන් මන්නා පහර එල්ල කල හේතුව...

සිසුවාත් පෙති වර්ගයක්‌ පානය කරලා...

නාවල පිහිටි විවෘත විශ්වවිද්‍යාල නීති අධ්‍යයන අංශයේ ප්‍රධානී යශෝදරා කදිරගාමතම්බි මහත්මිය එහි නීති ශිෂ්‍යයකු විසින් ඊයේ (19 වැනිදා) දහවල් එල්ල කරන ලද මන්නා පිහි පහර කිහිපයක්‌ නිසා බරපතළ ලෙස තුවාල ලැබුවා.හතළිස්‌ හැවිරිදි ඇය දැන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඥානසුන්දරම් සුරේද්‍රජිත් නම් මෙම නීති ශිෂ්‍යයා යාපනයේ සේවය කරන වෛද්‍යවරයකු වන අතර අංශාධිපතිනියට පිහි පහර එල්ල කිරීමෙන් අනතුරුව ඔහුද පෙති වර්ගයක්‌ පානය කර ඇති අතර පසුව පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

විශ්වවිද්‍යාල මානව ශාස්‌ත්‍ර හා සමාජ විද්‍යා පීඨ පරිශ්‍රයේ බිම් මහලේ අංශාධිපතිනිය සිටියදී පිහි පහර කිහිපය එල්ල කර ඇති අතර එහිදී ඇයගේ ගෙලට, පපු පෙදෙසට හා වම් අතට ද බරපතළ තුවාල සිදු වී
තිබෙනවා

පිහි පහරින් තුවාල ලැබූ කදිරගාමතම්බි මහත්මිය ලෙයින් නැහැවෙද්දී නීති ශිෂ්‍යයා උඩුමහලට දිවගොස්‌ කාමරයකට වැදී බොහෝ වේලාවක්‌ රැඳී සිට ඇත. 

පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එහිදීය. පෙති වර්ගය පානය කර ඇත්තේ කාමරයේ සිටියදී බවට පොලිසිය විශ්වාස කරනවා. අත් අඩංගුවට ගෙන රෝහල්ගත කරන විටත් ඔහු සිහි විකල් ගතියෙන් සිටි බව පොලිසිය සඳහන් කරනවා.

වසර කිහිපයක්‌ තිස්‌සේ නීතිය හදාරමින් සිටින මොහු අධ්‍යයන කටයුතුවලට අදාළ ව්‍යාපෘති වාර්තාවක්‌ නියමිත දිනට භාර නොදීමෙන් උද්ගත වූ ගැටලු සහගත තත්ත්වයක්‌ නිසා අංශාධිපතිනියට පිහි පහර එල්ල කර ඇතැයි විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන්
කරනවා

මෙම ව්‍යාපෘති වාර්තාව නියමිත දිනට භාර නොදීම නිසා එය භාර ගැනීම අංශාධිපතිනිය ප්‍රතික්‍ෂේප කර තිබුනා. මේ නිසා මෙම නීති ශිෂ්‍යයා දැඩි සිත් තැවුලෙන් පසු වූ බව ද ඉහත ආරංචි මාර්ග සඳහන් කරනවා. ඊයේද එම ව්‍යාපෘති වාර්තාව භාර දීමට ඔහු උත්සාහ කළ නමුත් එය අසාර්ථක වීම නිසා පිහි පහර එල්ල කර ඇතැයි ද එම ආරංචි මාර්ග පැවසුවා.

පිහි පහර වලින් බරපතළ තුවාල ලැබූ කදිරගාමතම්බි මහත්මියගේ සිරුරේ කැපුම් තුවාල රැසක්‌ තිබූ නමුත් ඇය රෝහල් ගත කරන අවස්‌ථාව වන විටත් සිහියෙන් සිටි බව
අප කළ විමසුමකට පිළිතුරු දුන් ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය. ඇයට හදිසි ශල්‍යකර්ම කිහිපයක්‌ සිදු කළ බව ද අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.

අංශාධිපතිනියට පිහි පහර එල්ල කිරීමෙන් පසුව විශ්වවිද්‍යාලයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක්‌ ඇති විය. අංශාධිපතිනිය කොළඹ නීති පීඨයේ උපාධිධාරිනියකි. බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පති සුමිත් එදිරිසිංහ, නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ඒ. වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත මිරිහාන පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
 
Related Posts with Thumbnails