Ads 468x60px

.

ඓයිශ්ට පුංචි රූ රැජිණක්, මාධ්‍යට මගේ ස්තූතිය - අමිතාබ්

ඓයිශ්ට පුංචි රූ රැජිණක් මාධ්‍ය වෙත මගේ ස්තූතිය පළ කළ යුතුයි. 1994 ලෝක රූ රැජිණ කිරුළ දිනාගැනීමෙන් අනතුරුව බොලිවුඩ් සිනමාවට පා තැබූ සුරූපී නිළි ඓයිශ්වර්යා රායි සහ බොලිවුඩයේ නොමැකෙන පුරාවෘතය වන සුපිරි නළු අමිතාබ් බච්චන්ගේ පුතණුවන් මෙන්ම ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පියෙකු වන අභිෂේක් බච්චන් ලොව පුරා ඉමහත් ජනාදරයට පත් අඹුසැමි යුවලකි. 2007 වසරේ ජනවාරි මස 14 වන දින විවාහ ගිවිසගත් අභිෂේක් -ඓයිශ්වර්යා යුවල එම වසරේ අප්‍රේල් මස 20 වන දින සම්ප්‍රදායික හින්දු චාරිත්‍රානුකූලව විවාහ දිවියට ඇතුළුවිය.

වෙබ් අඩවි තහනම් කළ හේතුව, පළකරන දේට පිළිතුරු දීමට අයිතිය රජයට නොමැති නිසා - කෙහෙළිය

ශ්‍රී ලංකාව තුළ වෙබ් අඩවි කිහිපයක් තහනම් කෙරුවේ එම වෙබ් අඩවි විසින් පළකරන දේ සම්බන්ධව කරුණු දැක්වීමට හෙවත් පිළිතුරු දීමට අයිතිය රජයට නොමැති නිසා බව ජනමාධ්‍ය අමාත්‍යවරයා කියයි.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද පෙරවරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් මේ බව පැවසීය.මේ වනවිට, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවි ලියාපදිංචි කරන ලෙස ඉල්ලීමක් කර තිබෙන බවත් එවැනි ලියාපදිංචි කිරීමක් කළ පසුව අදාළ වෙබ් අඩවි ක්‍රියාත්මක කරන්නේ කවුරුන්ද යනවග රජය දන්නා නිසා ඒවායේ කුණුහරුප, චරිත ඝාතන හෝ සමාජයට අහිතකර දේ පළවන්නේ නම් රජයට පිළිතුරු ලබාදීමට හැකියාවක් තිබෙන බවත් අමාත්‍යවරයා කීය.

බිලිඳු දියණිය අවධියෙන් නම් මටත් මුළු රාත්‍රියම නිදි වර්ජිතව සිටිය හැකියි - අභිෂේක්


ගෙවෙන සෑම මෙහොතක්ම සිය දියණිය සමග ගත කරන බව පීතෘ පදවිය ලැබූ ජනප්‍රිය බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් පවසයි.ඔහු පවසන්නේ, බිලිඳු දියණිය අවධියෙන් සිටින්නේ, නම් තමන්ට ද මුළු රාත්‍රියම නිදි වර්ජිතව සිටිය හැකි බවයි.තම දියණියට කිසිම අවස්ථාවක හැඩීමට ඉඩ නොදෙන බව ද ඔහු පවසා තිබේ. ඓශ්වර්යා රායි සහ අභිෂේක් බච්චන් යුවළගේ කුළුදුල් දරුවා ඊයේ උපත ලැබීය.

දමිතාට දැන් ඇතිවෙලාලු

පසුගිය දින කිහිපයේ සිට දැඩි ප‍්‍රහාරයට ලක් වූ ජනපි‍්‍රය සිනමා සහ ටෙලි නිලි දමිතා අබේරත්න ඇය සම්බන්ධයෙන් පළ කිරීමට යෙදුනු ප‍්‍රවෘත්ති සම්බන්ධයෙන් ස්වයං පැහැදිලි කිරීමක නිරත වූවාය.ඇය පවසා සිටියේ, ඈ සම්බන්ධයෙන් පළ කළ ප‍්‍රවෘත්ති පදනමකින් තොර අසත්‍ය ඒවා බවයි. එහෙත්, ඒ සෑම ප‍්‍රවෘත්තියක් සඳහා  ඊට ඇයගේ ප‍්‍රතිචාරය වූයේ, ඒවා තමාට එරෙහි කණ්ඩායම් විසින් ගොතන ලද ඒවා බවයි.

පිටිදූවේ සමන්ත භද්‍ර හිමි ඇමරිකාවේදී ගත් ජායාරූප

පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ දුර්ලභ ජායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා. අප මෙහි එම ජායාරූප පළ කරන්නේ එහි ඇති විශේෂත්වය නිසාවෙනි. පසුගියදා 7 වනදා දෙහිවල බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමය පිරිසක් විසින් වටලනු ලැබූ අවස්ථාවෙන් පසු එහි තිබූ පිටිදූවේ සමන්ත භද්‍ර හිමිගේ කැමරාවක් නැතිවී තිබෙන බව වාර්තා වුනා. එම කැමරාවේ තිබූ ජායාරූප වල උන් වහන්සේ ටී ෂර්ට් ඇඳ සිටින දර්ශන තිබූ නිසා උන් වහන්සේ විසින් ඒ පිළිබඳව කල්තියා පවසා තිබුනේ ඇමරිකාවේදී ගත් එම ජායාරූප වල උන්වහන්සේ ටී ෂර්ට් ඇඳ සිටින්නේ කැලේ සංචාරය කිරීම සඳහා යද්දී පහසුව පිනිස බවයි.