Ads 468x60px

.

ඓයිශ්ට පුංචි රූ රැජිණක්, මාධ්‍යට මගේ ස්තූතිය - අමිතාබ්

ඓයිශ්ට පුංචි රූ රැජිණක් මාධ්‍ය වෙත මගේ ස්තූතිය පළ කළ යුතුයි. 1994 ලෝක රූ රැජිණ කිරුළ දිනාගැනීමෙන් අනතුරුව බොලිවුඩ් සිනමාවට පා තැබූ සුරූපී නිළි ඓයිශ්වර්යා රායි සහ බොලිවුඩයේ නොමැකෙන පුරාවෘතය වන සුපිරි නළු අමිතාබ් බච්චන්ගේ පුතණුවන් මෙන්ම ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පියෙකු වන අභිෂේක් බච්චන් ලොව පුරා ඉමහත් ජනාදරයට පත් අඹුසැමි යුවලකි. 2007 වසරේ ජනවාරි මස 14 වන දින විවාහ ගිවිසගත් අභිෂේක් -ඓයිශ්වර්යා යුවල එම වසරේ අප්‍රේල් මස 20 වන දින සම්ප්‍රදායික හින්දු චාරිත්‍රානුකූලව විවාහ දිවියට ඇතුළුවිය.

එතැන් සිට මෙම යුවලට ආදරය කරන ලොව පුරා රසික රසිකාවියන්ඇසීමට බලාපොරොත්තු වූ පුවත වූයේ ඔවුන් දෙදෙනා මව්පිය පදවිය ලැබීමය. අවස්ථා කිහිපයකදීම ඓයිශ්වර්යා මව් පදවිය ලැබීමට සූදානමින් සිටින බවට විවිධ පුවත් වාර්තාවුව ද එම සෑම පුවතක්ම අසත්‍ය කටකතා බවට පමණක් සීමාවිය. අවසානයේ බොලිවුඩ් රසික රසිකාවියන් බලාපොරොත්තු වූ පරිදි එම පුවත අසන්නට ඔවුන්ට අවස්ථාව ලැබුණු අතර අමිතාබ් බච්චන් විසින් Twitter වෙබ් අඩවියේ සිය වෙබ් පිටුව මගින් පළමුවරට එම පුවත තහවුරු කරනු ලැබීය.  

මාස ගණනක ඇවෑමෙන් පසුගිය නොවැම්බර් 16 වන දින පෙරවරුවේ අන්ධේරි හි සෙවන් හිල්ස් නම් රෝහලේ දී ඓයිශ්වර්යා දියණියකට උපත ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. නව බච්චන් සාමාජිකාවගේ උපත පිළිබඳව බච්චන් පවුල මගින් නිල වශයෙන් දැනුම්දීමක් කිරීමට පෙර අන්තර්ජාලය හරහා ප්‍රථමවරට ඓයිශ්වර්යාගේ බිළිඳියගේ උපත පිළිබඳව අමිතාබ් බච්චන් විසින් තහවුරු කර තිබේ. ඔහු සිය මිණිපිරිය ඉපදී සුළු වේලාවක් ඉක්ම ගිය වහාම Twitter වෙබ් අඩවියේ සිය වෙබ් පිටුව ඔස්සේ ඇයගේ උපත පිළිබඳව තහවුරු කර ඇත. "මම සුරතල් බිළිඳු දියණියකට මුත්තණුවන් වුණා. අලුතින් පිය පදවිය ලැබූ අභිෂේක් සාමාන්‍යයෙන් ඔහුගේ පිළිවෙත නොවන අන්දමින් ප්‍රීතියෙන් කෑ ගැසුවා" ඉමහත් ප්‍රීතියෙන් යුක්තව අමිතාබ් සිය වෙබ් පිටුවෙහි සටහන් කර තිබේ. "ප්‍රාර්ථනාවන් සහ සුබ පැතුම් වෙනුවෙන් ඔබ සැමදෙනාටම බොහොමත්ම ස්තූතියි. ඓයිශ්වර්යා මෙන්ම දියණියත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා. ඔවුන් දෙදෙනාටම තරමක විවේකයක් අවශ්‍යයි. ඇත්ත වශයෙන්ම මම තරමක් කලබලයට පත්ව සිටිනවා. මෙම කලබලකාරී හැඟීම් සමුදායෙන් මදකට මිදී කෙටි නින්දක් ලැබීමට මම උත්සාහ කරනවා"මෙම සුපිරි නළුවා සිය අව්‍යාජ හැඟීම් පිළිබඳව අනාවරණය කරමින් Twitter වෙබ් පිටුවෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

16 වන දින පෙරවරු 5 .30 ට පමණ ඓයිශ්චර්යා ප්‍රසූතාගාරය වෙත රැගෙන ගිය බවත්, පෙරවරු 9 .50 ට බිළිඳිය උපත ලද බවත් බච්චන් පවුලේ සමීපතමයකු අනාවරණය කර ඇත. බිළිඳිය උපත ලැබීම පිළිබඳව පළමු සංඥාව ලද වහාම බොලිවුඩ් ක්ෂේත්‍රයේ ශිල්පීන් වෙත දුරකථන කෙටි පණිවිඩ ලැබීම ආරම්භ වී ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. පෙරවරු 10 පමණ සිට ක්ෂේත්‍රයේ ශිල්පීන්ගෙන් සුබ පැතුම් පණිවිඩ ගලා ඒම ආරම්භව ඇති අතර එම අවස්ථාවේම අමිතාබ්ගේ Twitter පණිවිඩය අන්තර්ජාලයට එක්කර ඇති බව සඳහන්ය. ලොව පුරා වෙසෙන ජනතාවගේ අවධානය දිනාගත් ඓයිශ්වර්යාගේ දරු උපත කෙතරම් ජනප්‍රියත්වයක් දිනා සිටියේ ද යත් දරුවා උපදින දිනය පිළිබඳව බොහෝ පුද්ගලයින් මුදලට ඔට්ටු තබා ඇති බව ද වාර්තා විය. නමුත් මෙම දරු උපත පිළිබඳ පුවත මාධ්‍යය ඔස්සේ උණුසුම් පුවතක් ලෙස වාර්තා නොවූ අතර ඡායාරූප ගැනීම සඳහා ද අවසර ලැබී නොතිබිණි. ඓයිශ්වර්යා දරු උපතට සූදානම් වන අවධියේ සිටම බච්චන් පවුලෙන් ඒ සඳහා මාධ්‍ය වෙත යම් යම් තහංචි පැනවී තිබිණි. ඒ සම්බන්ධව සියTwitter පණිවිඩය ඔස්සේ මාධ්‍ය වෙත ස්තූතිය පළකිරීමට ද අමිතාබ් අමතක කර නොතිබීම විශේෂත්වයකි.       
 
"අපේ පෞද්ගලකත්වයට හානි නොකරන බවට ලබාදුන් වචනය ආරක්ෂා කිරීම පිළිබඳව මාධ්‍ය වෙත මගේ ස්තූතිය පළ කළ යුතුයි"අමිතාබ් ප්‍රකාශ කර තිබේ. එමෙන්ම සිය පවුලේ සාමාජිකයින්ට පැය 24 ක කාලයක් වත් විවේකීව ගතකිරීමට අවශ්‍ය බව ද ඔහු සඳහන් කර ඇත. ඓයිශ්වර්යාගේ දරු උපතට පළමුවෙන්ම සුබ පැතුම් එක්කළ අය අතර සුපිරි චිත්‍රපට නිර්මාණකරුවකු වන කරන් ජොහාර් ද වන බව සඳහන්ය. මෙම පුවත දැනගැනීමට ලැබුණු අවස්ථාවේ තමන්ට සතුටින් නැටීමට අවශ්‍ය වූ බව සුපිරි නළු ශාරුක් ඛාන් අමිතාබ් බච්චන් වෙත පණිවිඩයක් එවමින් ප්‍රකාශ කර තිබේ. සුරූපී නිළි සෝනම් කපූර් සහ බිපාෂා බාසු ද මෙම සතුටුදායක පුවත පිළිබඳව අසන්නට ලැබුණු වහාම සතුට පිරි උණුසුම් සුබ පැතුම් පණිවිඩ බච්චන් පවුල වෙත එවා ඇති බව සඳහන්ය. අභිෂේක්ගේ ක්ෂේත්‍රයේ සමීපතම මිතුරන් වන සිනමා නිර්මාණකරුවන් වන අපූර්ව ලඛියා, බන්ටි වාලියා සහ රංගන ශිල්පිණී සොනාලි බෙන්ද්‍රේ දියණිය උපත ලද දිනයේ පස්වරුවෙහි ‍ෙඑයිශ්චර්යා සහ බිළිඳිය දැකීම සඳහා රෝහල වෙත පැමිණ ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.   
 
Related Posts with Thumbnails