Ads 468x60px

.

ෆේස්බුක් හමුවෙන් විවාහ කැර ගන්නා බව පවසා හෝටලයකදි නිරුවත් ඡායාරූප අරන්


ෆේස්බුක් සමාජ වෙබ් අඩවියෙන් මිත‍්‍ර වු අයකු තමාගේ නිරුවත් පින්තූර පළකරන බවට ජංගම දුරකතනයෙන් තර්ජනය කැර තමාගෙන් අයුතු ප‍්‍රයෝජන ගැනීමට සුදානම් වී යැයි අගලවත්තේ ගුරුවරියක කොළඹ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කළාය.ඇය විවාහ කැර ගන්නා බව පවසා බම්බලපිටියේ හෝටලයකදි තම නිරුවත් ඡායාරූප ගත් ඔහු ඇගෙන් රුපියල් එකොළොස් දහසක් දෙවරකදී ඉල්ලාගත් බව පොලිසිය කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය කීවේය.එම පුද්ගලයා ඇයට දුන් දුරකතන ඇමතුම් විස්තර ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත් දුරකතන සමාගමට නියෝග කළාය.

වාර්තා වන පරිදි සිද්දිය මෙසේය.

මෙම ගුරුවරිය විසින් පෞද්ගලික මාධ්‍යය ආයතනයක සේවය කරන පුද්ගලයෙකු පසුගිය සැප්තැම්බර් 15 වනදා ෆේස්බුක් හරහා අදුනාගෙන ඇති අතර ඒ ඔස්සේ දිවා රෑ ඔහු සමග චැට් කර ඇත.ඉන්පසුව ගුරුවරියගේ දුරකථන අංකය ඉල්ලා ගත් එම පුද්ගලයා දුරකථනය ඔස්සේද මිතුදම තවත් තර කරගත්තේය.

කෙසේ නමුත් මේ සියලු දේට ගත වුයේ දවස් දෙකක් වැනි සුළු කාලයකි.සැප්තැම්බර් 17 වනදා වන විට ඔවුන් දෙදෙනා පෙම්වතුන් වී සිටි අතර එම පුද්ගලයාගේ ඉල්ලීම මත එම ගුරුවරිය බම්බලපිටිය ප්‍රදේශයේ ලගුම්හලකට ගොස් ඇත. එහිදී ඇය විවාහ කැර ගන්නා බව පවසා බම්බලපිටියේ හෝටලයකදි තම නිරුවත් ඡායාරූප ගත් ඔහු ඇගෙන් රුපියල් එකොළොස් දහසක් දෙවරකදී ඉල්ලාගත් බව හෙළි විය.
 
Related Posts with Thumbnails