Ads 468x60px

.

ඉතා සූක්ෂම ලෙස අන්තර්ජාලයෙන් රහස් ක්‍රමයකට විදෙස් ඇමතුම් ලබා දීලා

අන්තර් ජාලය ඔස්සේ රහස් විදුලි සංදේශ ක්‍රමයක් සකසා ග්‍රාහකයන්ට විදෙස් ඇමතුම් ලබාදෙමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවෙන් බලපත් ලබා නොගෙන වත්තල ශ්‍රී වික්‍රම මාවතේ අංක 13 ස්ථානයේ මේ ජාලය සකසා ස්ථාපිත කර තිබුණු බව පොලිසිය පවසයි.

සැකකරු සමඟ විදුලි සංදේශ ක්‍රමය සඳහා භාවිතා කළ උපකරණ තොගය ද අත්අඩංගුවට ගෙන තිබේ. මෙරටට ලැබෙන විදේශ දුරකථන ඇමතුම් ග්‍රාහකයන් වෙත ලබාදී මුදල් ඉපයීමේ යෙදී සිටි බව කියන අත්අඩංගුවට ගත් සැකකරු අන්තර් ජාලය උපයෝගී කර ගනිමින් ඉතා සූක්ෂම ලෙස එම ජාලය සකස් කර ඇති බවට හෙළිව ඇත. ඉකුත් 13 දා බස්නාහිර පළාත් උතුර කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම ස්ථානය වටලා සැකකරු සමඟ විදුලි සංදේශ ක්‍රමයට උපයෝගී කරගත් උපකරණ තොගය අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති මැක්සි ෆ්‍රොක්ටර් මහතා සඳහන් කළේය.
 
Related Posts with Thumbnails