Ads 468x60px

.

සියලූ ප්‍රීපේඩ් මොබයිල් කනෙක්ෂන් තියන අයට හෙට (7) සිට 25% ක ප්‍රසාද ඇමතුම්


සියලූ ජංගම දුරකථන සමාගම් මගින් අද ජාතික පුවත්පත්වල පළකර තිඛෙන වෙළෙඳ දැන්වීමකින් පසුගිය අයවැයට දුන් සහන ප්‍රකාරව සියලූ පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට සියයට 25 කින් දේශිය ඇමතුම් සඳහා සහනයක් පිරිනමා ඇත.

එය හෙට (7) සිට ක්‍රියාත්මක වෙයි.


ඒ අනුව සියලූ ජංගම දුරකථන සමාගම්වල පෙර ගෙවුම් පැකේජ භාවිත කරන්නන් තමා ලබාගන්නා දේශීය ඇමතුම් වලදී ගෙවිය යුත්තේ

ෆුල්ෆේස් හෙල්මට් තහනමේ නොදුටු පැත්ත


හැමෝම දන්නවා ඇතිනේ අප්‍රේල් 02 සිට ෆුල්ෆේස් හෙල්මට් එහෙමත් නැත්නම් සම්පූර්ණ මුහුණ ආවරණය වන හෙල්මට් භාවිතය තහනම් වෙනවා. ඒකට ආසන්නම හේතුව වෙන්නේ ෆුල්ෆේස් හෙල්මට් වලින් මුහුණ ආවරණය කරගත් අය අපරාධ සිදුකලත් ඒ අයගේ අනන්‍යතාවය තහවුරු කරගන්න CCTV වල හෝ මුහුණ පැහැදිලි නොවීම.

කොහොම වුණත් මේ ෆුල්ෆේස් හෙල්මට් තහනමට බොහෝ දෙනාගේ විරුද්ධත්වය එල්ල වුණා. කොටින්ම කියනවානම් මහජන කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා පවා තවමත් මේ නීතියට විරුද්ධයි

මීරිගම විල්වත්ත දුම්රිය හරස්මගේදී බස්රියේ සිටි ළමයින් 60දෙනා බේරුණේ මේ විදියටයි - බස් රියැදුරු තුසිත කියන කතාව


ශ්‍රී ලංකාවේ දුම්රිය අනතුරු ගැන කතා කරන විට මීරිගම විල්වත්ත අමතක කළ නොහැක. ඒ මන්දයත් ලාංකික දුම්රිය ඉතිහාසයේ ලොකුම දුම්රිය අනතුර සිදුවූයේ එම ප්‍රදේශයේදී වන බැවිනි. 

60 දෙනෙකුට මරු කැඳවමින් 1964 මාර්තු මස 18 වෙනි දින විල්වත්තේ දී අනතුරට පත්වූයේ තලෙයිමන්නාරමේ සිට කොළඹ කොටුව බලා ධාවනයවූ ශීඝ්‍රගාමී දුම්රියයි. (එම දුම්රියට යොදා තිබුණු British colombia නම් M2 වර්ගයේ එන්ජිම තවමත් සේවයේ යෙදෙයි). 

එම අනතුරට වසර 51 සපිරුණ පසුගිය 19 වෙනිදා තවත් භයානක දුම්රිය අනතුරක් විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදී කෙස් ගහෙන් වැළකුණු පුවත දැන් රටම දනී. මාධ්‍ය මගින් වාර්තා වූ ආකාරයට අධ්‍යාපන චාරිකාවක යෙදුණු මතුගම ප්‍රදේශයේ පාසලක ළමුන් රැගත් බස් රියක්