Ads 468x60px

.

ෆුල්ෆේස් හෙල්මට් තහනමේ නොදුටු පැත්ත


හැමෝම දන්නවා ඇතිනේ අප්‍රේල් 02 සිට ෆුල්ෆේස් හෙල්මට් එහෙමත් නැත්නම් සම්පූර්ණ මුහුණ ආවරණය වන හෙල්මට් භාවිතය තහනම් වෙනවා. ඒකට ආසන්නම හේතුව වෙන්නේ ෆුල්ෆේස් හෙල්මට් වලින් මුහුණ ආවරණය කරගත් අය අපරාධ සිදුකලත් ඒ අයගේ අනන්‍යතාවය තහවුරු කරගන්න CCTV වල හෝ මුහුණ පැහැදිලි නොවීම.

කොහොම වුණත් මේ ෆුල්ෆේස් හෙල්මට් තහනමට බොහෝ දෙනාගේ විරුද්ධත්වය එල්ල වුණා. කොටින්ම කියනවානම් මහජන කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා පවා තවමත් මේ නීතියට විරුද්ධයි

කියලයි කියන්නේ. ඒ නිසා කිහිප වතාවක්ම මේ නීතිය පොලීසිය විසින් ගෙන ආවත් නැවත හකුළාගන්න වුනා.

ගොඩක් අය ෆුල්ෆේස් හෙල්මට් දාන්නේ ලස්සනට. හැමෝටම නෙවෙයි ඒත් බහුතරයකට ඒකනේ ඇත්ත. හැබැයි අපි නොදැනුවත්වම ෆුල්ෆේස් හරහා අපේ මුහුණු, ඇස්, නාසය, මුඛය වගේ වැදගත් ශරීර ඉන්ද්‍රියන්ට ලොකු ආරක්ෂාවක් සපයනවා. උඩ තියෙන්නේ අනතුරකට ලක්වුණු කෙනෙක්ගේ හෙල්මට් එක. හිතන්න මේ වගේ අනතුරකදී ෆුල්ෆේස් හෙල්මට් එකක් නොතිබුනානම්..


හැබැයි මේ මුහුණ ආරක්ෂාකරනවාට අමතරව ෆුල්ෆේස් හෙල්මට් හරහා විශාල කාර්යයක් කෙරෙනවා. ඔයාලා කොළඹ අවට බයිසිකල් වලින් යනවා නම් දන්නවා ඇති කොයිතරම් දූවිල්ලක්ද තියෙන්නේ කියලා. 

වාහන වලින් එන දුම, දූවිල්ලටත් වඩා දරුණුයි. මේ දුම සහ දූවිල්ල අපේ ශ්වසන පද්ධතියේ ආබාධ ඇතිකරනවා විතරක් නෙවෙයි ඇස් වලටත් දරුණු හානි ඇති කරන දෙයක්. ඉතින් ෆුල්ෆේස් හෙල්මට් එකක් දාලා ඉන්න කෙනෙක් මේ දූවිල්ලට සෘජුවම නිරාවරණය වෙන්නේ නැහැ. 

ඔයත් කලින් සාමාන්‍ය හෙල්මට් එකක් පාවිච්චි කරලා දැන් ෆුල්ෆේස් එකක් පාවිච්චි කරනවානම් වෙනස හොඳට දැනිලා ඇති. ඔයාලා දන්නවාද සමහර ශ්වසනා ආධාධ තියෙන අය වෛද්‍ය උපදෙස් මත ෆුල්ෆේස් හෙල්මට් පාවිච්චි කරන බව.

මේ දූවිල්ලෙන් දුමෙන් ආරක්ෂාවෙන්න, මුහුණු ආවරණය කරන Oxypura වගේ මාස්ක් එකක් පාවිච්චි කරන්න පුළුවන් කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. එ්ත් ඉතින් එතකොටත් මුහුණ ආවරණය වෙනවනේ. එහෙම වුණාම අනිත් දවසේ බැංකු මංකොල්ලකාරයෝ Oxypura දාගෙන මංකොල්ලකන්න ආවොත් එ්කත් තහනම් කරනවාද?

DSC_2225-low තව කෙනෙක් කියන්න පුළුවන් ඔය දූවිලි දුම කොයිතරම් අහිතකර වුනත් අද කීයෙන් කීදෙනාද අද ෆුල්ෆේස් හෙල්මට් පාවිච්චි කරන්නේ කියලා. ඔව් ඒක ඇත්ත. හැබැයි ඒකට ප්‍රධාන හේතුව ෆුල්ෆේස් හෙල්මට් මිලෙන් අධික වීම. සාමාන්‍ය හෙල්මට් එකක කැඩුනු ප්ලාස්ටික් වයිසර එක දාගන්න වත්කමක් නැති මිනිස්සුන්ට මොන ෆුල්ෆේස් ද. 


ඉතින් මේ වගේ තත්ව බලනකොට රජයක් විදියට කල යුත්තේ ෆුල්ෆේස් තහනම් කරන එක නෙවෙයි ෆුල්ෆේස් හෙල්මට් අඩු මිලට දීලා ඒක අනිවාර්ය කරලා මහජනයාගේ ආරක්ෂාව සෞඛ්‍යතත්වය ඉහළ නංවන එක නෙවෙයි ද? වාහනයක යන කෙනෙක්ට සැපට යන්න පුළුවන් වෙලා බයිසිකල් වල යන දුප්පත් මිනිස්සුට විතරක් දූවිලි නාගෙන යන්න කියලා නීති ගේන එක වැරදියි නේද?

රටේ මේතරම් ජාතික ප්‍රශ්ණ තියෙද්දි ෆුල්ෆේස් ගැන කතා කරපු එක වැරදි කියලා හිතනවා නම් මේ වගේ පුංචි සරල දෙයක් හරියට විසඳගන්න බැරි අපේ රටේ නීතිය කොහොම ජාතික ප්‍රශ්ණ විසඳයිද කියලාත් හිතලා බලන්න. මේ ගැන බලධාරීන්ගේ ඇස් ඇරෙන්න වගේම නොදැන්වත් අයට දැනගන්නත් එක්ක මේ ලිපිය share කරන්න. 








 
Related Posts with Thumbnails