Ads 468x60px

.

ස්ති‍්‍ර දුෂණ වලින් වැඩි හරියක් සිදුවන්නේ ඔවුන් ශරිර කෘත්‍යය කරන්නට එළියට යනකොටලු.

ඉන්දියාවේ බිහාර් ප‍්‍රාන්තයේ සිදුවන ස්ති‍්‍ර දුෂණ වලින් වැඩි ප‍්‍රතිශතයක් සිදුවන්නේ කාන්තාවන් තම ශරිර කෘත්‍යය සිදු කිරිමට එළි පහලියට ගොස් සිටින අවස්ථාවන් වලදි බව පොලීසිය පවසයි.

ජනතාව දැඩි දරිද්‍රතාවයෙන් පෙලෙන ප‍්‍රන්තයක්  වන බිහාරයේ නිවාස වලින් 85% කම විධිමත් වැසිකිළි පහසුකම් නොමැති බව වාර්තා වේ.

විදුලි බිල නැවතත් පෙරළියට...

ඒකක 60 දක්‌වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයනට පැවති මිල ගණන් යටතේත් ඒකක 61 ට වැඩියෙන් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයනට පළමු ඒකක 60 සඳහා රුපියල් 10 බැගින් වූ මිල ගණන් යටතේත් ගාස්‌තු අය කිරීමේ නව විදුලි ගාස්‌තු සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම ඊයේ (09 වැනිදා) සවස අනුමැතිය ලබා දුන්නේ ය.

මෙම නව විදුලි ගාස්‌තු අප්‍රේල් මස 20 වැනිදා සිට බලාත්මක වන පරිදි අනුමත කර තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් මැයි දිනයේදී ප්‍රකාශ කළ පරිදි විදුලි පාරිභෝගිකයන්ට සහන සැලසෙන අයුරින් මෙම නව ගාස්‌තු සංශෝධනය සකස්‌ කර ඇති බව විදුලිබල මණ්‌ඩලය පවසයි.

නව විදුලි ගාස්‌තු සංශෝධනය අනුව පළමු ඒකක 30 සඳහා පැවති විදුලි ගාස්‌තු අය කිරීමේ ක්‍රමයට අනුව රුපියල් 3.00 බැගින්ද ඉන්ධන ගැලපුම් ගාස්‌තුව සියයට 25 ක්‌ද මාසික ස්‌ථාවර ගාස්‌තු රුපියල් 30.00 ක්‌ද අයකරනු ඇත.

ගලගොඩ අත්තේ ඤාණසාර ගේ නඩු කොපිය.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් නො 615 සද්දර්ම රාජිත විහාරය නාවල පාර යන ලිපිනයේ පදිංචි  ගලගොඩ අත්තේ ඤාණසාර ට එදිරිව පවරන ලද නඩුව අනුව (නඩු අංකය 6315 / 2000 ) ගලගොඩ අත්තේ ඤාණසාර විසින් 2000 / 4/ 14 දින 6 ශ්‍රී 5444 වාහනය රාත්‍රී 2.00ට පමණ රියදුරු බලපත්‍ර නොමැතිව සේදවත්ත පාරේදී පදවා ත්‍රීවිල් රථයක් හැප්පීම මගින් නො 245 / ඒ කොටුවිල වැල්ලම් පිටිය යන ලිපිනයේ පදිංචි  මොහොමඩ් රිෆයි රවීන්ද්‍ර කුමාර් තුවාල ලබා තිබේ. 

අනතුර සිදුකිරීමෙන් පසු රියදුරු ගලගොඩ අත්තේ ඤාණසාර වාහනය නොනවත්වාම ධාවනය කොට ඇත. පසුව පොලිසිය විසින් වාහනය නවතා ගලගොඩ අත්තේ ඤාණසාර ස්වසනාල පරීක්ෂණයට ලක් කිරිමෙන් පසුව ගලගොඩ අත්තේ ඤාණසාර අනතුර සිදු කල අවස්ථාවේ මත් පැන් පානය කොට සිටි බවට සනාථ විය.