Ads 468x60px

.

විදුලි බිල නැවතත් පෙරළියට...

ඒකක 60 දක්‌වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයනට පැවති මිල ගණන් යටතේත් ඒකක 61 ට වැඩියෙන් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයනට පළමු ඒකක 60 සඳහා රුපියල් 10 බැගින් වූ මිල ගණන් යටතේත් ගාස්‌තු අය කිරීමේ නව විදුලි ගාස්‌තු සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම ඊයේ (09 වැනිදා) සවස අනුමැතිය ලබා දුන්නේ ය.

මෙම නව විදුලි ගාස්‌තු අප්‍රේල් මස 20 වැනිදා සිට බලාත්මක වන පරිදි අනුමත කර තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් මැයි දිනයේදී ප්‍රකාශ කළ පරිදි විදුලි පාරිභෝගිකයන්ට සහන සැලසෙන අයුරින් මෙම නව ගාස්‌තු සංශෝධනය සකස්‌ කර ඇති බව විදුලිබල මණ්‌ඩලය පවසයි.

නව විදුලි ගාස්‌තු සංශෝධනය අනුව පළමු ඒකක 30 සඳහා පැවති විදුලි ගාස්‌තු අය කිරීමේ ක්‍රමයට අනුව රුපියල් 3.00 බැගින්ද ඉන්ධන ගැලපුම් ගාස්‌තුව සියයට 25 ක්‌ද මාසික ස්‌ථාවර ගාස්‌තු රුපියල් 30.00 ක්‌ද අයකරනු ඇත.


ඒකක 31-60 දක්‌වා ඒකකයක්‌ රුපියල් 4.70 බැගින් ගණනය කරනු ලැබේ.

ඉන්ධන ගැලපුම් ගාස්‌තු සියයට 35 ක්‌ද, මාසික ස්‌ථාවර ගාස්‌තු රුපියල් 60.00 ක්‌ද අයකරනු ඇත.

ඒකක 61 සිට සංශෝධිත විදුලි ගාස්‌තු අයකරනු ලබන අයුරු මෙසේය.

ඒකක 61-90

පළමු ඒකක 60 සඳහා රුපියල් 10.00 බැගින් අයකරනු ලැබේ.

සෙසු ඒකක 30 ඒකකයක්‌ රුපියල් 12 බැගින් ගණනය කරනු ඇත.

ඉන්ධන ගැලපුම් ගාස්‌තු සියයට 10 ක්‌ද, මාසික ස්‌ථාවර ගාස්‌තු රුපියල් 90.00 ක්‌ද අයකරනු ලැබේ.

ඒකක 91-120

පළමු ඒකක 60 රුපියල් 10 බැගින්ද, ඒකක 61-90 දක්‌වා රුපියල් 12.00 බැගින්ද, ඒකක 91-120 දක්‌වා රුපියල් 26.50 බැගින්ද වෙන වෙනම ගණනය කරනු ලැබේ.

ඉන්ධන ගැලපුම් ගාස්‌තු සියයට 40 ක්‌ සහ මාසික ස්‌ථාවර ගාස්‌තු රුපියල් 315 ක්‌ අයකරනු ඇත.

ඒකක 121--180

පළමු ඒකක 60 රුපියල් 10 බැගින්ද, ඒකක 61-90 රුපියල් 12.00 බැගින්ද, ඒකක 91-120 රුපියල් 26.50 බැගින්ද, ඒකක 121-180 රුපියල් 30.50 බැගින්ද වෙන වෙනම ගණනය කරනු ලැබේ.

ඉන්ධන ගැලපුම් ගාස්‌තු සියයට 40 ක්‌ද මාසික ස්‌ථාවර ගාස්‌තු රුපියල් 315.00 ක්‌ද අයකරනු ලැබේ.

ඒකක 180 ට වැඩි

පළමු ඒකක 60 රුපියල් 10 බැගින්ද, ඒකක 61-90 රුපියල් 12.00 බැගින්ද, ඒකක 91-120 රුපියල් 26.50 බැගින්ද, ඒකක 121-180 රුපියල් 30.50 බැගින්ද, ඒකක 180 ට වැඩි වූ විට රුපියල් 42.00 බැගින්ද ගණනය කරනු ලැබේ.

ඉන්ධන ගැලපුම් ගාස්‌තු සියයට 40 ක්‌ද, මාසික ස්‌ථාවර ගාස්‌තු රුපියල් 420.00 ක්‌ද අයකරනු ලැබේ.

නව විදුලි ගාස්‌තු සංශෝධනය අනුව ඒකක 61-90 දක්‌වා රුපියල් 4.50 කින්ද, ඒකක 91-120 දක්‌වා රුපියල් 5.50 කින්ද, ඒකක 121-180 දක්‌වා රුපියල් 6.50 කින්ද, ඒකක 180 ට වැඩි වූ විට රුපියල් 6.00 කින්ද ඒකකයක මිල ඉහළ නංවා ඇත.

පරිභෝජනය කළ විදුලි ඒකක ගණන සමස්‌ත ඒකකයක්‌ ලෙස සලකා විදුලි ගාස්‌තු ගණනය කිරීමට යෝජිත ගාස්‌තු ක්‍රමය නව විදුලි සංශෝධනය මගින් අහෝසි කර තිබේ.
 
Related Posts with Thumbnails