Ads 468x60px

.

සිමෙන්ති කොට්ට දහයෙන් ඕනෑම නිළියකට යහම්පත්ගේ ‘අල්ලස්’ පිටුව ඇරේ

ලංකාදීප කලා සංස්කාරක සමන්ත යහම්පත් එම පුවත්පතේ ටෙලි නාට්‍ය හා සිනමාවට නවක මුහුණු හදුන්වාදීමට අල්ලස් ලබා ගන්නා බව  වාර්තා වේ.ගල්කිස්ස ටෙම්පල් පාරේ ඉදිවන ඔහුගේ නිවසට සිමෙන්ති කොට්ට දහයක ආධාරයක් ලබාදීමෙන් ඕනෑම නිළියකට ඉදිරි සතියේදී එම පිටුවේ පෙනී සිටිමේ අවසථාව උදාකරගත හැකි බව වාර්තා වේ.

අමෙරිකාව සතුව තිබූ අන්තර්ජාල තාක්ෂණ ආධිපත්‍ය චීනය විසින් අභියෝගයට Yahoo මිලදී ගැනීමට සූදානම්

චීනයේ අලිබබා සමාගම විසින් ලොව ප‍්‍රමුඛතම තාක්ෂණ සහ අන්තර්ජාල සමාගමක් වන යාහු ආයතනය මිලදී ගැනීමට සූදානම් වන බව චීන වාර්තා සඳහන් කරයි. අභ්‍යන්තරයේ මතුවූ අර්බුදකාරී තත්ත්වයන් රැසක් හේතුවෙන් යාහු ආයතනය සමග මේ වනවිට ගැටලූකාරී තත්ත්වයකට පත්ව තිබේ.
දැනටද යාහූ සමාගමින් 40% ක කොටස් අලිබබා සමාගම යටතේ පවතියි. යාහු සමාගම ද මේ සදහා කැමැත්ත පලකර ඇති අතර මෙම ගණුදෙනුව මෙතෙක් අමෙරිකාව සතුව තිබූ අන්තර්ජාල තාක්ෂණ ආධිපත්‍ය චීනය විසින් අභියෝගයට ලක් කරනු ඇතැයි ජාත්‍යන්තර නිරීක්‍ෂකයෝ මත පල කරති.

දැවැන්ත ග‍්‍රාහකයක් පෘථිවිය ආසන්නයට, අවදානම් විය හැකියි

මීටර 3300 ක දිගකින් යුතු දැවැන්ත ග‍්‍රහකයක් පෘථිවිය ආසන්නයේ කක්ෂගත වෙමින් ගමන්කරන බව අමෙරිකානු අභ්‍යවකාශ ආයතනය සදහන් කරයි.අදාල ග‍්‍රාහකය කිසියම් ග‍්‍රහලෝකයකින් කැඞී ගිය කොටසක් ලෙස සැලකෙන අතර සෞරග‍්‍රහ මණ්ඩලය තුල වසර ලක්ෂ ගණනාවක් මෙම ග‍්‍රාහකය සැරිසරන බවද එම ආයතනය පවසයි.මෙම ග‍්‍රාහකය මඟින් පෘථිවිය යම් අවදානමකට ලක්විය හැකි බවත් එය ස්ථිර වශයෙන්ම පැවසීමට ග‍්‍රාහකයේ ගමන් මග නිරීක්‍ෂණය කිරීම සඳහා කෙටි කාලයක් ගතවනු ඇති බවටත් එම ආයතනය වැඩි දුරටත් නිවේදනය කරයි.

ලබන ජූලි මාසයට පෙර පබෝධාට, සහකරුවෙක් සොයයි

ජනපි‍‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝධා සංදීපනීට ඇගේ මව වන ගීතා කාන්ති ජයකොඩි සහකරුවෙක් සොයමින් සිටින බව වාර්තා වේ.ගීතාට සිය දියණිය ලබන ජූලි මාසයට පෙර විවාහ කර දෙන ලෙස ජෝතිෂ්‍යවේදීන්

ටෙලි නිළියන් සේ රඟන ගණිකාවන් සොයා වැටලීම්

ටෙලිනාට්‍ය නිළියන් ලෙස පෙනී සිටිමින් හෝබව අඟවමින් ගණිකා වෘත්තියේ නියැලෙන තරුණියන් සහ කාන්තාවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර ඇතැයි වාර්තා වේ.මොවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් ආවේක්ෂණ (සිවිල් ඇදුමෙන් සැරසුනු) නිලධාරීන් යොදා ගෙන අතැයි ද පැවසේ.

හමුදා නිලධාරීන්ගෙන් මත්පැන් ගඳින් ජයසිරිමා බෝ මළුව අපවිත්‍ර වෙයි

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ හැටදෙවන සංවත්සරයට සමගාමීව හමුදා ධජ ආශිර්වාද ගැන්වීම ජය ශ‍්‍රී මහාබෝ සමිඳුන් අභියසදී ඊයේ පෙරවරුවේ සිදුකෙරුණු අතර එය සඳහා සහභාගිවූ යුද හමුදා ප‍්‍රධානීන් බීමත්ව සිටි බව වාර්තාවේ.