Ads 468x60px

.

ටෙලි නිළියන් සේ රඟන ගණිකාවන් සොයා වැටලීම්

ටෙලිනාට්‍ය නිළියන් ලෙස පෙනී සිටිමින් හෝබව අඟවමින් ගණිකා වෘත්තියේ නියැලෙන තරුණියන් සහ කාන්තාවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර ඇතැයි වාර්තා වේ.මොවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් ආවේක්ෂණ (සිවිල් ඇදුමෙන් සැරසුනු) නිලධාරීන් යොදා ගෙන අතැයි ද පැවසේ.


ඔවුන්ගේ වැටලීම් පහසු කිරීමට අදාළ වැටලීම් සිදුකරන ස්ථානවලට ආසන්නයෙන් සහය පොලිස් කණ්ඩායම් ද යොදවා ඇතැයි වාර්තා වේ. මීට අමතරව, තරුණ නිළියන් ගණිකා වෘත්තියේ යෙදවීමේ ව්‍යාපාර සම්බන්ධ පිළිබඳව තොරතුරු රාශියක් සහ ඔවුන් ගැවසෙන ස්ථානයන් සම්බන්ධයෙන් තොරතුරු පොලීසියට අනාවරණය කර ගැනීමට හැකිව ඇතැයි ද පැවසේ.

එසේම නවක ටෙලිනාට්‍ය නිළියන් ඉහළ පෙළේ පුද්ගලයින් ඇතුලූ ගැනුම්කරුවන්ට සපයන ප‍්‍රධාන පෙළේ  සැකකාරියක ලෙස හඳුනාගෙන ඇති ‘සාවිත‍්‍රි මැඩම්’ නමැත්තිය අත්අඩංගුවට ගැනීමේ තවදුරටත් කි‍්‍රයාත්මක බව ද පොලිසිය සඳහන් කළේය.

පසුගිය සතියේ දී බත්තරමුල්ල ප‍්‍රදේශයේ හෝටලයක ගණිකා වෘත්තියේ නියැලි කාන්තාවන් තිදෙනෙක් ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.සැකකාරියන් වයස අවුරුදු 30 ට වඩා අඩු තැනැත්තියන් බව ද පැවසේ.
 
Related Posts with Thumbnails