Ads 468x60px

.

ලබන ජූලි මාසයට පෙර පබෝධාට, සහකරුවෙක් සොයයි

ජනපි‍‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝධා සංදීපනීට ඇගේ මව වන ගීතා කාන්ති ජයකොඩි සහකරුවෙක් සොයමින් සිටින බව වාර්තා වේ.ගීතාට සිය දියණිය ලබන ජූලි මාසයට පෙර විවාහ කර දෙන ලෙස ජෝතිෂ්‍යවේදීන්
විසින් ලබාදී ඇති උපදෙසක් අනුව ඇය මීට මාස කිහිපයකට පෙර සති අන්ත පුවත්පතක මංගල යෝජනා තීරයේ දැන්වීමක් පල කර ඇතැයිපැවසේ.

වයස අවුරුදු 29ක් වන නිවාස වාහන දායාද හිමි රූමත් පවුලේ එකම දියණියට සහකරුවෙකු සොයන බවට මෙය පලවී තිබූ බව ද වාර්තා වේ.රොෂාන් පිලපිටිය, අරවින්ද ලොකුගේ හා කි‍‍්‍රකට් කී‍‍්‍රඩක ගිහාන් රූපසිංහ සමග ද පබෝධාගේ සමීප සම්බන්ධකම් තිබූ බව පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කර තිබිණි.එසේම යොවුන් නළු විශ්වනාත් කොඩිකාර සමඟ හාදකමක් ඇතැයිපසුගිය කාලයේ රාවයකි තිබිණි.ඉකුත් රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී පබෝධා දක්ෂතම නිළිය ලෙස ද සම්මානයට පාත‍‍්‍ර වූවාය.

පබෝධා, මේ වසරේදී සිය රංගන දිවියට වසර 25 ක් සම්පූර්ණ කළාය.ඇය මුලින්ම රංගනයට අත්පොත් තැබුවේ ‘යශෝරාවය’ ටෙලිනාට්‍යයේ ළමා රංගන ශිල්පිනියක ලෙස වයස අවුරුදු හතරේදී ය.පබෝධා වයස අවුරුදු හයේදී හඬ කැවීම් ශිල්පිනියක් ලෙස ‘ඔෂීන්’ නාට්‍යයේ ඔෂීන්ගේ චරිතයට හඬ කැවමින් පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයට වූවාය.

කෙසේවුවද ඇය වසර අටක පමණ දීර්ඝ කාලයක් සිනමා රංගනයට විරාමයක් තබා මෑත කාලයේදී වැඩි කතාබහට ලක්වූ ‘සුපර් සික්ස්’ චිත‍‍්‍රපටයේ චරිතයක් සඳහා රංගනයෙන් දායක වූවාය.‘බහු භූතයෝ’ චිත‍‍්‍රපටය ඇය අවසන් වරට රඟපෑ සිනමා පටය වූ අතර, එම චිත‍‍්‍රපටයේ ඇයගේ රංගනය එක් දෙබස් කණ්ඩයකට පමණක් සීමාවීමවිශේෂිතය.එහිදී පබෝධා භූතයෙකුගේ චරිතයකට පණ පෙවූ අතර, ඇය එහිදී උච්චාරණය කළ එකම දෙබස් කණ්ඩය ‘තෙලට ද? මිරිසට ද?’ යන්න පමණි.
 
Related Posts with Thumbnails