Ads 468x60px

.

හමුදා නිලධාරීන්ගෙන් මත්පැන් ගඳින් ජයසිරිමා බෝ මළුව අපවිත්‍ර වෙයි

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ හැටදෙවන සංවත්සරයට සමගාමීව හමුදා ධජ ආශිර්වාද ගැන්වීම ජය ශ‍්‍රී මහාබෝ සමිඳුන් අභියසදී ඊයේ පෙරවරුවේ සිදුකෙරුණු අතර එය සඳහා සහභාගිවූ යුද හමුදා ප‍්‍රධානීන් බීමත්ව සිටි බව වාර්තාවේ.


ජෙනරල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිව සිටි වකවානුවේදී අනුරාධපුරයේදී සිදුකෙරෙන හමුදා ධජ ආශිර්වාද ගැන්වීමේ පිංකමට පෙරදින ඒ වෙනුවෙන් මස් මාංස අනුභවයෙන් හා මත්පැන් පානයෙන් තොරව පේවී සිටින ලෙස සියලූම හමුදා නිලයන්ට නියෝග දී තිබුණද ඊයේ පැවති පිංකමට සහභාගිවූ බොහෝ හමුදා නිලධාරීන් පෙරේදා රාත‍්‍රීයේ සිට ඊයේ අළුයම වනතෙක් මධුවිත පානය කරමින් මාධ්‍යවේදීන් සමඟ ‘පාටි දමා’ තිබේ.එම තත්ත්වය යටතේ ඊයේ පැවති උත්සවයකට සහභාගි වූ බොහෝ හමුදා නිලධාරීන්ගෙන් මත්පැන් ගද වහනය වූ බව එම උත්සවය වාර්තා කළ මාධ්‍යවේදියකු පැවසීය.
 
Related Posts with Thumbnails