Ads 468x60px

.

දොම්පේ සිද්ධිය පිළිබඳ තවදුරටත් පරීක්ෂණ. මරණ පරීක්ෂණය අද (01)

දොම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටියදී මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) සිදුකිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළා. එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ පරීක්ෂණ මේ වන විටත් කි‍්‍රයාත්මකයි. එම මළ සිරුර මේ වන විට ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.


දොම්පේ පොලීසිය භාරයේ සිටියදී සැකකරු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දොම්පේ ප‍්‍රදේශය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත්තා. එහිදී ප‍්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් පොලිස් ස්ථානයට දැඩි ලෙස පහර දුන් අතර පොලිස් පරිශ‍්‍රය තුළ ගිනි තැබීමක් ද සිදුවුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි පොලිස්පතිවරයා රහස් පොලීසියට ඊයේ (30) නියෝග කළේ. මේ වන විට දොම්පේ ප‍්‍රදේශයේ තත්ත්වය සාමකාමී බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මැක්සි ප්‍රොක්ටර් කියා සිටියා.

 ඊයේ (30) දොම්පෙ පෙලිසියේ ගින්න හටගෙන පැයකට පසු බියගම නිදහස් වෙළෙඳ කලාපයෙන් පැමිණි ගිනි නිවන රථය ගැමියන්ගේ විරෝධතා මත හරවා ගෙන යෑමට සිදු විය. එහෙත් පොලිස් විශේෂ කාර්ය බළකාය පොලිසියේ ළිදෙන් වතුර ඇද ගින්න නිවා දැමීය. කැරැලි මර්දන පොලිසිය හා යුද හමුදා බළඇණියක් පැමිණ පොලිස් භූමියේ සිටි පිරිස ඉවත් කළ බවත් ඔවුන් ඉන්පසු අවට මාර්ගවල රැස්වී සිටින බවත් දැකගත හැකියි. මියගිය තරුණයාගේ සිරුර ගම්පහ රෝහලට යවා ඇත.



ඊයේ (30) දොම්පේ පොලිසියට පහරදීමේ සිද්ධියෙන් පසු එතැනින් ඉවත් කැරුණු ගැමියෝ එහි සිට කිලෝමීටර තුනක් ඈතින් දෙකටන හන්දියේද, මූකලාන හන්දියේ ද, කඳුබොඩ ද මහා පාර මැද ටයර් පුළුස්සා සිය විරෝධය අයුරු .


 
Related Posts with Thumbnails