Ads 468x60px

.

හෙළ උරුමය හලාල් පිළිබඳව ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවේ හඬපට සහ ඡායාරූප...

සිංහල අවුරුද්දට පෙර හලාල් ඉවත්කර ගන්න නැත්නම් සියළු නිෂ්පාදන වර්ජනය කරනවා.

ලබන සිංහල සහ හින්දු අලූත් අවුරුද්දට පෙර සිය නිෂ්පාදන වලින් හලාල් සහතිකය ඉවත් කරන්නැයි ජාතික හෙළ උරුමය සියලූම ආයතනවලින් ඉල්ලීමක් කරනවා.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසුවේ එසේ නොවන්නේ නම් ජාතික හෙල උරුමය ලෙස ඊට එරෙහිව පියවර ගැනීමට සූදානම් බවයි.

‘ජමිතුල් උලමා සංවිධානයට කිසිම නීත්‍යානුකූල අයිතියක් නෑ ආහාර පිළිබඳව හෝ වෙනත් ද්‍රව්‍ය පිළිබඳව හෝ වෙනත් නිෂ්පාදන පිළිබඳව සහතික නිකුත් කරන්න. ප‍්‍රභාරන් රට බෙදන්න හැදුව. ජමිතුල් උලමා ආගමික විදිහට සමාජය බෙදන්න හදනවා. මේක පැහැදිලි බලහත්කාරයක්. 

ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා සියළුම නිෂ්පාදන ආයතනවලට වහාම හලාල් නොවන දේ මේ රටේ බෞද්ධ ජනතාවට හින්දු ජනතාවට කිතුනු ජනතාවට ආහාරයට ගැනීමේ අයිතියට අත තියන්න එපා. ඒක වහාම ඒ අය කල යුතුයි ලබන සිංහල අවුරුද්දට ප‍්‍රථම. නැතිනම් අපිටත් සිද්ද වෙනව ඒ පිළිබඳ බහුජන ක‍්‍රියාමාර්ග ගන්න.

අපි බොහොම පැහැදිලිව ආයතන සියල්ලෙන්ම ඉල්ලා සිටිනව ආහාර නිෂ්පාදන ආයතන සහ වෙනත් ආයතනවලින් මේ රටේ 91%ක් වෙච්චි බෞද්ධ හින්දු කිතුනු අයට ආහාරයට ගන්න පුළුවත් දේ ඒ අය වෙළඳ පලට නිකුත් නොකලොත් අපටත් ඒ පිළිබඳව ක‍්‍රියාමාර්ග ගන්න වෙන බව බොහෝම පැහැදිලිව කියනව.’ යනුවෙන්ද අමාත්‍යවරයා එහිදී අදහස් පල කලේය.

ජාතික හෙළ උරුමය හලාල් පිළිබඳව පැවැත්වූ ආන්දෝලනාත්මක මාධ්‍ය හමුව 2013-02-14 හඬපට සහ ඡායාරූප පහතින්...

Patali Champika Ranawaka - Mp3 (1) (9.3MB, 27Min.)



Patali Champika Ranawaka - Mp3 (2) (4.6MB, 13Min.)



Ven. Athuraliye Rathana Thera - Mp3 (4.8MB, 14Min.)



Udaya Gammanpila - Mp3 (4MB, 11Min.)



 
 
 
 
Related Posts with Thumbnails