Ads 468x60px

.

දමිතාට දැන් ඇතිවෙලාලු

පසුගිය දින කිහිපයේ සිට දැඩි ප‍්‍රහාරයට ලක් වූ ජනපි‍්‍රය සිනමා සහ ටෙලි නිලි දමිතා අබේරත්න ඇය සම්බන්ධයෙන් පළ කිරීමට යෙදුනු ප‍්‍රවෘත්ති සම්බන්ධයෙන් ස්වයං පැහැදිලි කිරීමක නිරත වූවාය.ඇය පවසා සිටියේ, ඈ සම්බන්ධයෙන් පළ කළ ප‍්‍රවෘත්ති පදනමකින් තොර අසත්‍ය ඒවා බවයි. එහෙත්, ඒ සෑම ප‍්‍රවෘත්තියක් සඳහා  ඊට ඇයගේ ප‍්‍රතිචාරය වූයේ, ඒවා තමාට එරෙහි කණ්ඩායම් විසින් ගොතන ලද ඒවා බවයි.
උදාහරණයක් ලෙස මෙම ප‍්‍රශ්නයට විෂය වූ රුවන්වැල්ලේ සෝභිත හිමියන්ගේ ප‍්‍රවෘත්තිය සම්බන්ධව ඇය සඳහන් කර සිටියේ, එම තැනැත්තා ඇය හඳුනන බවත්, ඇයට ඔහු දුරකතන ඇමතුම් ලබා දෙමින් සැපදුක් සොයා බලන බවත්, ඇයගේ හා ඔහුගේ ඡායාරූප ඇති බවත්, ඒ හැරෙන්නට කිසිදු අයථා සම්බන්ධයක් ඔහු සමග නොමැති බවත්ය.

මීට අමතරව, ඇය විශේෂයෙන්ම සඳහන් කර සිටියේ අද සිනමා, ටෙලි නාට්‍ය ක්‍ෂෙත‍්‍රයේ විනයක් සහ ගරුත්වයක් නොමැති බවත්, තමන්ගේ නිර්මාණ අලෙවි කර ගැනීම සඳහා නිලියන් විවිධ දේශපාලනඥයින් හා නිලධාරීන් සමග නිදි වැදීමට වුව සූදානම් බවය. මේ පිළිබඳව  ඕනෑ තරම් සාක්‍ෂි තමා සතුව ඇති බවත්, තමාට කොතරම් පහර දුන්නත් තමා ඒවා හෙළි නොකරන බවත්ය. ඇය අවසාන වශයෙන්  ඉල්ලා සිටියේ, ඇයට එරෙහිව කරන මෙම නිර්දය පහරදීම නවතා දමන ලෙසත්, එය තමාගේ කලා නිර්මාණ දිවියට විශාල බාධාවක් බැවින් සානුකම්පිතව කරුණු සලකා බලා කටයුතු කරන ලෙසත්ය.

ජනපි‍්‍රය සිනමා සහ ටෙලි නිලි දමිතා අබේරත්න හට සදාචාරාත්මක සීමාවන් ඉක්මවා යමින් යම් යම් වෙබ් අඩවි  වලට පහරදීමට සිදු වූයේ, සමහර වෙබ් අඩවි ශී‍්‍ර ලංකාව තුළ වාරණයට ලක් කිරීමත් සමගය. එකී වාරණයට ඇයගේ එන්තරවාසිය විශාල දායකත්වයක් සැපයූ නිසාම, ඇයව නිර්දය ප‍්‍රහාරයට ලක් කිරීමට සිදුවිය. එය ඇය වැනි ළඳ බොළඳ යුවතියකට දරාගත නොහැක්කක් බව පිළිගනිමු.
 
Related Posts with Thumbnails