Ads 468x60px

.

දුමින්ද දැන් ඉන්න හැටි (පින්තූර)

ඔලුවේ හරහට ලොකු පැලුමක්..

නීතිඥයින් ෆොටෝ උසාවියට ගෙනෙයි...

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා කොළඹ නවලෝක රෝහලේ රඳවා සිටින කාමරයට පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා සැකකාර දුමින්ද සිල්වා යන අය ලබන 14 වැනිදා බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දෙපාර්ශවයේ නීතිඥයින් හා රහස් පොලිස් නිලධාරින් අධිකරණය හමුවෙහි කරුණු දැක් වූ අතර ඉන් අනතුරුව නවලෝක රෝහලට ගොස් සැකකාර දුමින්ද සිල්වාගේ තත්ත්වය සොයා බලා නියෝගයක් ලබා දෙන බව මහේස්ත්‍රාත්වරයා අධිකරණයට
පැවසුවා.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නවලෝක රෝහලට අද පැමිණි
අතර පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා පැවසුවේ දුමින්ද සිල්වාට කර තිබෙන සැත්කම් අනුව ඔහු රෝහලෙන් පිටතට ගෙන ගියහොත් තුවාල වලට විෂබීජ ඇතුළු වී මරණය පවා සිදුවන්නට ඉඩ තිබෙන බවයි.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ දුමින්ද සිල්වා ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වෙඩි වැදීමෙන් තුවාල ලබා විදේශගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර
ඊයේ අලුයම යළි දිවයිනට පැමිණියා.

DumindaS 600px08 13 03 05

DumindaS 600px07 13 03 05

DumindaS 600px06 13 03 05

DumindaS 600px05 13 03 05

DumindaS 600px01 13 03 05

DumindaS 600px02 13 03 05

DumindaS 600px03 13 03 05

DumindaS 600px04 13 03 05
එහි සිරස වීඩියෝව පහතින්

දුමින්ද සිල්වා අඩංගුවට ගත්තා - රහස් පොලිසිය
දුමින්ද නැවත ලංකාවට ඇවිත්...
 
Related Posts with Thumbnails