Ads 468x60px

.

භාරතට සමුදෙන්න කොලොන්නාව සූදානම් - ජපුර රෝහලට නව සභාපතිවරයෙක්


හිට‍පු පාර්ලිමේන්තු මන්ත්‍රී වෘත්තීය සමිති කටයුතු පිළිබද ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු සඳහා කොලොන්නාවේ ජනතාව සූදානම් වන බව එහි සිටින අප වාර්තකරු පවසයි.මේ වනවිට දේහය කොලොන්නාවේ පිහිටි උමගිලිය ක්‍රීඩාංගණය වෙත රැගෙනවිත් තිබේ.

ශෝකයට පත් කොලොන්නාව ජනතාව ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටිති.
එහි සිටින අප වාර්තාකරු පවසන්නේ අග්‍රාමාත්‍යවරයා, මැති ඇමතිවරුන් හා එක්සත් ජාතික පක්ෂයේ නිායා්ජ්‍ය නායක කරූ ජයසූරිය මහතා ඇතුළු පිරිසක් අවමංගල්‍ය උත්සවයට සහභාගි වී සිටින බවයි.
මේ වනවිට ( 10/12/2011 පස්වරු 4.37 ) සර්ව ආගමික වතාවත් පැවැත්වෙන බව ද අප වාර්තාකරු ප්‍රකාශ කළා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට නව සභාපතිවරයෙක්

ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ නව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකුවන නිමල් බණ්ඩාර පත් කර තිබේ.


සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන විසින් එම පත්වීම කරනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල ද පත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ තීරණයක් මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ විසුරුවා හරිනු ලැබිණි.
 
Related Posts with Thumbnails