Ads 468x60px

.

ජනතා සෝ සුසුම් මැද භා‍රත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රයන් දැයෙන් සමුගනී


මුල්ලේරියාවේ වෙඩි තැබීමකින් මියගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිලිබඳ අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා අද දැයෙන් සමුගත්තේය.අවසන් කටයුතු කොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේදී සිදු කෙරිණි.රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවති අවමංගල උත්සවය සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී විය.

අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහ විපක්ෂය ඇතුළු දේශපානඥයින් රැසකගේ සහභාගීත්වයෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවති අවමංගල උත්සවය සඳහා විශාල පිරිසක් සහභාගී විය. රජය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දී.මූ ජයරත්න සහ විපක්ෂය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය ඇතුළු දේශපානඥයින් රැසක් ද එම අවස්ථාවට සහභාගි වූහ.

භාරත ලක්ෂමන් ප්‍රෙමචන්ද්‍ර මහතාගේ දේහය අද පස්වරුවවන තෙක් කො‍ලොන්නාවේ, පිහිටි ඔහුගේ නිවසේ තැම්පත් කර තිබුණි.

ඒ අනුව ඊයේ රාත්‍රියේ  මෙන්ම අද දිනයේත් දේශපානඥයින් ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්විය.

ප්‍රේමචන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාත‍්‍රී 7 ට පමණ කොලොන්නාව උමගිලිය ක‍්‍රීඩාගංගනයේදී සිදු කෙරිණි.

භාරත ලක්ෂමන් ප්‍රෙමචන්ද්‍ර මහතාගේ දේහය ඊයේ පස්වරුව වන තෙක් කො‍ලොන්නාවේ, පිහිටි ඔහුගේ නිවසේ තැම්පත් කර තිබුණි.

අනුව ඊයේ දිනයේත් දේශපානඥයින් ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වුහ.

අවමංගල්‍ය කටයුතු නිමා වන තෙක් ප‍්‍රදේශය පුරා විශාල හමුදා සහ පොලිස් ආරක්‍ෂාවක් යොදා තිබිණි.


 
Related Posts with Thumbnails