Ads 468x60px

.

හුස්ම ගන්න බැරිව මම කෑ ගැහුවා - නදීෂාගේ ඩිකියේ ඇබැද්දිය

නදීෂාගේ ඩිකියේ ඇබැද්දිය මේ දිනවල ජනපි‍්‍රය මාතෘකාවක් වී ඇතැයි ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.නදීෂා පසුගියදා සතිඅන්ත පුවත්පතකට පවසා තිබුණේටේ‍්‍රන් ටු කැන්ඩි චිත‍්‍රපටයේ රූගත කිරීමක් සිදු කිරීමේදී මෝටර් රථයක ඩිකියක සිරවීම නිසා හුස්ම ගැනීමට අපහසුවීම තම රංගන දිවියේ අමතක නොවන සිද්ධියක් බවයි.


මෙම පුවත පලවීමත් සමඟ නදීෂාට මනාප පේ‍්‍රක්‍ෂකයන් මෙන්ම ඇගේ යහළු යෙහෙළියන්ද ඇගෙන් මේ පිළිබඳනිතර නිතර විමසා ඇතැයි ක්ෂේත‍්‍ර ආරංචිමාර්ගවලින් වාර්තා වේ.ඇය මේ පිළිබඳව අදාළ පුවත් පතට පවසා තිබුනේ මෙසේය.

’ද ටේ‍්‍රන් ටු කැන්ඩි චිත‍්‍රපටියේ රූගත කරන වේලාවේදී මාත් තවත් පොඩි නංගි කෙනෙකුත් වාහනේ ඩිකියට දාලා වාහන දර්ශනයක් රූගත කරන්න තිබුණා. අපි දෙන්නව ඩිකියට දැම්මට පස්සේ එතන ඉඩ මදිකමින්  හුස්ම ගන්න බැරිව සෑහෙන  අපහසු තාවයකට පත් වුණා. ඉතිං මම කෑගහුවා. ඉක්මනට එළියට ගන්න කියලා. රූගත කිරීම් නිමකරලා ඩිකියේ දොර අරින වෙලාවෙයිගොල්ලො දැනගත්තේ මම ඇත්තටම කෑ ගහලා තියෙන්නේ හුස්ම ගන්න බැරුව කියලා.’’එදා ඒ සිදුවුණ සිදුවීම නිසා මාව මොන තරම් කම්පනයට පත්වුණාද කිව්වොත් අදටත්සිද්ධිය මතක් වෙද්දි මගේ හුස්ම හිරවෙනවා’ යැයි ඇය වැඩිදුරටත් පවසි තිබුණි.

නදීෂා පසුගිය කාලයේදී වඩාත් ජනපි‍‍්‍රයත්වයට පත්වූයේ තෙලිඟු‍ විත‍‍්‍රපටයක රඟපෑමේ වරම් ලැබීම නිසාය.
ඇය මෙලෙස සිය රංගන දායකත්වය සපයා ඇත්තේ ආර්.වී. උදය කුමාර් නැමැති ජනපි‍‍්‍රය දමිළ චිත‍‍්‍රපට අධ්‍යක්ෂවරයාගේ ’මිස්ටර් රාස්කල්’ චිත‍‍්‍රපටය සඳහාය.එසේම ඇත්කඳ ළිහිණි ටෙලිනාට්‍ය හරහා ඇය ටෙලි නාට්‍ය නිෂ්පාදනයට අතගැසුවාය.නදීෂාට රීල් ඇන්ඞ් ට‍‍්‍රැක් නමින් නිෂ්පාදන හා අලෙවිකරණ ආයතනයක්ඇත.


Nadeesha029gossiplankaNadeesha Hemamali Hot Bikini Shows (4)
 
 
Related Posts with Thumbnails