Ads 468x60px

.

ගීතා සතුටින් - මෙත්සිරි පළමු ස්ථානයට

ඉකුත් ගාල්ල මහ නගර සභා මැතිවරණයේදී ප‍්‍රසිද්ධ සිනමා නිළි හා චිත‍්‍රපටි නිෂ්පාදිකා ගීතා කුමාරසිංහ මහත්මිය සිය වැඩි ශක්තිය ලබාදුන් අපේක්‍ෂකයකු එම නගරසභාවේ පළමු තැනට පත්වීම සම්බන්ධයෙන් ඇය මේ දිනවල සතුටින් සිටින බව වාර්තා වේ.



මනාප 10,700 ක් ලබාගත් ගාල්ල හිටපු පුරපති මෙත්සිරි සිල්වා මහතා මෙසේ එම මහනගර සභාවේ වැඩිම ඡන්ද ලබාගනිමින් පළමු ස්ථානයට පත්ව තිබේ.මීට පෙර ද ඇය සරසවි පුවත්පතට අදහස් දක්වමින් පවසා තිබුණේ මෙසේය.’ගාල්ල නගර සභා ඡන්දය වෙනුවෙන් මම පසුගිය දවස්වල ගොඩක් වෙහෙසුනා. විශේෂයෙන්ම ගාල්ල හිටපු පුරපති මෙත්සිරි සිල්වා මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙනුයි ඒ කැපවීම් කළේ,’ යැයි ඇය මෙම පුවත්පතට පවසා තිබුණි.

කේ.ඒ.ඩබ්. පෙරේරා මහතාගේ ’වාසනා’ චිත‍්‍රපටියෙන් සිය සිනමා දිවිය ආරම්භ කළ ගීතා කුමාරසිංහ මේ වන විට චිත‍්‍රපටි 80ක පමණ රඟපා ඇත.මීට අමතරව ඇය පාලම යට, සළඹක් හඬයි, ලොකු දුව, අනුරාගේ අනන්තය, වාසුලි හා ගීතා වැනි චිත‍්‍රපට ද නිෂ්පාදනය කළාය.
 
Related Posts with Thumbnails