Ads 468x60px

.

භාරතගේ අවසන් කටයුතු බදාදා,වෙඩි තැබීමෙන් තවත් අයෙකු මරුට

මුල්ලේරියාවේදි වෙඩි වැදී මියගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ අවසන් කටයුතු ලබන බදාදා සිදුකිරිමට නියමිතය.ඥාතීන් පැවසුවේ කොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේදි අවසන් කටයුතු සිදු කිරිමට තීරණය කර ඇති බවයි.



භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දේහය කොලොන්නාවේ පිහිටි ඔහුගේ නිවසට අද දහවල් රැගෙන ගියේය.හිටපු මන්ත්‍රීවරයාට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටී.


 මුල්ලේරියාවේ වෙඩි තැබීමෙන් තවත් අයෙකු මරුට
 මුල්ලේරියාව ප්‍රදේශයේ පෙරේදා සිදුවූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් ආරියවංශ පැවසුවේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා ඊයේ රාත්‍රියේ මියගිය බවයි.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ද ඇතුළුව එම සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව  4 කි.
 
Related Posts with Thumbnails